Joke ekak

Danoj

Member
Apr 26, 2008
4
1
0
වටිනාකියන පුරාවස්තුව එකතුකරන පුද්ගලයෙක් පාරදිගේ අවිදගෙන ගියා. ඒ යන අතරතුර ඔහු දැක්කා පූසෙක් පීරිසියකින් කිරි බොනවා. ඒ දෙස දෙවරක් බැලූ ඔහුට එම පීරිසිය පැරණි එකක් බව වැටහුනා.
තවත් හොඳින් ලංවී බැලූ ඔහුට එම පීරිසිය පුරාවස්තුවක් බව හොඳටම වැටහුනා.
යලි දෙවරක් නොසිතූ ඔහු එම පීරිසිය මිලදී ගැනීමට තීරනය කල අතර එම පීරිසිය අඩු මුදලකට ගත හැකි උපායක් ද කල්පනා වුනා. මේ සඳහා ඔහු බළල් අයිතිකරු වෙත ගොස් මෙසේ කීය.
“මම මේ බළලා රුපියල් 200කට ගන්න කැමතියි”
“සමාවෙන්න මේ බළලා විකුනන්නෙ නැහැ”
“මගේ ගෙදර මීයන් බෝ වෙලා හරිම කරදරයි. මම මේ බළලට රුපියල් 2000ක් දෙන්නම්”
“හරි ගන්න” යයි කී බළල් අයිතිකරු එම බළලා රුපියල් 2000ක් ගෙන භාරදුන්හ.
බළලා අතට ගත් මිනිහා “මට අර පීරිසිය දෙන්න පුළුවන්ද නැතිනම් මට පීරිසියකුත් හොයන්න වෙනව නේ” යයි කීය.
“ඒක නම් කීයකටවත් දෙන්න බැහැ මහත්තයෝ. මේක මගේ වාසනාවන්ත පීරිසිය. ඔය පීරිසිය නිසා අද දවස ඇතුලත බළලුන් 21ක් විකිනුවා”

by atlanka.com
 
Last edited:

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    හෙහෙ එල එල වාසනාවන්ත පිරිසිය .. මරේ මරු...