~~~~~~~~~~~~Java Mega Tread~~~~~~~~~~~~~

ඔන්න මේ ටිකේම ජර්මන් ගැන කතා කර කර ඉදලා අද ඉදන් පටන් ගන්න හදන්නෙ ජාවා ගැන කතා කරන්න.:cool::cool::cool:
මේ ත්‍රෙඩ් එක ජාවා ඉගන ගන්න ආස, තාමත් ඉගනගන්න ඕනම කෙනෙක්ට විවුර්තයි.මම හිතන්නේ ජාවා පරිගණකයට ඉන්ස්ටෝල් කර ගන්න හැටි වගේ බේසික් දේවල් ගැන ගොඩක් අය දන්නවා.මම දැක්කා එලකිරි එකෙත් ගොඩක් ත්‍රෙඩ් තියෙනවා ඒ ගැන.ඒ ගැනත් දාන්න ඕනනම් කියන්න.;)

ජාවා ඉගන ගන්න අයට හොද resources එහෙම තියෙන තැන්, කියවන්න හොද පොත් වගේ ජාවාගැන ඔයාලා දන්න දේවල් හැමෝමත් එක්ක බෙදා ගමු.ඒ වගේම පොඩි පොඩි ප්‍රෝග්‍රෑම්ස් හදන හැටි, තමන් හදපු සොෆ්ට්වෙයාස්, ඒවා හදද්දි කාපු කටු, එරර්ස් එහෙම හැන්ඩ්ල් කර ගනිපු හැටි, oracle exams කරන අයට උදවු,විශේෂයෙන්ම Netbeans වලින් ප්‍රෝගෑම් හදන හැටි,පොඩි පොඩි ටිප්ස්,තමන්ම අලුතෙන් හොයා ගනිපු දේවල් ඔය වගේ ඕන දෙයක් ඉතින් කොටලා යන්න.එලකිරි එකේ ගොඩක් ඉන්නවනේ ජාවා expert කට්ටිය.ඒ හැමෝම මේකට එකතු වෙයි කියලා හිතනවා.එහෙනම් කාගෙ කාගෙත් ජාවා දැනුම දිනෙන් දින වැඩි දියුණු වේවා!:):):)
හැමෝටම බුදුසරණයි!
 
Last edited:

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mama Hithuwe java walin katha karanna uganwanawa kiyala....:eek::frown:

    what's up Integer......

    hey JFrame buddy....

    what are you doing here.?....

    I am finding my JScrollBar.....

    is it lost?......

    are you blind JFrame..... that shity Jscrollbar is lost idiot...

    why don't you ask it on stackoverflow...

    Fuck u integer.... you are great Thankx man.... you cool bro...
     
    mama Hithuwe java walin katha karanna uganwanawa kiyala....:eek::frown:

    what's up Integer......

    hey JFrame buddy....

    what are you doing here.?....

    I am finding my JScrollBar.....

    is it lost?......

    are you blind JFrame..... that shity Jscrollbar is lost idiot...

    why don't you ask it on stackoverflow...

    Fuck u integer.... you are great Thankx man.... you cool bro...


