IT JOB INTERVIEW

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මේක මම ඇත්තටම ගොඩාක් කාලෙකට කලින් දාන්න හිටපු thread එකක්. එත් වැඩත් එක්ක වෙලාවක් තිබ්බේ නෑ. මේකේ ඕනි තරම් අය ඇති තවම Interview එකකට ගිහින් නැති. අන්න ඒ අයට මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.

    job-interview.jpg


    :yes::yes::yes:හොදයි, අපි බලමු කොහොමද IT job එකක් ඇතුලට පැනගන්නේ කියලා.:yes::yes::yes:

    ********************************************​

    Step 1 : හොද CV එකක් හදාගන්න.

    cv-tips.jpg

    මුලින්ම කරන්නේ අපේ CV එකක් යවන එක නේ. ඉතින් මේක හොදට තියෙන්න ඕනේ. Word වලින් CV එකක් හදාගන්න බැරිනම් Programming ගැන කුමන කථාද?
    කොහොම උනත් ප්‍රශ්නේ වෙන්නේ එක නෙමෙයි ඔඅකට දාන්න ඕනි දේවල් මොනවද කියලා දන්නේ නැති එක නේ. ඔන්න මම sample එකක් අප්ලෝඩ් කළා. මේකේ වැඩිය පිටු ගානක් නම නෑ එත් කියන්න ඕනි දේවල් සේරම කියලා තියනවා. ගොඩාක් දිගට CV හදන්න එපා IT වලට එහෙම ඕනි නෑ. ඔන්න management එහෙම යනවනම් තමන් කරපු job වල, දරපු තනතුරු වල Duties & Responsibilities දන්න වෙනවා
    .


    මතක තියාගන්න CV එක යැව්වහම ඔයාලව Interview එකට ගෙන්නලා අහන්නත් දෙයක් ඉතුරු කරන්න.

    ********************************************​

    Step 2 : Entrance ටෙස්ට් එක .

    හුගාක් IT company වල ඉස්සෙල්ලා Exam එකක් තියනවා. සමහර ඒවයේ නම පොඩියට system එකක් හදන්න දෙනවා. ඉස්සෙල්ලා පලවෙනි වර්ගය බලලා ඉමු.


    Entrance Exam

    images

    මේවායෙන් ගොඩක් වෙලාවට පති තුනක් කවර් කරනවා.
    1. Team Work (කණ්ඩායම් හැඟීම කොහොමද කියලා බලන්න අහන ප්‍රශ්න. එක එක සිද්දි දීලා අපි කරන්නේ මොනවද කියලා අහනවා. මේකනම් ඉතින් දෙයක් නෑ)
    2. IQ (කුලක, රටා, ගණන හදන්න වගේ බුද්ධි මට්ටම මැනීමේ ප්‍රශ්න මොවයේ තියනවා)
    3. Technical Knowledge (මෙන්න මේක ගැන කතාකරන්න වෙනවා....)


    Technical Knowlodge
    මේ කියන්නේ අපි දන්නා කියන විදිහට කිව්වොත් Programming languages ගැන අහන ප්‍රශ්න. මේවා අපි යන්න හදන පොස්ට් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම මොනවද IT වල තියන එක එක පොස්ට්??
    Software Engineer
    Quality Assurance Engineer
    Application Support & Maintenance team Member
    Architects
    Project Managers
    Shared Services Member.... මේවගේ ගොඩා......ක් පොස්ට් තියනවා ඉතින් මේ සේරගේම exam එක වගේ වෙන්නේ නෑ. මම පලවෙනි එක අරන් කියාගෙන යන්නම්. සමහර කම්පැනි මොකක්හරි එක technology ඒකකට සිමා වෙනවා. සමහර ඒවා එහෙම නෑ.. අන්න එහෙම උනොත් ඔයාලට ලැබෙන පේපර් එකේ ප්‍රශ්න එක එක තාක්ෂන ගැන තියන එක වෙන්න පුළුවන්. මෙන්න මේවගේ;

    ඔන්න ඔයවගේ ඒවායින් ප්‍රශ්න එනවා. හුගක් වෙලාවට MCQ. රචනා මාදිලිය නම අහන්නේ නෑ බයවෙන්න එපා.. එගේනගත්තු දේවල් ආයිත් මතක කරගන්න. වෙඩි දෙයක් නෑ. අනික exam එකක් උනත් මේක තමයි ආයතනය ඔයාලව දකින පලවෙනි දවස. එක හින්දා වැදගත් විදිහට එතනට යන්න.


    Ask you to build a small system
    ඔන්න මේක තිබ්බොත් ගොඩක් අය අනාගන්නවා. මොකද බලන්නේ ප්‍රායෝගික දැනුම නේ... ඔයාලා යන රස්සවේ කරන්න තියන ඒවායින් මෙන්න මෙටික කරන්න පුළුවන් වෙලා යන්න.
    • Manipulate a DBMS
    • User Authentication
    • Add data to the database, retrieve, update delete via your prefers programming language
    • Search functionality
    • Reporting
    • Use OOC every possible place.

    තව තියනවා.. ඕව දන්නේ නතුවනම් යන්න එපා. වැඩක නෑ. අනික හදන ටික ලස්සනට පිළිවෙලට හදන්න කොඩින් වල රිඩබිලිටි තියාගන්න. කමෙන්ට් දාන්න. සාමාන්‍යයෙන් මේවගේ දෙකට පැය 3ක් වගේ දෙනවා. ඒකෙන විනාඩි 15 ක් වත අරන් හොදට requirement එක කියවන්න. පොඩි ඩිසයින් එකක් ගහගන වැඩේ පටන්ගන්න. ඔක්කොම හදන්න බැරි උනත් හදන ටික හරියට හදන්න.

