නවසීලන්තය කඩුලු 5කින් පරදා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කළේය. විශේෂ අමුත්තන්ගේ කුටියේ සිට තරගය නැරුඹූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා මාතාව ඉදිරියේ විශිෂ්ට ජයග්‍රහනයක් සටහන් කළ කි‍්‍රකට් ක්‍රීඩකයන් හමුවීය.
මෙවර ලෝක ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහා තව තවත් ශක්තිය හා ධෛර්්‍යය ජනාධිපතිවරයා මෙහිදී ප්‍රාර්ථනා කර තිබේ. අවසන් තරගය ඉන්දියාවේ මුම්බායි හීදී අප්‍රේල් 2 වැනිදා පැවැත්වෙන අතර එහිදී අද තරගයෙන් ජය ගන්නා ඉන්දියාව හෝ පාකිස්ථානය ශ්‍රී ලංකාවට හමුවේ.