January wala mokakda wenne?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,800
    197,941
    113
    Colombo, Sri Lanka
    pool fail GIF
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    බයිට් එකට ගත්තු වේස බයියොන්ව ජනවාරි වලින් පස්සෙ තුන් වේලෙන් එකකට ගන්න වේවි. සිංහල අවුරුද්දෙන් පස්සෙ තුන් වේලටම ගන්න වේවී.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මොනව වෙන්නද බන්. රාජපකයො තව හොරා කන්න හදයි. රටේ මිනිස්සු බහුතරයක් වේලක් ඇර වේලක් කාල හරි රට ජාතිය බේරගන්න සහයෝගය දෙයි. කිරියෙ ඉන්න රාජපක වහල්ලු ටික නම් චීන ගූ නැව කයි බඩගින්නට. මතක තියාගනින් බෝම්බ ගහල බලේ ගත්ත එකේ කරුමෙ ගෙවන්න වෙන්නෙ රටේ මිනිස්සුන්ට කියල
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ජනවාරි මාසයේ 11 යලි රැස්විමට නියමිතව තිබූ පාර්ලිමේන්තු, එදාට රැස් නොවී නව සැසිවාරය ක් ලෙස ආරම්භ කිරිමට ජනාධිපති තිරණය කර තිබෙන්නෙ ජනවාරි 18 වෙනිදාට..ලබන ජනවාරි 18 යනු ලංකාවට සුවිශේෂී දිනයකි.එදිනට රජය නව වසරේ පළමූ ණය වාරිකය ගෙවිය යුතු දිනයයි.ඒ සදහා ඉන්දියාවේ සහ චීනයේ සහය බලාපොරොත්තු වුවත් ඒ ඉල්ලිම් ප්‍රතික්ෂේප වී ඇතැයි දැනගන්නට ඇත.
    එලෙස නියමිත දිනට ණය වාරිකය ගෙවිමට අසමත් වුනොත් ජාත්‍යන්තරය ලංකාව බංකොලොත් රාජ්‍යක් ලෙස නම් කිරිමට නියමිතය.ඒ දිනය බෝහො විට ජනවාරි 18 යි.
    දැන් ආණ්ඩුවට ණය වාරිකය ගෙවීමට වෙනත් විකල්පයක් සොයා ගත යුතුව ඇත.
    මෙවන් පසුබිමක රටේ මුල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ජනවාරි 18 වනදා තෙක් කල් තබන්නේ ඇයි දැයි දැන් පැහැදිලි ය.
    රටේ මුල්‍ය පාලන බලතල හිමි පාර්ලිමේන්තුව මගහැර කුමන හෝ ක්‍රමවේදයකින් ණය වාරික ගෙවිම සදහා රාජපක්ෂ ආණ්ඩුව දැන් උත්සහ දරනු ඇත.එයට පාර්ලිමේන්තුවේ විපක්ෂයෙ ප්‍රශ්න කිරීම් බාධාවක් විම වැලක්විමට ණය වාරිකය සොයා ගන්නා තුරු පාර්ලිමේන්තුව කල් තබා ඇත.
    තවද නව සැසිවාරයකදි පෙර සැසිවාරයේ ඇසු ප්‍රශ්න සියල්ල අවලංගු වේ.
    යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ජ.වී.පෙ නායක අනුර කුමාර දිසානායක ඇසු ප්‍රශ්නයට තවමත් මුදල් ඇමති පිලිතුරු දිය නැත.
    එම ප්‍රශ්නය මගහැරිමත් මෙහි එක් උත්සාහයකි..
    දැන් අනාවරණය වි ඇත්තෙ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දුන් සමාගම සමග නොව වෙනත් සමාගමක් සමග යුග දනවි ගිවිසුම අත්සන් තබා ඇති බවයි.
    ඇමරිකාවේ ලියාපදිංචි එම නව සමාගම කාගේද?
    ණය වාරික ගෙවීම් කෙසේවෙතත් එය සැගවිම පාර්ලිමේන්තු වාර අවසානය කිරිමේ මුලික අරමුණ විය හැකි...
    සටහන - Kasun Samaraweera