බැටරි හෙල්ත් එක පෙන්නන එක තමයි ලොකුම අවුල. වෙන වැඩ නැති මෝඩ උට්ටලා ඕක බල බල ඉන්නව. ඕක පේන්නැතිවෙන්න හදලා එකපාරට ෆෝන් එක ඔන්වෙන්නෙ නැති වෙනකල් පාවිච්චි කරන්න හැදුවනං ඉවරයි
මේක නං ඇත්ත
සමහරු හිතං ඉන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වල මෙහෙම වෙන්නෙ නැහැ කියලා මොකද ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල බැටරි හෙල්ත් එක පෙන්නන්න තැනක් නැහැනේ. බැටරියෙ කෙමිකල් ටික ක්ශය වෙන දෙයක් මොනවා කරත් ඒක නතර කරන්න බැහැ. වැඩිය කියන්නෙ යූස් නොකරම තිබුනත් ඒ කෙමිකල් ක්ශය වෙලා යනවා
ලිතියම අයන් බැටරි හෙල්ත් එක ගොඩක් කල් හොඳට තියාගන්න ඕන නං මේව කරන්න (ෆෝන් ලැප්ටොප් ඕනම එකක)
පුලුවන් තරං 20% - 80% අතර බැටරියෙ චාජ් එක තියාගන්න ( 80%දි චාජ් වෙන එක නතර කරලා 20%ට අඩු වෙන්න කලින් චාජරේට ගහන්න)
හැමදාම බැටරිය චාජරේට ගහන්න එපා අනවශ්‍ය විදියට චාජ් කරන්න එපා, බැටරිය 50%ක් වගේ නං තියෙන්නෙ ඊලඟ දවසෙත් යූස් කරල බැටරිය තව ටිකක් බැස්සට පස්සෙම චාජරේට ගහන්න. මම දැකලා තියනවා සමහරු හරි ආසයි බැටරිය 90% ගනන් වල තියනවා දකින්න. 80% විතර උනු ගමන් චාජරයක් හොයලා ගහනවා එහෙම කරාම බැටරිය ඉක්මනට කෙලවනෙවා
සමහර ෆෝන් වල 80%න් චාජ් වෙන එක නතර කරන්න කියලා ඔප්ශන් එකක් තියනවා, ඒක දැම්මම long term බැටරියට හොඳයි
වැදගත්ම දේ තමයි ෆාස්ට් චාජර් වලට නොගහ ඉන්න එක. බැටරි කෙලවෙන්න තියන ලොකුම හේතු වලින් එකක් ෆාස්ට් චාජ් කරන එක. ඔය මහා වොට් ගනන් චාජ් කරනවා කියන්නෙ බැටරිය ගොඩක් රත් වෙනවා සහ බැටරි හෙල්ත් එක ගොඩක්ම ඉක්මනට කෙලවෙනවා කියන එක. මම නං කරන්නෙ 5W චාජර් එකෙන් overnight charge කරන එක. මම නිතරම ලැප් එකේ ඉන්න නිසා ට්‍රැවල් කරන වෙලාවට ඇරෙන්න අනික් වෙලාවල් වලදි මගේ ෆෝන් එකේ බැටරි දවස් 2+ තියනවා,එතකොට මට නිතරම චාජ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ට්‍රැවල් කරන දවස් වලට දවසක් තියනවා