ISIS_නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් න&#3538

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ISIS_නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් න&#3538

    ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රහාර පලිගැනීමක් -ISIS නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසයි

    1556587014-isis_L.jpg

    ශ්‍රී ලංකාවේ පසුගිය 21වනදා කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාරයන් පැලිගැනීමක් බව ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා ඇත.

    ISIS ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදෙන අමෙරිකානු අන්තර්ජාල බුද්ධි ඒකකය ප්‍රකාශ කර ඇත්තේ ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වසර 05 කට පසුව මෙම වීඩියෝ පටයක් නිකුත් කර ඇති බවයි.

    මෙම ත්‍රස්ත නායකයා 2014 වසරට පසුව නිකුත් කරන ලද පළමු වීඩියෝව ද මෙය බව වාර්තා වේ.

    ඔහු මෙම වීඩියෝව පසුගිය 18වනදා රූගත කර ඇති බව වාර්තා වන අතර පසුව එම වීඩියෝවට හඬ පටයක් එක් කොට ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන ලද ප්‍රහාරකයින් සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළකර තිබේ.

    ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ඉකුත්දා එල්ලවූ ප්‍රහාරය සිරියාවේ Baghouz ප්‍රාන්තයේදී තම කණ්ඩායම ලද පරාජයට පළිගැනීමක් ලෙස ISIS ත්‍රස්ත නායකයා එම වීඩියෝ පටයේ සඳහන් කර ඇත.

    ජාත්‍යන්තර නිරීක්ෂකයින් සඳහන් කරන්නේ ISIS ත්‍රස්ත නායකයා ශ්‍රී ලංකාව තුල සිදුවූ බෝම්බ ප්‍රහාරයන් හරහා සිය සංවිධානයට මේ වන විට උදාවී ඇති පසුගාමීත්වය නැති කර ගැනීමේ උත්සහයක යෙදෙන බවයි.

    ඔහු විසින් ශ්‍රී ලංකවට අමතරව මාලි හිදී ප්‍රංශ සාම සාධක හමුදාවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්ද සිය සතුට පළකර ඇත.

    ඉදිරියේදී තම ත්‍රස්ත සංවිධානය අතින් ගිලිහුණු ඉරාකය සහ සිරියාවේ භුමි ප්‍රදේශ තමන් සතුකර ගන්නා බවටද එම වීඩියෝව හරහා ප්‍රකාශ කර ඇති අතර තම සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවිය රටවලට එරෙහිව අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

    සිරියාවේ මොසුල් හිදී අවසන් වරට ISIS ත්‍රස්ත නායකයා සිදුකරන ලද වීඩියෝවෙන් අණතුරුව ඔහු පිළිබඳව කිසිඳු තොරතුරක වාර්තා නොවීය.

    මීට පෙර ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටියේ අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම ත්‍රස්ත නායකයා මිය යන්නට ඇති බවයි.

    Adaderana
     
    • Like
    Reactions: skymicro and nnccbb

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    සුද්දගෙ කුණු අපෙන් කර පිටින් තමා ගියේ.ISIS උන්ව හැදුවෙ සුද්දො කියලනේ කියන්නේ..

    කුරාණේ ලිව්වෙත් සුද්දෙක් වෙන්ඩ ඇති :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුද්දගෙ කුණු අපෙන් කර පිටින් තමා ගියේ.ISIS උන්ව හැදුවෙ සුද්දො කියලනේ කියන්නේ..

    ඔය ඇවිල්ල අයිසිස් ඒකෙන් කරන ඒවා අපේ නෙවේ කියන්න මුස්ලිම් උන් කියන කතා නෙ. අනික හැදුවේ මොකා උනත් දැන් ඒකෙ ඉන්නේ, බෝම්බ ගහන්නේ මුස්ලිම් උන් නෙ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය ඇවිල්ල අයිසිස් ඒකෙන් කරන ඒවා අපේ නෙවේ කියන්න මුස්ලිම් උන් කියන කතා නෙ. අනික හැදුවේ මොකා උනත් දැන් ඒකෙ ඉන්නේ, බෝම්බ ගහන්නේ මුස්ලිම් උන් නෙ.

    ISIS උන්ට අැමරිකාවෙන් අායුධ දීපු කථාව බොරුද ඵතකොට??
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ISIS උන්ට අැමරිකාවෙන් අායුධ දීපු කථාව බොරුද ඵතකොට??

    මුලදි ආයුද දීල තිබුන.. ඊට පස්සෙ උන් ඒ weapon වලින්ම Us වලටයි European countries ටිකටයි ගැහුව.. මුන්ගෙ කට්ටිය europe වලට හැම අවුරුද්දෙම ගහනව.. ගොඩක්ම france තමයි attack වලට අහු වෙන්නෙ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ISIS උන්ට අැමරිකාවෙන් අායුධ දීපු කථාව බොරුද ඵතකොට??
    උන් මැදපෙරදිග සංවිධාන කීයකට ආයුද දෙනවද ආණ්ඩු වට්ටන්න. පස්සේ උන් ඔච්චර ලොකු සංවිධානයක් වෙලා අතහපාකයි කියල හිතන්නේ නෑ අල්කයිඩා එකත් එහෙම එකක් කියලනේ කියන්නේ.

    එහෙමයි කියල උන් කරන හැම වැඩක්ම ඇමරිකාව කරා කියල අතහෝදගන්න බෑ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උන් මැදපෙරදිග සංවිධාන කීයකට ආයුද දෙනවද ආණ්ඩු වට්ටන්න. පස්සේ උන් ඔච්චර ලොකු සංවිධානයක් වෙලා අතහපාකයි කියල හිතන්නේ නෑ අල්කයිඩා එකත් එහෙම එකක් කියලනේ කියන්නේ.

    එහෙමයි කියල උන් කරන හැම වැඩක්ම ඇමරිකාව කරා කියල අතහෝදගන්න බෑ

    හරි අපි මෙහෙම හිතමු උඹ බලු පැටියෙක් ගෙනල්ල හදනව.උෟ ලොකුවෙලා නාහෙට අහන්නෙ ඵකෙක් වෙනව.දවසක් උඹට උෟව ගැට ගහන්න බැරි වෙලා උෟ පාරට ගිහින් පාරෙ යන කාව හරි හපනව.ඵතකොට ඒකට වැරදි කාරය උඹද බල්ලද?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හරි අපි මෙහෙම හිතමු උඹ බලු පැටියෙක් ගෙනල්ල හදනව.උෟ ලොකුවෙලා නාහෙට අහන්නෙ ඵකෙක් වෙනව.දවසක් උඹට උෟව ගැට ගහන්න බැරි වෙලා උෟ පාරට ගිහින් පාරෙ යන කාව හරි හපනව.ඵතකොට ඒකට වැරදි කාරය උඹද බල්ලද?

    උඹද බල්ලද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි අපි මෙහෙම හිතමු උඹ බලු පැටියෙක් ගෙනල්ල හදනව.උෟ ලොකුවෙලා නාහෙට අහන්නෙ ඵකෙක් වෙනව.දවසක් උඹට උෟව ගැට ගහන්න බැරි වෙලා උෟ පාරට ගිහින් පාරෙ යන කාව හරි හපනව.ඵතකොට ඒකට වැරදි කාරය උඹද බල්ලද?
    බල්ල හොඳ නරක නොතේරෙන සතෙක් හින්ද උට නඩු දාන්න බැරි හින්දනේ අයිතිකාරයා අල්ලාගන්නේ. මෙතන මිනිස්සු නෙ ඉන්නේ උන් කරන වැඩ වලට උන් වගකියන්න ඕනේ. මොකෝ බෝම්බ ගහන එක වැරදි වැඩක් කියල නොතේරෙන්න බබ්බු නෙවේ නෙ. ඇමරිකන් කාරයෙක් බොම්බේ හදල දීල ඇඟේ බැඳලා හා පුතා යන්න පුපුරවගන්න කියන්නේ නෑ නෙ.