මොකක් හරි එකක් බලන්න. ෆුල්ස්ටැක් කළාට කමක් නෑ. ඒත් කරන්නන්වාලෙ කරල වැඩක් නෑ..
Fullstack ගැණ ගොඩක් අය කියපු නිසා කියන්නේ. Fullstack definition එක ජොබ් රෝල් එක අනුව වෙනස් වෙනවා. සමහර කම්පැනි Fullstack කියන්නේ Frontend code + Backend Code. ඒ කියන්නේ UI එක ගහන ලැන්ග්වේජ්/ Framework + Backend language. සමහර තැන් වල ෆුල්ස්ටැක් කියන්නේ බැකෙන්ඩ් ලැන්ග්වේජ් + සර්වර් සයිඩ් වැඩ( Devo Ops වගේ දේවල් ). සමහර තැන් වල ඔය ඔක්කොම ටික.
ඔය අතරේ සමහර කම්පැනි තියනවා ෆුල්ස්ටැක් කියලා අරගෙන අතුගානව ඇරෙන්න කම්පියුටරේ ඉස්සරහා වාඩිකරවලා ගන්න ඔක්කොම කරගන්න. ඒවගේ තැන් වලට ගියාම නම් languages, technologies හැම එකකම වැඩකරන්න වෙනවා. ඊට අමතරව BA, QA වැඩත් සෙට් වෙයි. මෙහෙම තැන ඉන්ඩස්ට්‍රි එකට එනකොටම අවුරුද්දක් විතර work කරාට කමක් නෑ. ඒත් පහු වෙනකොට Tech Lead වගේ යනව නම් මොකක් හරි එක ටෙක්නොලොජි එකක් හොඳටම කරලා තියෙන්න ඕන. මෙහෙම වෙද්දි එක එක මඟුල් හැම එකම කළා කිව්වට වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා මොකක් හරි එකක් ඉගෙනගෙන ඒකෙන් පර්ෆෙක්ට් වෙන එක තමයි හොඳ.
ඩිමාන්ඩ් එක පැත්තෙන් ගත්තොත්, ෆ්‍රන්ටෙන්ඩ් ලැන්ග්වේජ් + බැකෙන්ඩ් ලන්ග්වේජ් තියන අය ගොඩක් ඉන්නව සහ ඒ අයට ඩිමාන්ඩ් එකකුත් තියනවා. නමුත් සර්වර් සයිඩ් දැනුම එක්ක ලැන්ග්වේජ් තියන අය අඩුයි. ඒත් BE Code + Server side knowledge අයට පඩි වැඩියි.
අනිත් අය තමයි Programmer VS Engineer. කෝඩ් ගහන එක නම් ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒත් හරියට Design patterns යූස් කරලා කොලිටි කෝඩ් ගහන අය අඩුයි. ඒ නිසා මේ ස්කිල් එක ඉක්මනටම හදාගන්න කෙනෙක්ට architect වගේ ලෙවල් එකකට යන්න පුළුවන්. මේක කරනව නම් මෙහෙම අය සෙට් වෙන, ස්ටෑන්ඩර්ඩ් වැඩි කම්පැනි එකක් හොයාගන්නත් වෙනව. තනියම කරලත් යම් දැණුමක් ගන්න පුළුවන්.
එක එක දවසට ලැන්ග්වේජ් මාරු නොකර ඒකෙන්ම කරන්න තියන වැඩ ගොඩක් ඉගෙනගන්න එක තමයි හොඳම දේ. ලැන්ග්වේජ් එක තමුන් තීරණය කරන්න. රියැක්ට් කරනව කියල හිතනව නම් මට කියන්න තියෙන්නේ රියැක්ට් විතරක් කරන්න එපා. ටයිප්ස්ක්‍රිප්ට්/ නෝඩ් වගේ දේවල් ගොඩක් බලන්න. මම ජාවාස්ක්‍රිප්ට් ගැන ලොකුවට දන්නෙ නැති නිසා කියන්න දන්නෙ නෑ.