පසුගිය ජනවාරි 12 වන දින රුපියල් අසූපන්දහසක් වටිනා අයිපෑඩ් එකක් සොරකම්කලනිරුපිකාවක අධිකරණයේදී සිය වරද පිළිගෙන ඇත.මෙසේ අයිපෑඩ් උපකරණය සොරාගෙන ඇත්තේ සකුරා සෞම්‍යා කුමාරි බණ්ඩාරනායක නිරුපිකාවකි.පසුගිය ජනවාරි මස 12 දින මෙම නිරුපිකාව කොල්ලුපිටිය කේරස්කැට් සාප්පු සංකීර්ණයේ පිහිටි මොනාච්චි හවුස් ආයතනයට දැන්වීමක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ගොස් ඇත.
පසුව එහි අයිතිකරු ඇය සමඟ සාකච්ඡා කර ඔහු එම වෙළෙඳ ආයතනයේ ඇතුළට ගිය අතරතුර ඔහුගේ අයිපෑඩ් එක මෙම නිරුපිකාව විසින් සොරකම්කොට ඇත.ඒ අනුව එම ව්‍යාපාරිකයා කොල්ලුපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම නිරුපිකාව අත්අඩංගුවට ගනු ලැබුණි.
මෙම නිරුපිකාවට දඬුවම් නියමකිරිම කොටුව මහෙස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් මාර්තු 7 දිනට කල් තබා ඇත.
එම නිරුපිකාව පෙනී සිටි වීඩියෝවක් පහතින් බලන්න
Last edited:
