IT ජොබ්ස් සහ බිස්නස්වල අනාගතය

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    IT ජොබ්ස් සහ බිස්නස්වල අනාගතය

    ඉදිරි අවුරුදු තුනත් පහත් අතර කාල සීමාව තුල ලෝකයේ පරිඝනක ආශ්‍රිත රැකියා සහ ව්‍යාපාරවල විශාල වෙනසක් සිදුවේවි.

    එම වෙනසට මුහුන දීමට නොහැකිවන වෘතිකයින් සහ ව්‍යාපාර හිමිකරුවන් අන්ත අසරන තත්වයකට පත්වේවි.

    මෙහිදි වෘතිකයින්ට සහ ආයතනවලට මුහුන දීමට සිදුවන ප්‍රධාන ගැටළු දෙකක් පවති.

    ඉන් පලමු ගැටළුව වන්නේ වෘතිකයින් සිදුකල රැකියා සදහා Automation සහ AI තාක්ෂනය (bots) භාවිතා කිරීමට ආයතන හිමිකරුවන් වැඩි වශයෙන් නැබුරු වීමත් සමග ඔවුන්ගේ රැකියා අවස්ථා අහිමි වීමය.

    Automation සහ කෘතීම බුද්ධියට කල හැකි තොරතුරු තාක්ෂන රැකියා සදහා එම තාක්ෂනයන් යොදාගැනීම දැනටමත් යම් මට්ටමකින් සිදු වේ.

    අපට මුහුන දීමට සිදුවන දෙවැනි ගැටළුව වන්නේ තොරතුරු තාක්ෂන සේවා අතර පවතින තරගකාරිත්වය තව තවත් ඉහල යන විට එම සේවා සපයන ආයතන සහ පුද්ගලයින් එම තරගකාරිත්වයට මුහුන දීමට තම මිල ගනන් තව තවත් අඩු කිරීමයි.

    එවිට ඒම සේවාවන් සපයන ආයතනවලට අඩුමුදලට තම සේවාවන් සැපයීමට සිදුවන නිසා ලාභ ලැබීම කෙසේ වෙතත් ඒවා නඩත්තු කිරීම පවා අපහසු වේ.

    අප මෙම ගැටළුවලට මුහුන දෙන්නේ කෙසේද?

    ඔබගේ අදහස් දක්වන්න.

     
    Last edited:
    • Like
    Reactions: dj_risi and snm1990

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලෝකයෙන් යමු
    ආයෙ ඉපදෙමු
    :(

    මචන් සීරියක් ත්‍රේඩ් එකක් දැම්මාම මෙහෙම දේවල් දාන්න එපා. Pleas remove it!

    පැයක් විතර ෆෝන් එකෙන් කොටලයි දැම්මේ.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    global warming?
    climate change?
    right to repair සංකල්පය ඉස්සරහට උඩ එයි කියල හිතෙනව.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Mama inna fiels eken mata therena widiyata my view eka.

    Accounts
    computer technology eddi Computerized Accounts nisa Accountantslata job nathiwa yanawa kiwa.

    dan ekkenekta karannna puluwan weda godak wedi wela thiyenawa. eth thama Accounts department wala loku staff ekak weda karanawa Computersied accounts walin. Loku scope ekak cover wenawa ekkenekgen manual entry walata wada.

    AI eddith thawath loku area ekak eka staff kenekta cover karanna puluwan wei. eth vacancy thiyei
     
    Last edited:

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,401
    4,032
    113
    ඉදිරි අවුරුදු තුනත් පහත් අතර කාල සීමාව තුල ලෝකයේ පරිඝනක ආශ්‍රිත රැකියා සහ ව්‍යාපාරවල විශාල වෙනසක් සිදුවේවි.

    එම වෙනසට මුහුන දීමට නොහැකිවන වෘතිකයින් සහ ව්‍යාපාර හිමිකරුවන් අන්ත අසරන තත්වයකට පත්වේවි.

    මෙහිදි වෘතිකයින්ට සහ ආයතනවලට මුහුන දීමට සිදුවන ප්‍රධාන ගැටළු දෙකක් පවති.

    ඉන් පලමු ගැටළුව වන්නේ වෘතිකයින් සිදුකල රැකියා සදහා AI තාක්ෂනය (bots) භාවිතා කිරීමට ආයතන හිමිකරුවන් වැඩි වශයෙන් නැබුරු වීමත් සමග ඔවුන්ගේ රැකියා අවස්ථා අහිමි වීමය.

    කෘතීම බුද්ධියට කල හැකි තොරතුරු තාක්ෂන රැකියා සදහා AI යොදාගැනීම දැනටමත් යම් මට්ටමකින් සිදු වේ.

    අපට මුහුන දීමට සිදුවන දෙවැනි ගැටළුව වන්නේ තොරතුරු තාක්ෂන සේවා අතර පවතින තරගකාරිත්වය තව තවත් ඉහල යන විට එම සේවා සපයන ආයතන සහ පුද්ගලයින් එම තරගකාරිත්වයට මුහුන දීමට තම මිල ගනන් තව තවත් අඩු කිරීමයි.

