ඒ වුණත් ලාබ ලබන කොට මීක් නැහැ. මාස කීපයක් වැහුවහම රඟනවා. මේ අතරෙ සමහර company තියෙනවා ලොකු effect එකක් නොවෙන. ඒවත් හැසිරෙන්නෙ පාඩුයි වගේ මේ නිසා. අන්තිමට තැලෙන්නෙ මාසෙ පඩියෙන් ජීවත්වෙන අහිංසක මිනිස්සු.
පහුගිය අවුරුද්දක් කාලයේ වැඩි වුණ ජීවන වියදමට සාපේක්ෂව ඔය සමාගම් වැටුප් වර්ධක දුන්නද? එක මාසයක් වසංගත රෝගයක් නිසා ආයතනය වැඩ කටයුතු අත් හිටුවන්න වුණා කියලා සේවක වැටුප් කප්පාදු කිරිමට හේතුවක් නම් පහුගිය අවුරුද්දක් පුරාවට ලැබූ ලාභාංශ ගියේ කොහේටද? වසංගත රෝගයක් නිසා ජීවන වියදම පහළ යන්න විධියක් නැහැ. එහෙනම් වැටුප් කැපුවට පස්සෙ මිනිස්සු ජීවත් වන්නේ කොහොමද? අනෙක් කාරණය කම්කරු නීතියට අනුව සේවකයාගේ කැමැත්තකින් තොරව වැටුප් කප්පාදු කරන්න බැහැ. පසු ගිය අවුරුද්දක කාලයේ ගත්ත ලාභාංශ දාළා ආයතනයේ කටයුතු කරගෙන යන්න බැරිකමක් නැහැ.
කොච්චර කවුරු බයිල ගැහුවත්, කොම්පැනි අධික ලාබයක් ගන්නව කියන එකත්, පොඩ්ඩ එහා මෙහා උනහම ආයතනය ගොඩදාන්න කඹුරන සේවකයට කෙලවනව කියන එකත්, සේවකයගෙ මේ ප්‍රශ්න වලට හේතුව ලෝක මට්ටමිනුත්, රටක් විදිහටත් කම්කරු නීති දුර්වල එකයි. කම්පැණිකාරයො නම් වයිරස් පිට දාළා ටෝක් දීලා සේවකයන්ට අරී දැන් පැල් බැඳගෙන.