රජයේ වෙබ් අඩවි රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අසත්‍ය තොරතුරු පළ කළ බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නැමැති ආයතනයක සභාපතිවරයා ලෙස කටයුතු කරන රජීව් මැතිව් යසිරු කුරුවිටගේ නමැති අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සයිබර් ප්‍රහාරය පිළිබඳ අදාළ පුද්ගලයා නිකුත් කළ නිවේදනය අසත්‍ය බවත් ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කර ඊයේ (ජූනි 7) සවස ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අද (ජූනි 8) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරුට එරෙහිව පරිගණක අපරාධ පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීමට නියමිතයි.