Jayanthi Kuru-Uthumpaala

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    එවරස්ට් කඳු මුදුණ තරණය කළ පළමු ලාංකිකයා ලෙස ජයන්ති කුරු උතුම්පාල පසුගියදා ඉතිහාසයට එක්විය.

    13232984_1131468996913357_487948449240906095_n.jpg


    13263739_1131468993580024_1339044642954413702_n.jpg


    13237780_1131468990246691_755911049851471159_n.jpg


    13226640_1131469033580020_5595861393164691868_n.jpg


    13267903_1131469036913353_646038857503832896_n.jpg


    13256018_1131469056913351_1953748199105056221_n.jpg
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ගියපු දෙන්නෙක් මැරිල කියන්නෙ ඇත්තද

    මට පස්නයක් තියෙනවා
    දැන් ඔය කදු නගිද්දි කබයක් අල්ලන් නේද නගින්නෙ
    ඉතිං ඒ කබේ දාන්නෙ කොහොමද?

    එයාලා ටොයිලට් යන්නෙ කොහොමද?
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ගියපු දෙන්නෙක් මැරිල කියන්නෙ ඇත්තද

    මට පස්නයක් තියෙනවා
    දැන් ඔය කදු නගිද්දි කබයක් අල්ලන් නේද නගින්නෙ
    ඉතිං ඒ කබේ දාන්නෙ කොහොමද?

    එයාලා ටොයිලට් යන්නෙ කොහොමද?

    තුන් දෙනෙක් මැරුනාලු.මේ අවුරුද්දට දැනට 20 මැරුනලු.
    ටොයිලට් යන්න නම් කදවුරු වලට යන්න ඕනෙ ඇති,සින්දුවක් වගෙ නම් මගදි කියනවා ඇති.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ගියපු දෙන්නෙක් මැරිල කියන්නෙ ඇත්තද

    මට පස්නයක් තියෙනවා
    දැන් ඔය කදු නගිද්දි කබයක් අල්ලන් නේද නගින්නෙ
    ඉතිං ඒ කබේ දාන්නෙ කොහොමද?


     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    තුන් දෙනෙක් මැරුනාලු.මේ අවුරුද්දට දැනට 20 මැරුනලු.
    ටොයිලට් යන්න නම් කදවුරු වලට යන්න ඕනෙ ඇති,සින්දුවක් වගෙ නම් මගදි කියනවා ඇති.

    ඉතින් කිව්වෙ නැනෙ අර අල්ලන් නගින කබේ දාන්නෙ කවුද කියල :(
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඉතින් කිව්වෙ නැනෙ අර අල්ලන් නගින කබේ දාන්නෙ කවුද කියල :(

    අර දාල තියෙන විඩියො එක බලන්න.එකෙ පෙන්නනවා කඹ අදින්නෙ කොහොමද කියලා.වැඩි විස්තර එවරස්ට් මූවි එක බැලුව නම් තෙරුම් ගන්න පුළුවන්.


     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අර දාල තියෙන විඩියො එක බලන්න.එකෙ පෙන්නනවා කඹ අදින්නෙ කොහොමද කියලා.වැඩි විස්තර එවරස්ට් මූවි එක බැලුව නම් තෙරුම් ගන්න පුළුවන්.



    මන් ඒක බැලුවා
    අපෝ එක්ට වඩා සෝක් Meru කියන පිල්ම් එක :D
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    එවරස්ට් මුදුනට ලඟා වී ආපසු ඒම 'පරාජයක් නොවේ'

    එවරස්ට් කඳු මුදුන ස්පර්ශ කිරීමට අත ළඟ තිබියදී ආපසු හැරී ඒමට සිදු වූ නමුත් ඒ තාක් දුරට ළඟා වීම තමා ලද ජයග්‍රහණයක් බව ශ්‍රී ලාංකික කඳු නගින්නෙකු වන යොහාන් පීරිස් පවසයි.

    ජයන්ති උතුකුරුම්පාල සමග එවරස්ට් අභියෝගයට මුහුණ දුන් යොහාන් පීරිස්ට එවරස්ට් කඳු ශීර්ෂයට ළඟා වීමට මීටර 300 ක් තිබියදී ආපසු හැරී ඒමට සිදු විය.

