Just for think...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මිනිසෙකුට කලකදී නම්බුවක් ගෙන දෙන හැකියාවක් හෝ ගති ලක්ෂණයක් තවත් කලකදී සාපයක් වන අවස්ථා ජීවිතයේ එමට ඇත. අඩෝ උට බොන්න පුළුවන් මචං... ගුදමක් වගේ! කොච්චර ගැහුවත් වදින්නේ නෑ නේ!'. 'ලේසියෙන් වදින්නේ නෑ' යන පදවිය කොල්ලෙක්ට ගැටවර වියේ ලැබිය හැකි උතුම්ම නම්බු නාමයක් ලෙස සැලකුණි .දොළොස් මහේ පහනට තෙල් වක් කරන්නා සේ බෝතල් ගණන් පෙව්වත් කිසිම ගානක් නැතුව ඉන්න පුළුවන් පොරවල් වලට අයියානායක දෙවියන් වැනි ප්‍රාදේශීය දෙවි ස්ටේටස් එකක් ආරෝපණය වූයේ නිතැතින්මය.



    සෙට් වීමකදී පලවෙනි බෝතලය කැඩීම ( වැඩ දාල කඩන්න ඕනේ , elbow attack එක වැනි ආකර්ශනීය ශිල්ප ක්‍රම දැනගෙන සිටීම ගෞරවය වැඩි කරන සාධකයකි ) , බ්‍රෑන්ඩ් එක තේරීම හෝ උපදෙස් දීම වැනි ගරු කටයුතු වැඩ රාජකාරි කීපයක්ම මෙම දෙවි තනතුර සමඟ ඇල්ෆා බෙබාලට උරුම වුනි. තවද වැඩිය බොන්න බැරි එකෙක් පමණ ඉක්මවා ගොස් පරල වූ විට අනිත් කොල්ලන් සියල්ලම එකතු වී , එකල ගැමියන් ගමේ කෙනෙක් සතෙක් සරුපයෙක් ගේ දෂ්ට කිරීමකට ලක්වූ විට කරපිටින් උස්සාගෙන ගමේ වෙද මහත්තයා ලඟට යන්නා සේ ඇල්ෆා බෙබා ලඟට ඔසවාගෙන එයි. එවිට තමන්ගේ පරිණත දැනුම සහ විසල් අත්දැකීම ඇසුරෙන් රෝගියා සුවපත් කිරීමද ඔහු සතු වගකීමකි. මේ සියලු කරුණු නිසා ඇල්ෆා බෙබා / අයියානායක ලා නිතැතින්ම ගරු කටුයුතු බුවාලා බවට පත්විය.


    මා කලින් කිව්වා වගේ , මේ ගරු පදවිය කොල්ලෙකුට ආඩම්බරයක් ගෙන දෙන්නේ ඔහු ගැටවර වියේ ඉන්නා තෙක් පමණි. එනම් සාමාන්යෙන් අවුරුදු 16 - 22 වැනි වයස් සීමාවක ඉන්නා තෙක් පමණි.අයියානායක පදවියෙන් ගැටවර වියේ බැබලුන කොල්ලාට , වයසට යත්ම මෙම හැකියාව මර සාපයක් වේ ! දැන් ඔහු මහන්සි වී රැකි රක්ෂාවක් කරයි , හම්බ කරන සොච්චමෙන් දරු මල්ලන් සහ පවුලේ උදවිය නඩත්තු කල යුතුයි. ඒ මදිවාට අරක්කු සහ සිගරට් දැන් ගිනි ගණන් ය. මේ නිසා ඔහුගේ ධාරිතාව සපුරාගැනීමට අවැසි තරම් බීමට ඔහුගේ ආර්ථික තත්වය හරස් කපයි.ඔහුගේ සම වයසේ ලාවට බොන ඩයල් බියර් එකක් දෙකක් බී තත්වයකට එති , නමුත් අයියානායක ගේ අක්මාව මෙම පරාසය ඉක්මවා ඇති බැවින් ඔහුට මෙහි මෙලෝ ආතල් එකක් නැත. අරක්කු වල ගණන් වැඩි කම නිසා ඔහුට වැදෙන මට්ටමට බීමට නම් වකුගඩුවක් වත් විකිණිය යුතු තත්වයක් උදාවේ. මේ හේතු නිසා වයසට යන විට , කලකදී නම්බුවක් ගෙන දුන් හැකියාවක් අයියානායකට සාපයක් වේ !



    ඔබත් තරුණ වයසේ පසු වන කොල්ලෙක් නම් , ඔබට දෙක දාන විට කබා යනවා නම් , ඒ නිසා නිරන්තරයෙන් ඔබ මිතුරන්ගේ බයිට් එකට ලක්වෙනවා නම් , දුක් නොවන්න ! මක් නිසාද යත් කාලයක් යන විට ඔය කරුමය ඔබට විශාල වශයෙන් ධන ලාභ ගෙන දෙන වාසනාවක් බවට පත්වේ. ඔබ වැටෙද්දී කෙලින් හිටි උන් පසු කාලීනව තමන්ගේ ධාරිතාව ගැන දුක් වෙති.
    ලෝකයේ ස්වභාවය එයයි..


    from FB :baffled:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බෙර්බද්දන්ට මොන නම්බුද බන් .බීල බීල කනුපල්ලේ වැටිලා නිදාගන්න ගොන් හරක්:lol::lol::no:

    බේබද්දෙක් වෙලා තවත් බේබදු සෙට් එකකින් එවෙලාවට විතරක් නම්බු (බොරුව තමයි එකත් :cool:)ගන්නවට වඩා නරකද අසරණ මිනිහෙක්ට උදව්වක් කරලා ලැබෙන සතුට ..එතකොට ලැබෙන්නේ නම්බුවක් නම්නෙමේ .එකට කියන්නේ ගෞරවය කියල :cool:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,785
    40,430
    113
    100% ඇත්ත බන්. පොරත්වය වෙනුවෙන් නොකරන දෙයක් නෑ.
     

    blue_in_rio

    Well-known member
  • අරක්කු, සිගරැට්, බියර් බීම සම්පූර්ණයෙන් නවත්වා ඇති බැවින් අදාල නැත.අරක්කු මූඩියක් පෑගුනත් වදින උන්ට කීමට ඇත්තේ, උබලා ඒ ටිකත් නොබී සිටිනවා නම් හොඳ බවය. :baffled::baffled: