Jiwithe Palaweni Adare

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    එන්න පලවෙනි ආදරේ මතක් කරගන්න… පළවෙනි ආදරේ විශේෂ වෙන්නෙ මේ හේතු නිසාද?FEATURED


    ඔය ආදරේ තියෙනවා නේද? ඔව් තියෙනවා. හා එහෙනං ඒක එහෙමම තිබ්බාවේ. එහෙම තිබ්බා කියලා, එහෙමම තියෙන්න දෙන්න පුලුවන්ද? මතක් කරන්න බලන්න ඔයාගේ “පෙහෙලා ආදරම්” එක.

    මේ ටික කියෙව්වම මේ මොන මල මගුලක් ද? කියල හිතුනා නේද? ඔව් ඇත්තටම පොඩ්ඩක් එහා මෙහා උනා නම් මල මගුලක් ගන්න තිබ්බ වැඩක්. ඒකනේ තවමත් අමතක නොවී තියෙන්නේ. පලවෙනි ආදරේ. හම්මේ මතක් කරනකොටත් තියෙන සනීපෙ. වලිකාලා, පෙරලිලා කටු කාලා දාගත්තු පලවෙනි ආදරේ.

    කෙල්ලට ලියුම දෙන්න යනකොට කකුල් දෙන සට සට ගාලා ගැහෙනවා, හම්මෝ මම හිතුවේ කකුල් දෙකට හාට් ඇටෑක් හැදෙන්න එනවා කියලා ඒ තරමට ගැස්ම. ඒ කාලෙ අපේ එකෙක් මෙහෙම අහන්න ගිහිල්ලා කෙල්ල ගාවට ගිහින් රෝස මලකුත් දීලා කැමතියි කියලා කිව්වේ මෙන්න මෙහෙම.



    “මේ නංකී, මගේ යාළුවො කියනවා මම ඔයාට කැමතියිලු”



    මෙහෙම වැටිලා පෙරලිලා පටන් ගත්තු පලවෙනි ආදරේ හරිම සුන්දර නිසා, අපි කල්පනා කලා පලවෙනි ආදරේ අමතක නොවී හිත පතුලේම තියෙන්න මොනා හරි හේතු ටිකක් තියෙන්න ඕනෙනේ. අන්න ඒ හේතු ටික හොයලා ඔයාලට කියන්න.



    1. පලවෙනි එක නිසා

    First Love Tales
    Source – youtube.com/Manej Sanjaya – Pemwathiye
    මොනවා කියනවද? ඉස්සර ලවු කලේ නිලියන්ටයි, අටේ නිවුස් කිව්ව අක්කටයි තමා. ක්ලාස් එකේ දී මුලින්ම දැක්ක වෙලේ පොඩි කිතියක් ගිහින් හිතේ චුට්ටං කුයි කුයි එකක් ආපු ආදරේ කොහොම අමතක කරන්නද?

    මට නම් සැබෑ ආදරේ හම්බුනේ පරණ පොත් රාක්කයක් අස්සේ තිබිලා. ඔයාට කොහොමද?



    2. කාටවත් කියන්නේ නැති චූටි කුයි කුයි එක

    First Love Tales
    Source – youtube.com/Rakith Warawitage – Adare
    කොච්චර වුනත් ඔය ආලේ වැඩෙන්නේ කාටවත් නොකියා දෙන්නෙක්ගේ හිත් අස්සේ බොහොම හොර රහසේ නෙව. එයාගෙන් කෝල් එකක් ඒවිද? දුන්න ලියුමට උත්තර ලැබෙන්නේ කවදද? එච්චර ඕනේ නැහැ. ඊළඟ ක්ලාස් දවස කවදද කියලා ඇඟිලි ගැන ගැන ඉන්නේ? ඒ කාලේ නම් මරු කියලා හිතෙන්නේ අපි දැන් ගෙවන්නේ මොන ජීවිතද කියලා හිතෙනකොට තමයි.



    3. හාපුරා කියා පළමු කිස් එක

    First Love Tales
    Source – youtube.com/Dulaj Danushka – Nil Nuwan
    හම්මේ… දුන්න වෙලේ දැනුන හැටි. ෆිට් එක වැඩි වෙලා අපස්මාරේ හැදුනේ නැති ටික විතරයි. ගෙදර ගියේ කොහොමද කියලා මතක නැතිවෙන තරම් ආතල් එකක් වෙන කොහෙන් ගන්නද?

    අනිවා Love & Relationships Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂


    email address


    Subscribe


    4. මම කැමතිම ඔයාගේ අහවල් එකට

    First Love Tales
    Source – youtube.com/Sajeewa Dissanayake – Ikman Wela
    බය වෙන්න එපා, මේ කියන්නේ වැරදි දෙයක් ගැන එහෙම නෙවෙයි හිටං. පළවෙනි පාරට කෙල්ලෙක් පස්සෙන් ගිහින්, පුදුම කට්ටක් කාල අන්තිමේදි කැමතියි කියන වචනෙ ඇහුනට පස්සෙ පුදුම ෆීලිං එකක් පපුවට දැනෙන්නෙ. “මගෙ පෙනුමට හැසිරීමටත් එහෙනම් ගෑණු ළමයෙක් කැමතියි ඈ” කියල ඒ කාලෙ සැරින් සැරේ හිතෙද්දි දැනුන ෆීලිං එක ඊට පස්සෙ ලවු වලදි ඒ තරම් සැරට ආවෙ නෑ.



    5. පලවෙනි තෑග්ග

    First Love Tales
    Source-youtube.com/Dimanka Wellalage – Me Hitha Laga
    තව තව දේවල් ඔයාලට ලැබෙන්න ඇති. පල්ලෙහායින් කොමෙන්ට් සෙක්ෂන් එකේ අන්න ඒ ටික ලියන්නකෝ ඈ?



    6. ඇයි ලවු ලෙටර් එක

    First Love Tales
    Source – positivecomments.deviantart.com
    ලෝකෙම තියෙන සින්දු ටිකයි, උපමා රූපක ටිකයි එක්කහු කරලා ලිව්වා ලව් ලෙටර් එක. දුන්නේ පොතක් අස්සෙම දාලා තමා. ඉස්කෝලේ සිංහල මැඩම්ට මාට්ටු වුනා නම් මට වෙනමම සිංහල පේපර් එකකට ලියන්න දෙනවා එකේ තියෙන සිංහල දැකලා.



    7. හම්මේ දුන්න පර්ෆියුම් එකේ සුවඳ තාම දැනෙනවා

    First Love Tales
    Source – brands-list.com
    මෑතක් වෙනකල් ම හිස් බෝතලේ තියාගෙන හිටියා. වැඩට ගිහින් එක දවසක ගෙදර එනකොට අම්මා ඒක පරණ බඩු විකුණන මිනිහෙක්ට දීලා. ගෙදර මල් වෙඩි විතරයි. මොනා උනත් ඒ පර්ෆියුම් එකේ සුවඳ තමා මට දැනුනු හොඳම සුවඳ.



    8. පලවෙනි පාරට පන්සලට ගිය හැටි

    First Love Tales
    Source – youtube.com/Billy Fernando – Oba Kamathi Nam
    දෙන්න එක්ක එලියට කියලා මුලින්ම ගියේ ක්ලාස් ඉවර වෙලා පන්සලට. ගියත් ඉන්න ලැබුනේ විනාඩි 20ක් විතර, කොහෙද පන්සලේ හාමුදුරුවන්ට කපල් ඇලජික් ද කොහෙද? ඊට පස්සේ සැරේක ඒ පන්සලටම යනකොට ඉස්සරහින්ම ගහලා තියාපි පෙම්වතුන්ට ඇතුළුවීම තහනම් කියලා.



    9. කිස් එක දෙන්න ඔන්න මෙන්න ඉන්නකොට විසිලා පැනපි

    First Love Tales
    Source – youtube.com/Munchee Ginger PARK
    තොල් දෙක එක්කහු වෙන්න මිලි තප්පර 2.24යි තිබ්බේ. වැදුනා නේද හෙණ ගැහුවා වගේ විසිල් පාරක්. බලනකොට සික්කා අන්කල් පිටිපස්සෙන් රවාගෙන බලාගෙන ඉන්නවා. ඒකත් එතනම හබක්. ඒ වුනාට ඒ සීන් එක නම් ජීවිතේට අමතක වෙන්නේ නැහැ අප්පා.



