~~Japanese Bike Lovers (CBR250RR)~~

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔන්න ඉතින් නිකන් ඉන්න එකේ වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.... ජපන් බයික් වලට ආසා අයට වදගත් වෙයි කියලා හිතනව මං...
    බයික් වල තියෙන ලෙඩ වලටත් බෙහෙත් දෙන්න පුලුවන් වෙයි...

    ඔන්න එහෙනම් මං ආසම බයික් එකකින් පට්ට්ට්ට්ට්ට්ටාං ගන්නයි යන්නෙ...

    Honda CBR250R & RR

    මේකේ මුලින්ම හදන්න පටන් ගත්තේ 1986 විතර ඉදන්... ඒ උනාට ලංකාවෙ ප්‍රසිද්ධ 1988න් පස්සේ ආපු බයික් තමා...ඒ හින්ද එතනින් පටාන් ගන්නම්..

    -1988 CBR250R (J)-
    image006.jpg

    -1989 CBR250R (K)-
    2890201.jpg


    මෙන්න දෙන්නාව ලංකාවෙ අය දන්නෙ Hurricane කියලා තමා... ඒ උනාට ඇත්තටම Hurricane කියන්නෙ 1987 ආපු මොඩල් එකට.. මේක තමා ලංකාවෙ ලාබෙටම ගන්න පුලුවන් එක.. රුපියල් 130,000 ඉදලා 180,000 විතර වෙනකල් තමා දැනට මාකට් එක...

    CBR250R (J) සහ CBR250R (k) අතර වෙනසක් තියෙන්නෙ වයරින් ලූම් එකේ සහ පේන්ට් ස්ටයිල් එකෙයි විතරයි... මේ බයික් එකේ වැඩිපුරම ලෙඩ එන්නෙ Carburetor සහ CDI unit එකේ . එතකොට නම් එපා වෙනව..
    වෙන නම් කියන්න තරම් ලෙඩක් නැහැ... ඒ උනාට ඉතින් ගත්තම කසාද බැන්දා වගේ තමා...(එහෙම කිව්වට බැන්දට පස්සෙ කරන ඔක්කොම මේකෙන් කරන්න බැ... :lol::lol:.) ඒ උනාට Handling නම් බයික් එකෙ Performance වල හටියට ටිකක් විතර මදි...

    ආහ්...දන් මෙයා ගැන කිව්ව ඇති... Technical details (Stock Jet sizes, Part Numbers...) මොනව හරි ඕනනම් මට PM එකක් දාන්න...

    CBR250RR(L) : 1990 – 1991
    l.jpg



    CBR250RR(N) : 1992 – 1993
    n.jpg


    මෙයාට තමා Gullarm කියලා අපේ අය කියන්නෙ...මේක CBR250RR එකේ ආපු හොදම බයික් එක කිව්වොත් හරි..මාකට් එකේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙත් මේකට... කියන්න කිසිම ලෙඩක් නැ... පට්ට්ට්ට්ට බයික් එකක්... ලංකාවෙ Standard 250cc event එකට ගන්නෙත් මේක තමා... මේ බයික් එකට කරන Famous Modifications තමා 115main jets + straight through slip on pipe + uni filter + 14 or 15 Tooth Front Sprocket + 53 or 54 Tooth rear
    Sprocket දාන එක...මේ Video එකත් බලලම හිටපල්ලාකො...(මෙව්ව කොරන්ට ගිහින් අත පය කඩ ගත්තොත් මම නම් නෑ ඔන්න...:no::no:)




    මෙන්න පවුලෙ බඩපිස්සා නොහොත් අන්තිමයා....

    CBR250RR(R) : 1994 – 1999
    r.jpg


    මෙයා නම් ලංකාවෙ ටිකක් විතර ගනන්... පවුලෙ අන්තිමය හින්දද කොහෙද මූ කිරෙන් බාල වෙලා..(මොකද මූ අනික් ඒවට වඩා Power එක අතින් අඩුයි..(මෙයා 40ps , අනික් එවුන් 45ps) ඒ කොහොම උනත් මූත් රොකට් එකක් වගේ තමා... මේකට Fireblade කියලා කිව්වට අත්තටම FireBlade කියන්නෙ 600cc වලින් උඩ අපු බයික් වලට (CBR600RR, CBR 929RR, CBR959RR, CBR1000RR)... මූගෙයි Gullarm වෙනස අදුර ගන්ට ටිකක් අමාරුයි... ලේසිම ක්‍රමේ තමා Front Brake Disk බලන එක...මෙන්න Gullarm එක....