    ********************************************​

    Step 3 : පලවෙනි Interview එක (Technical Interview).

    Top-10-Primavera-Interview-questions-and-Model-Answers.gif

    මේ තමයි කම්පැනි එක හරියට ඔයාලා එක්ක කතාකරන පලවෙනි අවස්තාව. IT වල Interview අනිවා යන්නේ කඩ්ඩෙන්. එක හින්දා එක හදාගන්න ඕනේ. සුද්දෙක් වගේ කතාකරන්න බේරී උනාට කමක් නෑ එත දෙයක් කියන්න, කියන දෙයක් තේරුම්ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. කම්පැනි කැමති නෑ ඒගොල්ලන්ගේ client ලා ඉස්සරහා චාටර් වෙන්න එක හින්දා කඩ්ඩ බැරිනම් ඔන්න ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. First Impression එක වැදගත් එක හින්දා පිළිවෙලකට ඇදගන වෙලාවට එතනට යන්න. හුගක් වෙලාවට ඔයාව Interview කරන්න Senior Software Engineers ලා දෙන්නෙක් හෝ තුන්දෙනෙක් එයි. එයාලා ඔයාගෙන් අහන්නේ technical questions. කොඩින් අහයි. සමහර විට ලියන්නත් කියයි. කෙන්සේප්ට් උනත් අහන්න පුළුවන්.මෙන්න මේ වගේ ;
    • What is the difference between an Interface and an Abstract class?
    • What are the Object Oriented Concepts?

    OOC එකනම් අනිවා ඕනි එකක අහනවා. ඒවගේම ඒවා එකින එක විස්තර කරන්නත් දෙනවා. එතකොට ඔයාලා කැමතිනම් පොඩි කෝඩ් එකක් ලියලා විතර කරන්න. එක ලේසි කතන්දර කියනවට වඩා..

    මෙන්න මේවා සාමාන්‍යයෙන් දෙන වැඩ;
    • Write an HTML code for a given form
    • Draw a class structure
    • Normalize a database table
    • SQL Queries (Alias, join are common)
    • Java codes to explain OOC concepts
    • Sort an integer array
    • Write a small javascript (validate or to change an image or something)

    මේක කොහොමත් පැය එකක් දෙකක් තියෙන්න පුළුවන්. හොදට හිනාවෙලා කතාකරන්න. දන්නේ නැති දෙයක් නම දන්නේ නෑ කියන්න. බොරු කියන්න ගියොත් අනිවා තියාගන අඩවයි..

    ********************************************​

    Step 4 : දෙවෙනි Interview එක(Architecture Interview).

    images

    මේක සමහර කම්පැනි වල නෑ. මේකේ කෙරෙන්නේ ඔයා confidence ද කියලා බලන එකයි ඔයාට තියන දැනුම ප්‍රායෝගිකව ඔයය පාවිච්චි කරන්න පුලුවන්ද කියල බලන එකයි තමයි. ප්‍රශ්නවල වෙනසක් ගොඩක් වෙලාවට නෑ එත් Industrial සිදේ එකෙන් අහනවා වැඩි. කලින් එකේ බැරිඋන දේවල් අනිවා බලාන යන්න. එයාලා බලනවා ඔයාල ඒ දේවල් ඉගෙනගෙනද කියලා. UML diagram හොදට බලාගෙන යන්න. මෙතැනදී technical වලට වඩා concepts ගැන බලනවා වැඩි.

    ********************************************​


    Step 5 : තුන්වෙනි Interview එක(HR Interview).


    job-interview-business-meeting.jpg

    මේකට කතාකරනවා කියන්නේ ඔබ සමත් කියන එක තමයි. සහතික සේරම අරන් යන්න. මේකෙදි කතාකරන්නේ ආ ගිය තොරතුරු. technical question අහන්නේ නෑ. ඔයා යන කම්පනිය ගැන විස්තර දැනගන යන්න. එක එයාලා බලනවා. පඩිය ගැන එහෙමත් කතාකරන්නේ මේකෙදි තමයි..


    job-interview-answers-questions.jpg





    මේක කොහෙන්වත් ගත්තු එකක් නෙමෙයි. මගේම අත්දැකීම් වලින් ලියපු දෙයක්. සමහරවිට අනික අයගේ අත්දැකිඉම් වෙනස්වන්නත් පුළුවන් කොහොම උනත් මේක බලලා කාටහරි හොදක් වෙනවනම් එක සතුටක්. අම්මෝ, දන්නෙම නැතුව පැය 4 ක් ගිහින් වෙලාව පාන්දර 2.10 යි. ඕනි කරන කෙනෙක්ට බලාගන්න බම්පියක් දාලා යන්න.
     

    xeroace

    Member
    Mar 25, 2013
    254
    16
    0
    Everywhere
    Nice post machan :D.But some companies have other different procedures.Are you working for virtusa?:P Because virtusa has exactly this procedure.
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Nice post machan :D.But some companies have other different procedures.Are you working for virtusa?:P Because virtusa has exactly this procedure.

    :yes: Are you working there too machan? This is a combination of Latitude655, Prime Engineering, Virtusa and another company in WTC ( dnt remember the company name)

    For everyone, thanks for the good feedback.