    10. සෝක් ෆිල්ම් එක නේද මෙයා

    First Love Tales
    Source – theromantic.com
    බලන්න ගිය ෆිල්ම් එක හරිම සම්භාව්‍ය ගණයේ චිත්‍රපටයක්. ඒ වුනාට මතක පටන් ගන්නකොට ගිය නමයි ඉවර වෙනකොට පෙන්නන end credits ටිකයි තමා.
    මැද්ද?
    තාම මතක් කරගන්න ට්‍රයි කරනවා බ්‍රෝ.



    11. First ever පියාඹන පීරිසි මෙහෙයුම aka පළමු වලිය

    First Love Tales
    Source – youtube.com/Jude Rogans – Adare Sanwedana
    එවෙලේ මතක් කරනකොට බිය සාර වුනාට ඒවා මතක් වෙනකොට දැන්නම් හිනාත් යනවා. එයාගේ නියපොතු වල පාට මම හරි නෑ කිව්වා කියලා රණ්ඩුව පටන් ගත්තේ. අවුලක් වුනේ නැහැ. ආපහු යාලුවෙන්න වියදම් වුනේ, මෙන්ටෝස් එකක් විතරයි.

    හම්මේ එහෙම කාලයක්!!!



    12. හම්බෙන්න බැරි කල පුට්ටාර් එකේ බෝඩරේ ගමන්

    First Love Tales
    Source – youtube.com/Asanka Priyamantha – Mathakaya Aran Yanna
    ඒ කාලේ කෙල්ලව හම්බ වෙන්න බැරි වුනාම නිකන් මැජික් අරිශ්ටේ බොන්න නැතිවුණ ගෝල් වැසියා වගේ ලාංතරස් වෙලා ඉන්නේ. වෙන කරන්නම දෙයක් නැති වුනාම කොල්ලෙක්ගෙන් පුට්ටාර් (පුෂ් බයිසිකල්) එකක් ඉල්ලං කෙල්ලගේ ගෙවල් බෝඩරේ පැත්තේ රස්තියක් ගහන එක තමා කරන්නෙ.

    බැරි වෙලාවත් කෙල්ල රෙදි වනන්න හරි එලියට ඇවිත් හිටං, කොල්ලව දැකලා අතක් පයක් වැනුවොත් ඉතිං, කොල්ලා ගෙදර යන්නේ අහසට වෙඩි දෙකකුත් තියලා තමා. ඒ තරම් ආතල් එකේ.



    13. “වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා” ආදී සීන්!

    First Love Tales
    Source – thejournal.ie
    ඒ කාලේ කෙල්ල දවසක් කතා කලේ නැත්තම් එහෙම නැත්තම් පොඩ්ඩක් තරහ වෙලා ඉන්නවා නම් අපිට හෙනම අප්සෙට්, වැඩක් නැහැ මේ ජීවිතේ, මට මහණ වෙන්න හිතෙනවා, වගේ ටෝක්ස් දීලා යාලුවෝ ඉස්සරහ කඳුළු බින්දුව වෙන්න ට්‍රයි කලාට මොකෝ කෙල්ලගෙන් එක “හායි” එකක් හරි මිස් කෝල් එකක් හරි ආවා කියන්නේ වෙන මොනවත් ඕනේ නැහැ.

    අපේ එකෙක් හිටියා කෙල්ල එක්ක තරහා වෙලා කෙල්ලගේ ගේ ඉස්සරහට ගිහින් සබන් දාලා හෝදපු කෘමිනාශක කුප්පියකට මීපැණි දාගෙන ගිහින් බීලා කෙල්ලගේ හිත දිනාගත්තු එකෙක්.



    14. අතීතය සිහිනයක් ම පමණයි බ්‍රෝ

    First Love Tales
    Source – youtube.com/Athma Liyanage – Me Hitha Thaniyen
    ගොඩක් තමන්ගේ පලවෙනි ආදරේ ඇත්තක් කරගෙන තමන්ගේ ජීවිතේ ලස්සන කරගත්ත අය නැත්තේ නැහැ. ඒත්, පලවෙනි ආදරේ කියන්නේ මතකයක් විතරක් වෙලා තිබෙන කී දෙනෙක් අපි අතරේ ඉන්නවද?

    ඒ මොනා වුනත් පලවෙනි ආදරේ කියන්නේ මතක් කරන කොටත් හිතට සනීපයක් දැනෙන තැනක් වෙලා තියෙන කෙනෙක් නම් ඒ බව මතක් කරලා පහලින් කොමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්නෙපා හොඳේ?

    Uputa ganeemaki