IS ත්‍රස්තයන් අතින් දුෂණය වූ ඇගේ කතාව

cultexplorer

Member
Dec 17, 2017
31
14
0
IS ත්‍රස්තයන් අතින් දුෂණය වූ ඇගේ කතාව

ඇය උතුරු ඉරාකයේ Kocho ගම්මානයේ ජිවත් වූ 21 වියෑති යෂිදි තරුණියක්‌.ඇයත් ඇගේ පව්ලත් කෘෂිකර්මාන්තය ජිවන වෘර්තිය කරගනිමින් ඉතා සුන්දර ජිවිතයක් ගත කළා.
එහෙත් 2014 අගෝස්‌තු 3 වැනිදානම් ඔව්න්ට සුන්දර දවසක් වුණේ නැහැ..යෂිදි ජනයාට විරුද්ධ ISIS මූලධර්මවාදී සටන් කණඩායම් ගම ආක්‍රමණය කරන්නට පටන් ගත්තේ ඒ සාමකාමී ජිවිත අව්ල්කරමින්. ඔවුන් පිරිමි යෂිදිවරුන් හා වැඩිහිටි ගැහැනුන් 600ක්‌ පමණ මරා දැමූ අතර යෂිදි තරුණ ගැහැනුන් 6,700 කට වැඩ පිරිසක්‌ වහල් කඳවුරක ගාල්කළා. පැන යාමට උත්සාහ කළ වුන් අල්ලා ගත් පසු ඔවුන් සිගරට්‌වලින් පුලුස්‌සා, පහර දුන්නා වගේම ලිංගික දූෂණයට ද ලක්‌ කළා. නදියා මිනිසුන් 12 දෙනකු අතින් දූෂණයට ලක්‌ වූ බව ඇය පසුව ප්‍රකාශයක්‌ කර තිබෙනවා. 2017 ජුනි මාසයේදී නදියා මේ වදකගාරයෙන් පලා එමෙන් අනතුරුව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණඩල කාර්යාලයේදී ඇය තම කටුක අත්දැකීම් අළලා කළ දේශනය සැමගේ සිත් දැඩි කම්පනයට පත්කළා.

මේ ඒ දේශනායි.

මගේ නම නදියා මුරාඩ්. මේ සිදුවීම වන කොට මගේ වයස අවුරුදු 21ක්‌. කවදා හෝ ගායිකාවක වීමේ සිහිනයක්‌ මට තිබුණා. ඒ වගේම ඉතිහාසය උගන්වන ගුරුවරියක්‌ වීමටත් වේෂ නිරූපණ ශිල්පිනියක්‌ වීමටත් මම සිතාගෙනයි සිටියෙ. ඒ සිහින සියල්ල බොඳ වෙලා ගියේ හිතාගන්නවත් බැරි වේගයෙන්.අපි යදිෂිවරු. ඉරාක මුස්‌ලිම්වරු අප සමඟ වෛරයකින් සිටියේ. මගේ පවුලේ 8 දෙනකු සිටියා. අපි ඉතා චාම් සාමකාමී ජීවිතයක්‌ ගතකළේ. 2014 අගෝස්‌තු 3 වැනිදා ISIS කැරලිකරුවන් අපව වට කළ පසුව අප සතු සියල්ල අපට අහිමි වුණා.

බොහෝ නිවැසියන් අසළ වූ කඳුකරයට පලා ගියා. එසේ යා නොහැකි වු 3000ක්‌ පමණ දෙනා ඝාතනයට ලක්‌ වුණා. ආබාධිත අය, රෝගී වූවන්, වැඩිහිටි අය හා දරුවන්ද ඇතුළුව කඳුකරයට පලා යාමට අපට කාලය මදි වුණා. අපි උදව් ඉල්ලුවා ඒත් කිසිම උදව්වක්‌ ලබා ගන්නට අපට හැකි වුණේ නැහැ. කැරල නායක අමීර් කීවේ සියලු යදිසිවරුන් පොලොවෙන් අතු ගා දමන බවයි. අප මර බයෙන් හිටියේ. උන් අපේ කණකර ආබරණ ගලවා ගත්තා. හැඳුනුම්පත්, මොබයිල් ෆොන් ද අර ගත්තා. ඉන් පසුව අප අතර සිටි වැඩිහිටි අයව පාසලින් එළියට රැගෙන ගිහින් වෙඩි තියලා මරලා දැම්මා. අප අපේ ජීවිතයේ ඉතාම අප්‍රසන්න දුක්‌මුසු දැක්‌ම ජනේලයක්‌ තුළින් බලා සිටීමට තරම් අවාසනාවන්ත වුණා. ඊළගට අවිවාහක ගැහැනු කෙල්ලන්, වැඩිහිටි ගැහැනු එළියට ගත්තා. කෙල්ලන්ට හැර අනිත් අයට ද වෙඩි තබා මරා දැම්මා. මගේ මවත් ඒ අතර සිටියා. මගේ ජීවිතයේ මා දුටු අවාසනාවන්තම දර්ශනයයි.

පිරිමි ළමයි උන්ගේ පුහුණු කඳවුරුවලට යොමුකරනු ලැබුවා. ඊළගට ආවේ අපේ වාරයයි. ඒත් උන් අපට වෙඩි තැබුවේ නැහැ. එතැන සිටියා 25, 26 වයසේ කෙල්ලන් 150ක්‌ විතර. උන් අප රාත්‍රියේම බස්‌වල පටවා රැඳවුම් කඳවුරට ගෙන ගියා. අප එසේ ගෙන ගිය පසුවයි අපට උන්ගේ තිරිසන් අරමුණ පැහැදිලි වුණේ. උන්ට ඕනෑ වී තිබුණේ උන්ගේ කාම පිපාසය අපගෙන් නිවා ගැනීමටයි. මෙහි නෑවිත් අපටත් වෙඩි තබා දැම්මා නම් හොඳ යයි අපට සිතුනේ උන් එකිනෙකා අපව එදා රාත්‍රියේ දූෂණය කරන්ට පටන් ගත් විටයි. මා ළගට පැමිණි පළමු වැනි මිනිසා ගෙන් ගැලවීමට මා හැකි තරම් වෙර දැරුවා කෑගැසුවා.අඬුවා. එත් පලක්‌ වුණේ නැහැ. උන් අපව කුලියට දුන්නා. විකුණුවා. පලා ගිය වුන්ට දස වධ දුන්නා. සිගරට්‌වලින් පිලිස්‌සුවා. පහර දුන්නා. මේ අන්දමින් ඒ අපායේ අප අවරුදු 3ක්‌ සිටියා. ඒත් නොසිතූ ලෙස දවසක්‌ මට ගැලවී යැමට අවස්‌ථාව සැලසුණා. වැසීමට අමතකවූ කවුළුවකින් මම හොර රහසේ පැන ගත්තා. අසල් වැසි ගෙදරක්‌ මට රැකවරණය දුන්නා.

අගමැති ඩේව්ඩ් කැමරන් මහතා අපට නැවත සාමය ලබාදීමට කටයුතු කිරීම ගැන ස්‌තූති වන්ත වෙනවා. එහෙත් අප විඳි ගොරහැඩි දුක්‌ කන්දරාවත්ට එම සාමය පමණක්‌ සෑහෙන්නෙ නැති බවයි අපට වැටහෙන්නේ.
අපට ඕනෑ ඉහත කී කෲර අමානුෂික දේවලට වඩාත් බරපතළ ක්‍රියා දාමයක්‌. අන්තර්ජාතික වශයෙන් සියලු ගැහැනුන් , ළමයින් හා දරුවන් සඳහා. මෙතෙක්‌ සොයා ගනු ලැබූ මිනී වළවල්වල සැතපෙන ආත්මයන් හා සොයා නොගත් අතුරුදහන් වූ දහස්‌ ගණන් මිනිසුන් වෙනුවෙන් එමෙන්ම කඳවුරුවල කුසගින්නේ මිය ගිය දහස්‌ ගණන් අසරණයන් වෙනුවෙන් සෑහෙන ක්‍රියාදාමයක්‌.
එමෙන්ම මේ අන්දමින් ලිංගික ගොදුරු බවට පත් වූ අවසාන ගැහැනු ළමයාත් මා විය යුතු බවට පිළිගත හැකි සහතිකයක්‌. ඒ වගේම ලොව සියලුම රාජ්‍යයන්ට මා හඬ නගා කියන්නේ මින් මතු කිසිම ගැහැනු දරුවකුට, ගැහැනියකට අපට සිදුවූ මේ දේ යළි සිදුනොවීම සඳහා මේ කුරිරු ත්‍රස්‌තයන්ට එරෙහිව එකා මෙන් නැගී සිටිය යුතු බවයි.

නදියා මුරාඩ් ලොව මහත් ගෞරවයට පත් වුවා පමණක්‌ නාව නොබෙල් ත්‍යාගය සඳහාද යෝජනා කර තිබෙනවා.දැනට ඇය ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන අතර ඇය තම කටුක අත්දැකීම් අළලා The Last Girl නමින් ග්‍රන්ථයක්‌ද 2017 දී ප්‍රකාශයට පත්කර තිබෙනවා.