John Keels |Sri lankan | brandix cuts salaries

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    කොරෝනාවෙන් මෙරට දැවැන්ත සමාගම් හාන්සියි.. ජෝන් කීල්ස්, බ්‍රැන්ඩික්ස්, ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් වැටුප් කප්පාදු කරයි..


    වැටුප් කප්පාදු සිදුකෙරන ආකාරය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, බ්‍රැන්ඩික්ස් ලංකා, ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සිය සේවකයින්ට නිල වශයෙන් දැනුම් දෙති.

    මෙරට ප්‍රධාන පෙළේ මහා පරිමාණ සමාගම් කිහිපයක්ම මේ වන විට එළඹෙන මාස කිහිපය තුල සේවක වැටුප් කප්පාදු ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ ව්‍යාපාර කටයුතු අකර්මණ්‍ය වීම හේතුවෙන් තම සමාගම්වල පිරිවැය පාලනය කිරීමේ පියවරක් ලෙසින් මෙම තීරණය ගැනීමට අදාළ සමාගම්වලට සිදුව ඇත.

    මෙරට ලැයිස්තුගත විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී අප්‍රේල්, මැයි සහ ජූනි මාසවලට බලපැවැත්වෙන පරිදි පිරිවැය පාලන ක්‍රමවේද සඳහා යොමුවීමට පියවර ගෙන ඇති බව එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සිය කාර්ය මණ්ඩලය වෙත අභ්‍යන්තර මෙමෝ (Internal Memo) පණිවුඩයක් හරහා දැනුම් දී ඇත.

    ඒ අනුව සමූහයේ විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ වැටුප් 60%කින්, සමූහ විධායක කමිටුවේ සාමාජිකයින්ගේ මූලික වැටුප 35%කින්, රු, 50,000ට වැඩි වැටුප් ලබන සියලු දෙනාගේ වැටුප්, වැටුප් මට්ටම් අනුව 5% සිට 35% දක්වා ප්‍රමාණයකින් කප්පාදු කිරීමට මෙහිදී තීරණය වී ඇත. මීට අමතරව ඉදිරි මාස 03 ක කාලය සඳහා ගමන් වියදම් දීමනා, නව බඳවා ගැනීම්, පාරිතෝෂිත අරමුදල් ණය යනාදිය ද අත්හිටුවා තිබේ.

    මේ අතර ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟළුම් අපනයනකරුවා වන බ්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඕමාර් සිය සගයන් වෙත ලිපියක් යවමින් මෙසේ කියා සිටී.

    “මම අපගේ ප්‍රධාන ගනුදෙනුකරුවන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන අතර තත්වය වඩාත් දරුණු අතට හැරී ඇත. ඔවුන් අනාගත සියලුම ඇණවුම් අවලංගු කර ඇති අතර ඇත්ත වශයෙන්ම අප දැනටමත් නිපදවා ඇති දේ නැව්ගත නොකරන ලෙස ඉල්ලා ඇත. සමහර ගැනුම්කරුවන් අවලංගු කිරීම් සඳහා වට්ටම් ඉල්ලා ඇත. මෙම ක්‍රියාවන් අප මීට පෙර දැක ඇති දෙයට වඩා වෙනස් වන අතර මෙය අපගේ සමාගමට පෙර නොවූ විරූ මූල්‍ය ආතතියක් ඇති කර තිබේ. ආදායම් උත්පාදනය කිරීමට ඇති නොහැකියාව අපගේ ආර්ථිකය, අපගේ සමාගම සහ අපගේ පුද්ගලික සුභසාධනය බරපතල අවදානමකට ලක් කර ඇත. කෙසේ වෙතත්, අප මේ තුළින් පැමිණිය යුතුය. ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපගේ කර්මාන්තය ශක්තිමත්ව සිටිය යුතුය.“

    ඒ අනුව බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ සියලු විධායක ශ්‍රේණිවල නිලධාරීන්ගේ වැටුප්, වැටුප් මට්ටම් අනුව 5% සිට 60% දක්වා කප්පාදු කිරීමට පියවර ගෙන ඇත. සියලු ප්‍රාග්ධන වියදම් අත්හිටුවීමටත්, නව බඳවාගැනීම් අත්හිටුවීම හා තාවකාලික කාර්ය මණ්ඩලය තවදුරටත් රඳවා නොගැනීමට ද තීරණය වී තිබේ.

    ශ්‍රීලංකන් ගුවන්සේවයේ සේවකයින් සඳහා 2.5% සිට 25% දක්වා මාස 3 ක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරීමක් පැනවීමට සහ 2020 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම වැටුප් වර්ධක තාවකාලිකව නවතාලීමට කටයුතු යොදා තිබේ. එසේම 2020 වර්ෂයේ ඉතිරිකිරීමේ පිරිවැය කෙරෙහි සෘජු බලපෑමක් ඇති ගුවන් භාණ්ඩ හුවමාරු සේවා හැර 2020 අප්‍රේල් මස 8 වන දින සිට අප්‍රේල් මස 21 වන දින දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව තිබේ. කෙසේ වෙතත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය, ශ්‍රීලංකන් ගුවන් සේවයේ සෑම කාර්ය මණ්ඩලයකම රැකියා ආරක්ෂා කිරීමට සෑම උත්සාහයක්ම දරන බව කියා සිටී.

    මෙරට ප්‍රමුඛ පෙළේ දැවැන්ත සමාගම් කිහිපයකම තත්ත්වය මෙසේ වන කල, කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම සෙසු කර්මාන්ත, ව්‍යාපාර හා සමාගම් වෙත එල්ල වීම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇත. මේ වන විට ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුව හරහා මෙම හානිය අවම කර ගැනීම සඳහා විවිධ සහන පැකේජ ගණනාවක්ම දියත් කර තිබීම පැසසිට යුතු කරුණකි. කෙසේ වෙතත් මෙම ව්‍යාපාර යථා තත්ත්වය පත්වන්නට සැලකිය කාලයක් ගත වනු ඇත. එබැවින් ඒ දක්වා සියලු දෙනාම තම තමන්ගේ ‘පටි තද කර‘ ගෙන සිටිය යුතු බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.

    – biz.adaderana.lk
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,215
    25,394
    113
    ලොකු එවින් ඇවිද ඇවිද කරන එක, පොඩි එවුන් දුව දුවා කරයි නේද?

    පොඩි සමාගම් වල ලොක්කෝ පඩි බෙදාගෙන, පොඩි එවුන්ට දෙන්න දෙයක් නෑ කියයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    Trincomalee
    original.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    මොබයිල් කම්පනි කාරයෝ, කලු කඩ, බඩු බෙදන හොරු, අනාතයොවගේ බොරුවට ඉදලා බෙදන හෑමදේම ගන්න හොරු විතරයී ගොඩ යන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,599
    66,863
    113
    They will not recover in 3 months!This will go on till nexy year.Do you think they will raise the salaries again?This is the new salary level.