Job Qualifications

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ජොබ්

    මේ දවස් වල නැගලා යන ජොබ් එකකට ඕන කරන බේසික් කොලි‍ෆිකේෂන් මේවා තමයි


    දැන් ඉස්කෝලෙන් අවුට් වුනාට පස්සේ, එහෙම නැත්තං කැම්පස් එකෙන් අවුට් වුනාට පස්සේ තියෙන ලොකුම ඔළුවේ කැක්කුමක් තමයි ජොබ් කට්ටක් සෙට් කරගන්න එක. කැම්පස් අවුට් වුනහම නං තමන්ගේ ෆීල්ඩ් එකට අදාළ වෙන තැනකින් ඉන්ටර්න්ෂිප් එකක් සෙට් කරගෙන, පස්සේ ජොබ් එකේ ස්ථිර වෙන්න පුලුවන්. හැබැයි ඉස්කෝලෙන් අවුට් වුණු ගමන් ජොබ් එකක් හොයාගන්න එක සෙල්ලං වැඩක් නෙවෙයි.
    හැබැයි මේ රස්සා හොයන සෙල්ලමට ගිහින් රස්සා නැතුව හති වැටෙන නංගිලා මල්ලිලා නොදන්න දෙයක් තමයි හරි කොලි‍ෆිකේෂන් හදාගැනීම කියන එක. ජොබ් එකක ඉල්ලන මූලික සුදුසුකම් දෙකක් වෙන්නේ හරියන කොලි‍ෆිකේෂන් එක සහ පළපුරුද්ද. ඉතින් පළපුරුද්ද හදාගන්නත් ජොබ් එකක් කරන්න ඕනනේ. ඒ නිසා හොඳම දේ තමයි තමන්ට ඕන ජොබ් එකට ගැලපෙන කොලි‍ෆිකේෂන් මුලින් ගොඩදාගන්න එක.
    ඉතින් මේ කියන්න යන්නේ මේ දවස් වල ට්‍රෙන්ඩ් එකේ තියෙන ජොබ් කීපෙකට හරි යන ප්‍රොෆෙෂනල් කොලි‍ෆිකේෂන් ගැන තමයි.

    1. ඉංග්‍රීසි ගුරු පත්වීම්



    Job-Qualifications-aniwa-01.gif





    ඉංග්‍රීසි භාෂා ගුරු කියලා කියන්නේ ඉංග්‍රීසි උගන්වන එකම විතරක් නෙවෙයි මෙතනදී. ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙනත් විෂයයන් උගන්වන අයටත් මේ කාලේ ඉන්ටර්නැෂනල් ස්කූල් වල හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් කොච්චර තියෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ හින්දා හොඳ විෂය දැනුමක් එක්ක ඉංග්‍රීසි හැකියාව තියෙනවා නං, ඉගැන්වීමට සහජ හපන් කමක් තියෙනවා නං මේ වගේ ජොබ් එකක් ගොඩදාගන්න පුලුවන්.
    පාඨමාලා:
    විවෘත විශ්වවිද්‍යාලයේ තියෙනවා ඉංග්‍රීසි උපාධිය. යන්නේ සම්පූර්ණයෙන්ම හතළිස් දාහකටත් අඩු මුදලක්.
    විවෘත විශ්ව විද්‍යාලයේ තියෙනවා අවුරුද්දේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකත්. උපාධියට යන ගාණට ආසන්න ගාණක් වැය වෙන්නේ.
    එතකොට අපොස සාමාන්‍ය පෙළ නව නිර්දේශය සඳහා ඉංග්‍රීසි සාහිත්‍යය උගන්නන්න හිතන අයටත් වෙනමම කෝස් එකක් තියෙනවා. රුපියල් 7,000යි.

    2. ග්‍රැ‍ෆික් ඩිසයිනින්



    Job-Qualifications-aniwa-02.jpg





    ග්‍රැ‍ෆික් ඩිසයිනින් කිව්වහම ඉතින් ඊයෙ පෙරේදා ෆොටෝ ෂොප් එකේ මාස්කින් වලට ටූල් එකක් තියෙනවා කියල ඉගෙන ගත්තු මල්ලිලත් ජොබ් වලට ගිහින් කියනවා මම ග්‍රැ‍ෆික් ඩිසයිනර් කෙනෙක් කියලා. හැබැයි ජොබ් වලට එහෙම හරි යන්නෙ නෑ. ග්‍රැ‍ෆික් ඩිසයිනින්ග් හොඳට පුලුවන් නං ලංකාවේ ඕන තරම් ජොබ් තියෙනවා. හැබැයි එක්කෝ හොඳ පළපුරුද්දක් සහ කොලි‍ෆිකේෂන් තියෙන්න ඕන. ඒ එක්කම හොඳ නිර්මාණශීලීත්වයක් තියෙන්නත් ඕන.
    පාඨමාලා:
    විජය ග්‍රැ‍ෆික්ස් ආයතනයේ තියෙනවා විවිධ ග්‍රැ‍ෆික් ඩිසයිනින්ග් පාඨමාලාවන්. තනි තනි පාඨමාලා වලට රුපියල් 5,000 විතර ඉඳන් ඉහළට වැය වෙන්නේ. පැකේජ් පාඨමාලා වලට රුපියල් 33,000 ට ආසන්න ගණන් තමයි යන්නේ.
    ස්ලිට් එකේ තියෙනවා රුපියල් 25,500 ට ග්‍රැ‍ෆික් ඩිසයින් සහ බහුමාධ්‍ය පාඨමාලාවක්. සෑහෙන විෂය පරාසයක් ආවරණය වෙනවා.

    3. තොරතුරු තාක්ෂණය



    Job-Qualifications-aniwa-03.gif





    තොරතුරු තාක්ෂණය කියලා කිව්වහම ඉතින් එක ජොබ් එකක් නෙවෙයි. බොහොම ඉහළ පරාසයක ‍රැකියා අහුවෙනවා. හැබැයි ඇත්තටම ලංකාවේ ඒවලට ‍රැකියා අවස්ථාවනුත් සෑහෙන්න තියෙනවා. ඒ වගේම තරඟකාරීත්වයත් තියෙනවා. ඉතින් අයි.ටී. ෆීල්ඩ් එකේ රස්සාවක් හොයාගන්න ඕන නං අනිවා එක් ක්ෂේත්‍රයක වෘත්තිය සුදුසුකම් එක්ක විශේෂීකරණයක් තියෙන්න ඕනමයි.
    පාඨමාලා:
    මේකට නම් ඊසොෆ්ට් වගේ ආයතන වල ඉඳන් ස්ලිට් එකට යනකල් පිළිගත්තු ආයතන වල උපාධි පිරිනමනවා. පොඩ්ඩක් කතා බහ කරලා බලන්නයි තියෙන්නේ.
    මෘදුකාංග ඉංජිනේරු උපාධිය පිරිනමනවා විවෘත විශ්වවිද්‍යාලයෙන්. කෝස් එකේ එක අවුරුද්දකට රුපියල් 75,000ක් විතර යනවා.




    4. මූල්‍ය සහ ගිණුම්කරණය



    Job-Qualifications-aniwa-04.jpg





    මේකත් ලංකාවේ විතරක් නෙවෙයි, වෙන රටවල පවා හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන රස්සාවක්. හැබැයි ඉතින් ඒ ලෙවල් වලට එකවුන්ට්ස් කළා කියලා නං මේ ෆීල්ඩ් එකේ හොඳ රස්සාවකට යන්න අමාරුයි. හැබැයි මේකට අදාළ වෙන සුදුසුකම් ලැබෙන පාඨමාලා හැමතැනම වගේ තියෙනවා. ඉතින් හොඳ පිළිගැනීමක් තියෙන තැනක් බලලා යන්න තමයි තියෙන්නේ.
    පාඨමාලා:
    ලංකාවේ ඉතින් ගොඩක් දෙනා පටන් ගන්නේම AAT වලින් තමයි.

    5. ලිවීම සහ පරිවර්තනය



    Job-Qualifications-aniwa-05.jpg





    මේක ලොකුවට ට්‍රෙන්ඩින්ග් ක්ෂේත්‍රයක් නෙවෙයි. හැබැයි හැකියාව තියෙන දූලා පුතාලට ඉස්සරහට යන්න පුලුවන් පැත්තක්. හොඳම දේ තමයි මේක ‍ෆ්‍රී ලාන්සින්ග් වැඩක් විදියට කරන්න පුලුවන් කම තියෙන එක. හැබැයි ඉතින් මේකටත් පාඨමාලා හදාරලා විතරක් හරියන්නේ නෑ. ලිවීමේ කලාව සහ හැකියාව වගේම පරිවර්තනයේ අවබෝධයත් ඇ‍ඟේ තියෙන්න ඕන. හොඳට කියවන, ලියන ඩයල් එකක් වෙන්න ඕන.
    පාඨමාලා:
    ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන සහ ලේඛකත්ව පාඨමාලාව කරන එකත් හොඳයි පටන් ගැන්මට.
    භාෂා පරිවර්තනය සඳහා කැලණිය සරසවියෙන් ලබාදෙනවා ඩිප්ලෝමා පාඨමාලාවක්. අවුරුද්දක කාලයක් තමයි යන්නේ.
    ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයෙන් පිරිනමන පරිවර්තන කුසලතා සංවර්ධන පාඨමාලාවත් රුපියල් 15,000ක මුදලකට බොහොම වැදගත් විෂය පථයක් ආවරණය කරනවා කියන එක කියන්නම ඕන.

    6. බැංකු ‍රැකියා



    Job-Qualifications-aniwa-06.gif





    බැංකු ක්ෂේත්‍රයේ ‍රැකියාවක් කියන්නේ ඉස්කෝලෙන් අයින් වුණු ගමන් ගොඩක් දෙනෙක් ඇහැ ගහගෙන ඉන්න රස්සාවක්. හැබැයි ඉතින් ගොඩක් දෙනා ට්‍රයි කරන්නේ අවුරුද්දක් විතර ඇදලා වෙන තැනකට මාරු වෙන්න. ඒත් බැංකු ක්ෂේත්‍රයට ගැලපෙන පාඨමාලාවක් එහෙම කරලා, එක බැංකුවක ඉස්සරහට යනවා කියන්නේ ඉතින් අවුරුදු කීපයකට පස්සේ හොඳ ‍රැකියා සුරක්ෂිත භාවයක් තියන ප්ලේස් එකකට යන්න පුලුවන්.
    පාඨමාලා:
    ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ වෘත්තිමය පාඨමාලාවන් හා ඩිප්ලෝමාවන් ගණනාවක් ලබාදෙනවා.
    බැංකු අධ්‍යාපන මධ්‍යස්ථානය කියන්නේත් ශ්‍රී ලංකා මහබැංකුවෙන් ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පාඨමාලාවන් පවත්වන තැනක්.
    ඒ ඇරෙන්න කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු රජයේ විශ්වවිද්‍යාලයන් වලත් බැංකුකරණයට අදාළ වෙන විෂයයන් සඳහා ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා තියෙනවා.

    7. බියුටි කල්චර්



    Job-Qualifications-aniwa-07.gif



    සාමාන්‍යයෙන් ගෑල්ලමයි ඉස්කෝලෙ ගිහින් ඉවර වුණු ගමන් වෙන කරන්න දෙයක් නැත්තං බියුටි කචල් කරන්න පටන් ගන්න සීන් එකක් තියෙනවනේ. ඇත්තටම වෙන්නේ ගොඩක් අය වෙන කරන්න දෙයක් නැති නිසා ලඟ පාත ඉන්න බියුටි සැලුන් එකකට ගිහින් අත් උදවු දීලා වැඩේ පුරුදු වෙනවා. ඉන් පස්සේ ගෙදර අරිනවා තමන්ගෙම සැලුන් එකක්. හැබැයි මේක නෙවෙයි හරි විදිය. ඇත්තම කියනවා නං රූපලාවණ්‍යය සහ කොණ්ඩා සැකසුම් ශිල්පය කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි, පිටරටවලත් සෑහෙන්න ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන රස්සාවක්. අන්න ඒ නිසා මේක හරියට ඉගෙන ගන්න දැනගන්න ඕන. එහෙම හරියට ඉගෙන ගෙන, පිළිගත්තු තැනකින් සහතිකයක් එක්ක වැඩේ පටන් ගන්නවා කියන්නේ හම්බු කරන්න වගේම නමක් දිනාගන්නත් හොඳ අවස්ථාවක්.
    පාඨමාලා:
    තිරානි පීරිස් මහත්මියගේ ඇකඩමි එකෙන් මේ වෙනකොට අවුරුදු විසිපහකට ආසන්න කාලයක් රූපලාවණ්‍යය ශිල්පය ගැන පාඨමාලා පැවැත්වෙනවා.
    රමණී ප්‍රනාන්දු ඇකඩමියත් කොණ්ඩා සැකසුම් වගේම බියුටි තෙරපි වගේ සබ්ජෙක්ට් වලටත් ඩිප්ලෝමාවන් ලබාදෙනවා.
    ජාත්‍යන්තර රූපලාවණ්‍ය ශිල්පීන්ගේ ඇකඩමියෙනුත් සහතික පත්‍ර පාඨමාලාවන් සෑහෙන්න ප්‍රමාණයක් ලබාදෙනවා.
    හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕන. පුද්ගලික ක්ෂේත්‍රයේ නිකම්ම සැටිපිකේට් එක විතරක් බලලා රස්සා දෙන්නෙ නම් නෑ. ඒකට හැකියාවන් පෙන්නන්නත් ඕන. හැබැයි ඉතින් අදාළ ක්ෂේත්‍රයේ පාඨමාලාවක් හරියාකාරව හදාරනවා කියන්නේ හැකියාවන් ඇතිවෙනවා කියන එක තමයි.


    කට්ටියටම වැදගත් වෙයි කියලා හිතලා උස්සලා දැම්මේ.... උබලත් දන්න ඒවා මේකට දාපල්ලා....


    උපුටා ගැනීම - http://www.aniwa.lk/2017/04/27/1704271-job-qualifications/
     
    Last edited: