ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් දේ කුමක්ද ?
මෙතෙක් ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් සාධනීය දේ කුමක්ද යන්න විමසීමට කාලය එළැඹ තිබේ. ලංකාවේ දේශපාලන ක්‍රියාවලියට සහභගි වූ පුද්ගලයන් / පක්ෂ තම තමන් විසින් කල විනාශයන් වලට අමතරව යම් යම් ප්රතිලාභ ජනතාවට ලබා දී ඇති බව ඉතිහාසය විමසා බැලීමේදී පෙනී යයි. ඩී එස් සේනානායක ගොවි ජනපද ඇති කළේය. ඩඩ්ලි වගා සංග්‍රාමය දියත් කළේය. බණ්ඩාරනායක දෙමහල්ලන් ජනසතු කිරීම් කොට යම් යම් ප්රතිලාභ ජනතාවට දීමට උත්සුක වුහ. එන් එම් හා කොල්වින් වැඩකරන ජනතාවට සහන ලබා දුන්නේය. ජේ ආර් මහවැලිය කළේය. ප්‍රේමදාස උදාගම කළේය. මහින්ද රාජපක්ෂ යුද්දය නිම කළේය. නමුත් ජවිපෙ මෙතෙක් උද්ගෝෂණ , වර්ජන කොට ජනතාවට ලබා දුන් දෙය කුමක්දැයි හෙළි කිරීම පක්ෂයේ වගකීම වේ. ඝාතන කිරීම්, තරුණයන් ධනපති දන්ගෙඩියට ගෙනයාම, කෝටි ගණන් වටිනා ගොඩනැගිලි දේපොළ ගිනි තැබීම, බස් ගිනි තැබීම වැනි අසහනාධාර හැර සාධනීය යමක් ජනතාවට දුන්නේද යන්න ජවිපෙ හමුවේ ඇති ප්රශ්නයයි. ආර්ථික ඝාතකයෙකු ලෙස 1988-89 සමයේදී ජවිපෙ බස් රථ දහසකට වඩා ගිනි තබා විනාශ කළේය. ගොඩනැගිලි විනාශ කළේය. දේපොළ විනාශ කිරීම් අතින් ජවිපෙ දෙවැනි වූයේ ප්රභාකරන්ගේ එල්ටීටීයට පමණි.