    කණ්ඩායමේ සෙසු සාමාජිකාව වන ජයන්ති උතුකුරුම්පාල කඳු මුදුන වෙත ළඟා වූ නමුත් තමා සතුව තිබූ ඔක්සිජන් ටැංකියේ වායු පරිමාව ප්‍රමාණවත් නොවූ බැවින් තම ජීවිත අවදානම පිළිබඳ අවධානය යොමු කොට එසේ ආපසු හැරී ඒමට සිදු වූ බවයි යොහාන් පීරිස් කියා සිටියේ

    "ඒක පරාජයක් ලෙස පිළිගන්නේ නැහැ. මම හිතන්නේ මේකත් ජයග්‍රහණයක්. මීටර 8400 ක් උස මම ළඟා වූ තැන ශ්‍රී ලංකා කොඩිය එසෙව්වා. ඒ වගේම කණ්ඩායමක් වශයෙන් අපි දෙදෙනාම ජය ලැබුවා."

    යොහාන් පීරිස් සමග සාකච්ඡාවට එක් වූ ජයන්ති උතුකුරුම්පාල ලොව උසම කන්ද වන එවරස්ට් කඳු ශීර්ෂය වෙත ළඟා වුනේ ඒ වෙත ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු ශ්‍රී ලංකික කාන්තාවද බවට පත්වෙමිනි.

    'කණ්ඩායමේ ජයග්‍රහණයක්'

    "මට හුඟක් ආඩම්බරයි එවරස්ට් කන්ද තරණය කරන්න හැකි වීම ගැන. යොහාන් සහ මම කණ්ඩායමක් වශයෙන් මේ අභියෝගය ජය ගෙන තිබෙනවා," ඇය කියා සිටින්නීය.

    කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් තමා එවරස්ට් අභියෝගය ජය ගත් බවයි ජයන්ති උතුකුරුම්පාල පවසන්නේ.

    "මේක දවසින් දෙකකින් කරන දෙයක් නෙවෙයි. අපි මාස දෙකක්ම කණ්ඩායමක් වශයෙන් ඒ සඳහා පුහුණු වුනා."

    එවරස්ට් කඳුකරයේ පවතින දැඩි ශීත කාලගුණය සහ දුෂ්කර තත්වයන්ට මුහුණ දීම සඳහා ශරීර ශක්තියට අමතරව මනසින් ද ශක්තිමත් විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

    කෙසේ වෙතත් එවරස්ට් කන්ද තරණය කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්‍ෂිත පියවර සම්බන්ධයෙන් මඟ පෙන්වන්නන් උපදෙස් ලබා දෙන බවත් ඇය සඳහන් කළාය.

    "උණු වතුර බීලා, දුම් අල්ලලා ඒ වගේ දේවලුත් කරන්න සිදු වුනා. කන්ඩ අමාරු වුනා, නමුත් කෑම අවශ්‍යයි. වතුර ලීටර හතරක් පමණ දිනකට පානය කළ යුතුයි," ජයන්ති උතුකුරුම්පාල වැඩිදුරටත් කියා සිටින්නීය.

    මේ අතර එවරස්ට් කඳු නැගීමේ යෙදී සිටි විදේශීය කඳු නගින්නන් තිදෙනකු මරුමුවට පත් වී ඇති බවත් ඉන්දීය ජාතිකයන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බවත් පසුගියදා වාර්තා විය.


    BBC
     

    waligamaya

    Well-known member
  • ඉතින් කිව්වෙ නැනෙ අර අල්ලන් නගින කබේ දාන්නෙ කවුද කියල :(

    මචන් කාලයක් තිස්සේ නැගපු කට්ටිය් කබ. දම්වැල්. අමතර ඔක්සිජන් බෝතල් දල තියනවා
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    More than $60000 :(:(
    ලංකාවෙ සල්ලි වලින් කීයක්ද
    ඇයි අය්යෙ එච්චර සල්ලි යන්නෙ
    පොඩ්ඩක් කියන්කො දැනගන්න ආසයි :(

    ලැබෙන දෙයක් නැද්ද එච්චර වියදම් කරල ගියාට? :sorry:


    මචන් කාලයක් තිස්සේ නැගපු කට්ටිය් කබ. දම්වැල්. අමතර ඔක්සිජන් බෝතල් දල තියනවා
    අපෙ අය්ය කිව්ව සමහර මැරිච්ච අය එහෙමම ඉන්නව කියල
    අරන් යන්නෙ නෑලු මිනීය :shocked: