මං විසිට් එකක් ගිහිල්ලා ආව. දැන් මාස කිහිපයකට කලින්.
VFS එකෙන් තමයි ඇප්ලයි කරේ. ලියකිවිලි ටික භාර දීලා හරියටම සතියෙන් විසා හම්බුනා.
ඔෆිස් එකෙන් ලෙටර් එකක් ගත්තා. ආයේ එයාර්ලයින් එකෙන් ලියුමක් ගත්තා. ඊට අමතරව මම මීට කලින් වෙන වෙන රටවල් වලට ගිහිං ට්‍රැවල් හිස්ට්‍රි එකක් තියෙනවා. ඒ ටික තමයි මට වැදගත් උනේ මම හිතන්නේ විසා ලැබෙන්න..
බැංකු පොතේ නං ලක්ෂ තුනයි තිබ්බේ පෙන්නන්න.
මචෝ..උබ කලින් ගියපු රටවල් මොනවද කියලා මටත් pm එකක් දාපන්..මම දැනට සින්ගප්පූරුවේ 2...ඉන්දියා 2 ..තායිලන්තයේ..චීනයේ..ගිහින් තියනවා..උබ කියන විදියට බැන්කු පොතේ ලක්ශ 3ක් තිබිලා ජොබ් ලෙටර් එකක් දීපු පමනින් වීසා ලැබෙනවා කියලා හිතන්න අමාරුයි බන්..එහෙමනම් ඔක්කොම ජපන් යයි...උබ ට්‍රැවල් හිස්ට්‍ර් එකේ යුරෝපා වගේ වීසා වැදිලා තියනම් ඔහොම ටක් ගාලා දෙයි බන්..මම අහලා තියන විදියටනම් ජපන් විසිට් අමාරුයි..උබේ වෙලාවකට ඉතින් වීසා වැදුනද දන්නේ නැ ඉතින්..තව විස්තර ටිකක් කියපන් හැමෝටම දැනගන්න...


