එපිසෝඩ් එකම බැලුවෙ දැන්.
ලංකාවෙ මධ්‍යම පාංතික ඛේදවාචකය තමයි මේ ත්‍රේඩ් එකේ කමෙන්ට් වලිනුත් පේන්නෙ. දියුණුයි කියන සමාජයක් දිහා බලන් ඒවා හැබෑ කරගන්න දඟලනව. හැබැයි ඒවා ඇත්තට ලැබෙද්දි මෙච්චරකල් හිරවෙලා ඉදපු සිංහලකම කියල හිතන් ඉන්න වික්ටෝරියානු සංස්කෘතිය අත ඇරගන්න බැරුව දගලනව. හැමදාම ඔය දෙකෙන් කොයිකද කියල තෝරගන්න බැරුව දෙකටම නැති නපුංසක තලයක පාවෙනව.
ලංකාවෙ ටෙලි නාට්‍යයක මේ වගේ කොටස් තියෙන එක මටනන් සෑහෙන ප්‍රගතිශීලීයි. රටේ සංස්කෘතිකයි කියල ලේබල් කරපු නාලිකා මේවා කරන එක ඊටත් වඩා ප්‍රගතිශීලීයි. කතාව හොඳයි වගේ හිතෙනව. Acting, dialogues උනත් සෑහෙන realistic සහ හොඳ මට්ටමේ තියෙනව. Sexual act එක උනත් පරණ සිංහල ෆිල්ම් වල වගේ cringe විකාරයක් නොවී ලස්සනට පෙන්නුව. මෙහෙම රටේ ප්‍රධාන නාලිකා වල මේවා නොපෙන්න ලංකාවෙ ග්‍රාමීය මිනිස්සුන්ට මේවා සාමාන්‍ය කරන්න බෑ. මේක හොඳ දෙයක්.