    :lol:
     
    හරි එහෙනම් පටන් ගමු අපේ ජාවා ත්‍රෙඩ් එකට දාන මුල්ම පාඩම.:yes::yes:මුලින්ම ජාවා ගැන introduction එකක් කරලම ඉන්නම්කො.:cool:ජාවා වල ඉතිහාසය ගැන කතා කළොත් 1991 ජනවාරි මාසයේදී Sun Microsystems ආයතනයේ පරිගනක විද්‍යාඥයන් කීප දෙනෙක් විශේෂ ව්‍යාපෘතියක් ගැන කතා කරන්න ඇමරිකාවේ කොලරාඩෝ වලට එකතු වුණා.ඒ ව්‍යාපෘතියේ නම වුණේ Green(Green Project).ඉතින් ඔන්න ඕකට ගැලපෙන මෘදුකාන්ගයක් තෝර ගන්න භාර් වුණේ James Gosling කියන විද්‍යාඥයට.වර්ථමානයේ ජාවා භාෂාවේ පියා නමින් හදුන්වන්නෙත් ඔහුම තමයි.:)ඉතින් ඊට පස්සෙ එතුමා මේකට තෝර ගන්නවා C++ කියන Language එක.ඒ වුනාට මේ ප්‍රොජෙක්ට් එකට C++ හරි යන්නේ නෑ කියලා ඔහුට තේරුම් ගියා.:growl::growl:ඒ නිසා ඔහු ඇතුලු කන්ඩායම අලුතෙන් ක්‍රමලේඛණ භාශාවක් හදුන්වලා දුන්නා.:eek:මුල් කාලයේදි එය "Oak" නමින් තමයි හදුන්වලා තියෙන්නෙ.ඒකට James Goslingගේ office එක ඉස්සරහ තිබුනු ඕක් ගහක් හේතු වුණා කියලා තමයි කියන්නෙ.:baffled::oo:ඊටත් පස්සෙ කාලෙක Green ලෙසත් අන්තිමට Java ලෙසත් නම් කෙරුණා.1995දී තමයි Sun Microsystems ආයතනය විසින් ජාවා භාශාව මුලින්ම මහජනයා වෙත ඉදිරිපත් කළේ.:):):)නමුත් මේ වෙනකොටජාවා භාශාවේ අයිතිය Oracle සමාගම සතුව තමයි
    පවතින්නේ.2010 ජනවාරි 27 තමයි Oracle සමාගම විසින් ජාවා වල හිමිකාරීත්වය ලබා ගත්තේ.

    ඉතිහාසෙ ඇති වගේ නේද?:dull::dull::dull:මොකක්හරි භාශාවක් ඉගන ගන්න කලින් අපි ඒකෙ අකුරු ටික දැන ගන්න ඕනනෙ.
    ජාවා වල Keywords 50ක් තියෙනව.
    abstract
    continue
    for
    new
    assert
    default
    if
    package
    boolean
    do
    goto
    private
    break
    double
    implements
    protected
    byte
    else
    import
    public
    case
    enum
    instanceof
    return
    catch
    extends
    int
    short
    char
    final
    interface
    static
    class
    finally
    long
    strictfp
    const
    float
    native
    super
    switch
    synchronized
    this
    throw
    throws
    transient
    try
    void
    volatile
    while


    මීට අමතරව true සහ false කියන ඒවා keywords වගේ පෙනුණට ඇත්තටම ඒවා boolean literals කියලා තමයි හදුන්වන්නේ.ඒ වගේම null කියන එක අයිති වෙන්නෙ null literals වලට.:nerd::nerd::nerd:

    # ජාවා වල සියලුම keywords ලියන්නෙ simple අකුරු වලින්.
    # ඒ වගේම සියලුම ජාවා Statements ;(Semi colon)එකකින් අවසන් කළ යුතුයි.
    උදා -: System.out.println("Hello World!");

    දැන් අපි බලමු ජාවා වලින් කෝඩ් එකක් ලියන හැටි - :
    - සාමාන්‍යයෙන් standerd එකට ලියනවා නම් PIC කියන Structure එකට තමයි ලියන්නෙ.:eek::eek::eek::eek::eek:
    P - Package Declaration
    I - Import Statement
    C - Class Declaration

    ඔයාලා Netbeans,Eclipse වගේ IDE එකක් Use කරලා තියෙනවා නම් ඔය කියන දේ හොදට තේරෙනවා ඇති.:yes::yes::yes::yes::yes::yes:

    >> අපි ලියන හැම ජාවා file එකක්ම මොකක් හරි Package එකක් යටතට වැටෙනවා.අපි Package එක සදහන් කළේ නැත්නම් ඒක default Package එක යටතට තමයි වැටෙන්නෙ.ඒ වගේම Package කියන keyword එකෙන් තමයි Package එකක් හදුන්වන්නේ.:)

    උදාහරණයක් විදියට ABC කියන folder එක ඇතුලේ JavaFiles/test/A.java කියන එකේ Package Declaration එක වෙන්නෙ

    package JavaFiles.test; කියන එක.

    >> ජාවාත් එක්ක ලබා දීලා තියෙන Standard Packages වල තියෙන Classes import
    කරන්න හරි අපි හදපු Classes import කරන්න හරි තමයි Import Statement යොදා ගන්නේ.

    Import Statement වර්ග 2ක් තියෙනවා.
    - පළවෙනි එක Specific import.මෙහිදී package එකක තියෙන එක Class එකක්
    පමණක් import කරනවා.

    උදා - : import javax.swing.JOptionPane;
    (මෙහිදී javax.swing කියන package එකේ තියෙන JOptionPane කියන Class එක
    පමණක් import කරලා තියෙනවා.)

    - දෙවෙනි ක්‍රමේ තමයි Wildcard import.මෙහිදී package එකක තියෙන සියළුම Classes import කරන්න
    පුළුවන්.

    උදා - : import javax.swing.*;
    (මෙහිදී javax.swing කියන package එකේ තියෙන සියලුම Classes import කරලා තියෙනවා.)

    >> ඒ වගේම ජාවා file එකක් ලියනවා නම් අනිවර්යෙන්ම Class Declaration එකක් තියෙන්න ඕන.class කියන keyword
    එකෙන් තමයි Class එකක් ලියන්න පටන් ගන්නෙ.

    class <class Name>

    අපි ඉස්සරහට කතා කරමු කොහොමද class Name එකක් ලියන්නෙ කියලා.දැනට මතක තියා ගන්න එක Source file එකක් ඇතුලේ
    ඕන තරම් classes තියෙන්න පුළුවන්.හැබැයි publc කියන keyword එක දාපු class තියෙන්න පුළුවන් එකක් විතරයි.ඒ වගේම public
    modifier එක දාපු class Name එකෙන්ම තමයි Source file එක save කරන්නත් ඕන.(හැබැයි අපි class එක public නොකර නිකන්ම class කියලා ලියුවොත් Source file එක class Name එකෙන්ම save නොකර වෙන නමකින් save කරන්නත් පුළුවන්.
    හැබැයි publc කියන keyword එක දාලා ලියනවා නම් class Name එකෙන්ම save කිරීම අනිවාර්‍යයි.)

    උදා - : public class A{}
    save කරන්නත් ඕන A.java කියලා.


    මේ කතා කලේ ජාවා වල මූලික දේවල් කිහිපයක් විතරයි.අද කතා කරපු ගොඩක් දේවල් තවත් විස්තර ඇතුව ඉස්සරහට කතා කරන්නම්.මම නම් ජාවා බොහොම පොඩ්ඩයි දන්නෙ.මේ කියපු දේවල් වල අඩු පාඩු එහෙම තියෙනවනම් පෙන්වලා දෙන්න හොදේ.ඒ වගේම පෝස්ට් එක චොරයි වගේ නම් සමාවෙන්න.මම එලකිරි එකට අළුත් නිසා තාම වැඩ කරන විදිය ගැන එච්චර දැනීමක් නෑ.:sorry::sorry::sorry::sorry:
    හැමෝටම බුදුසරණයි!
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ගොඩක් අය java පටන් අරන් desktop app ගහනවා. web ගහන අය php කරනවා. java වලින් desktop app ගහන අය දැන ගන්නව් C# ගැන. ඊට පස්සේ java ජරාව කියලා c# කරනවා. නමුත් මට හිතෙන විදියට java වැල 10% වගේ තමයි desktop පැත්තට තියෙන්නේ (එච්චරත් නැද්ද මන්ද) අනික් ඒවා ඔක්කොම java web පැත්තේ. spring/hibernate වගේ කරපු කෙනෙක් දන්නවා ඇති php වගේ ඒවගේ නැති ගොඩක් ඒවා java වල තියෙනවා කියලා/
     
    • Like
    Reactions: kavindu84