    එවිට ඒම සේවාවන් සපයන ආයතනවලට අඩුමුදලට තම සේවාවන් සැපයීමට සිදුවන නිසා ලාභ ලැබීම කෙසේ වෙතත් ඒවා නඩත්තු කිරීම පවා අපහසු වේ.

    අප මෙම ගැටළුවලට මුහුන දෙන්නේ කෙසේද?

    ඔබගේ අදහස් දක්වන්න.

    ගොඩක් ජොබ් අඩු වෙයි...

    එත් ඉතින් coding වලට නම් creative thinking වගේ ඒවා ඕනි. අනික consciousness (විඥ්ඥානය) කියන එක AI කෙනෙක්ට ගන්න නම් hybrid model එකක් ඕනි වෙයි. සැහෙන කාලයක් යයි ඉතින් සම්පුර්ණයෙන්ම AI යටත් කරගන්නකන්.


    හැබැයි ඉතින් උබ කියනවා වගේ ඒවා මිනිස්සු හිතන්න ගත්තොත් නම් AI කියන එක ඔය ලෙවෙල් එකට ගේන්නේ නැතිවයි. පරිනාමයත් එක්ක අපි දන්නවා ජීවත් වෙන්න තර්ජනයක් වගේ නම් එක නැති කරලා දාන්න.

    ඕව ගෙන වැඩිය හිතන්නේ නැතිව හම්බ කරලා ඉතිරිකරපල්ලා. :D
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    AI වල programming කරන්නෙත් developers ලනේ. programmers ලගේ fields වෙනස් වෙනවා ඇරෙන්න AI තාම එච්චර දියුණු නැහැ මිනිස්සුන්ගේ ආදේශශකයක් විදියට.
    එහෙම වෙනස් වෙන්න ගත්තම අන්තිමට තමයි IT field එකේ උන්ට ඕව බලපාන්නේ.
    ඊට කලින් කම්කරුවොන්ට රොබෝලා ආදේශ වෙනවා.දොස්තරලා operation කරනවට වඩා දශමෙට කපල කොටලා වැඩේ කරන්න රෝබෝලට පුළුවන්.
    ඉංජිනේරුවෝ වගේ ප්‍රශ්නෙකට විසදුම් හොයන්න තරම් AI වලට ගොඩක් කල් යයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කෘතිම බුද්ධිය උනත් නිපදවන්න ඕනෙ, පුහුණු කරන්න ඕනෙ, නඩත්තු කරන්න ඕනෙ. ඒ ආශ්‍රිතව දැනුම තියන අයට ජොබ් වැඩිවෙයි. දැනට තියන skills වලට සමාන්තරව AI සබ්බන්ධ දේවල් ඉගෙනගත්තනම් හරි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    AI walin programmer jobs nam replace wenna hena kalayak yay :lol:
    Habai itin podi podi jobs nam godak replace wei, AI and automation walin
    lankawe wage ratak eka wennath thawa kal yay
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ලෝකය දියුණු වුන කියල ජොබ්ස් අඩු වෙන්නේ නැහැ . සමහර ජොබ්ස් නැති වෙනවා . අලුත් ජොබ්ස් හැදෙනවා .
    construction , manufacturing ජොබ්ස් අඩු වෙනවා automation හින්ද .
    L75Xvqxl.png


    AI තාම ගොඩක් ප්‍රතමිකයි .AI හින්ද ලොකුවට ජොබ්ස් අඩු වෙන්නේ නැහැ . මිනිස්සු වගේ හිතන්න නම් AI වලට තව සැහෙන්න කාලයක් යනවා . ජොබ්ස් අඩු වෙන්නේ වැඩිපුරම automation හින්ද.

    The majority of new jobs will be created for legal, social, cultural and business & administration associate professionals, with 4 out of 5 new jobs referring to high-skilled occupations

    europe වල high-skilled occupations වලට demand එක ගොඩක් වැඩියි කට්ටිය අඩු හින්ද . එත් ලෝකෙම ගත්තත් high-skilled occupations වලට කිසිම issue එකක් වෙන්නේ නැහැ

    MMEc3bel.png
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    එහෙම භය වෙන්න දෙයක් නෑ. බලපන් තාමත් radio එහෙම්මම තියෙන්නෙ . tv එනකොට උන් සැහෙන්න භය වුනාලු
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Habai itin podi podi jobs nam godak replace wei, AI and automation walin
    lankawe wage ratak eka wennath thawa kal yay

    ලංකාවෙ ගොඩක් IT companies කරන්නෙ පිටරටවල KPO සහ BPO ප්‍රොජෙක්ට්ස්. ඉතින් උන් AI, Automation වලට යන්න යන්න අපිට වැඩ අඩු වෙනවා.