    2011-09-03-bikepics-2267147-800.jpg



    මෙන්න FireBlade එක...

    2011-12-23-bikepics-2320135-800.jpg


    ඒ උනාට ලංකාවේ ඉන්න ගල් ආදො Disks මාරු කරනවා...( අපේ එවුන් උපතින්ම ගල් ආදොනෙ... DNA වලම තියෙන හැකියාවක් :eek::eek:)

    අනික් ක්‍රමේ තමා RPM meter (Tachometer) එක බලන එක... මේ gullarm එකේ..
    HondaCBR2501.jpg


    හොදට බලන්න මේකෙ RED LINE එක පට්ට්ටාං ගන්නෙ 19000 න් පස්සේ..

    මේ Fire Blade එකේ...
    rtaach.png


    මේකෙ RED LINE එක පටං ගන්නෙ 18000 න් පස්සේ...
    තව තව පොඩි පොඩි වෙනස් කම් තියෙනවා.. කොහොම කරත් අපේ කස්ටිය ඕව මාරු කරලා දෙනවා..එතකොට සතා මොකාද කියලා හොයනවා බොරු....

    --Maintenance Tips---

    * Gullarm & Fireblade දෙකටම ගලපෙන්නෙ 140/60-17 or 140/55/17 පස්ස ටයර් එකයි 110/70-17 or 120/70/17 ඉස්සරහා ටයර් එකයි තමා..වෙන ඒව දලා ඇන ගන්ට එපා...ආසාවට ලොකු ටයර් දාන්ට එපෝ... 140/55/17 තමා හොදම... Race track එකට ගිහින් බැලුවොත් පෙනෙයි උන් දන්නෙත් 140 ටයර් එක.. (150, 160 එපා...ටයර් Contact patch එක වෙනස් උනාම වංගු ගන්නකොට අවුල් වෙනව..ඒකයි Racing වලදි වත් දන්නෙ නැත්තෙ...)

    * පෙට්‍රල් කරන්ට කියලා පෙට්‍රොල් අඩු කරන්ට එපා..මොකද එන්ජින් එක 18500rpm විතර දුවන නිසා කොහොමත් එන්ජින් එකේ ආයු කලෙ අඩුයි (High revv engines)... තෙල් අඩු කරාම Over heating+ Stress = දුක තමා...

    මෙන්න carb (stock tuneup) එකේ විස්තර ටිකක්...(මේක බලලා වෙනස් කොරන්ට ගිහින් කෙලව ගත්තට කමක් na මට කියන්ට එපා...:rofl::rofl:)


    Float Heights (When measured at 30o or needle valve seated and spring NOT compressed):
    CBR250R(J+K) : 8mm
    CBR250RR(L+N+R) : 13.7mm

    Carburettor Jet Sizes :

    CBR250R(J+K);
    Main Jet : #85
    Pilot Jet : #35
    CBR250RR(L+N);
    Main Jet : Cylinders 1+4 : #105
    Cylinders 2+3 : #102
    Pilot Jet : #35
    CBR250RR(R);
    Main Jet : Cylinder 1+4 : #112
    Cylinder 2+3 : #110
    Pilot Jet : #35

    Carburettor Pilot Screw Mixture Settings (Stock Air-Filter,Exhaust,Ports,Jets)
    CBR250R(J+K) : 15/8 screws
    CBR250RR(L+N) : 1ѕ screws
    CBR250RR(R) : 21/8 screws

    වැඩි විස්තර ඕනෙ එවුන් PM එකක් දාපල්ලා...

    කොටලා කොටලා එප උනා... මේ මගෙ 1st වැඩගත් එක..

    බලලා හොරා වගේ යන්නෙ නතුව BUMP එකක් වත් දාපන්... අනික් එවුන්ටත් බලන්ට... :frown::frown::frown:

    ආයෙ නිවාඩුවක් හම්බුනාම තව වන්ඩියක් ගැන කියන්නම්..
    .
    එහෙනම් අපි ගියා...

    ජය වේවා!!!! :lol::lol:

    [FONT=&quot]
    ico-pen.png
    එකට: syn, together[/FONT]
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Good thread bro! Keep it up!

    CBR 250RR traffic eke padinna giyama thama andenne. Naththan maru bike eka.
     
    • Like
    Reactions: gkcnalaka