iPhone විකුණුම ප්‍රථම වරට අඩුවෙයි
තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරන iPhone ස්මාට්ෆෝන් උපාංගයේ විකුණුම මෙතෙක් වාර්තා කළ අඩුම වර්ධනය වේගය වාර්තා කර ඇති බව එම සමාගම පවසයි.
වසර 2007දී වෙළඳ පළට නිකුත් කරන ලද මෙම ජංගම දුරකථනයේ විකුණුම මෙම කාර්තුවේදී ප්‍රථම වරට පහත වැටෙනු ඇති බවද එම සමාගම තවදුරටත් අනතුරු අඟවා තිබේ.
වසර 2015 සැප්තැම්බර් මස 27වනදා සිට ආරම්භ වන එම සමාගමේ පළමු කාර්තුවේදී iPhone දුරකථන වල විකිණුම මිලියන 74.8ක් වූ අතර එය ඊට පෙර වසරේ පළමු කාර්තුවේදී වාර්තා කළ මිලියන 74.5 හා සසඳන විට සුළු වර්ධනයක් පමණි.
එමෙන්ම මීළඟ කාර්තුව සඳහා අපේක්ෂිත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 50ත් 53ත් අතර වූ අගයක් වන අතර පසුගිය වසරේ එම කාර්තුවේදී ඇපල් සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 58ක ආදායමක් උපයා තිබේ.
iPhone දුරකථන වෙළඳ පළට එක් කිරීමෙන් පසු වාර්තා වන ප්‍රථම පහත වැටීම මෙය බව එම සමාගම වාර්තා කරයි.
කෙසේවෙතත්, 2015 වසරේ දෙසැම්බර් 26 වනදායින් නිමා වූ ඇපල් සමාගමේ පළමු කාර්තුවේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 75.9ක් වූ අතර ශුද්ධ ලාභය ඇමෙරිකානු ඩොලර් 18.4කි.
එම ආදායමෙන් 68%ක් දුරකථන විකුණුම හරහා ලබාගෙන තිබේ.

දැනටත් චීනේ xiaomi වගේ කොම්පැනි හින්දා තමා අයිෆෝන් වලට ඔය දේ වෙලා තියෙන්නේ..කරගන්න පුළුවන් හැමදේම ලාබෙට කරගන්න ෆෝන්ස් ගන්න තියෙද්දී අයිෆෝන් ගන්නේ මොකටද කියලා මිනිස්සු හිතනවා ඇති.

note 5 eka ehema niyamai,display eka iphone 6s ekata wada hugak hodai
anika iPhone eka dena price ekata worth ne