JVP පාක්ෂිකයෝන්ගෙන් පොඩි උදව්වක්
මුලින්ම, මේකේ කිසිම දේශපාලන අරමුණක් එහෙම නෑ. නොදන්නා දෙයක් අහල දැනගන්න දාන පොස්ට් එකක් විතරයි. මට දන්න එකෙක් සරලව මෙන්න මේක පැහැදිලි කරලා දීපන්.
දැන් සමාජවාදයේ අදායම් බෙදීයාමේ විෂමතාවයක් ගැන කියවෙනවානේ. මට තේරුණ විදියට ගොඩක් වෙලාවට වැඩි අදායම් තියෙන පිරිස් වැරදි කියල අඩු අදායම්ලාබින් චෝදනා කරනවා, "අපේ ශ්‍රමය හුරගෙන කාල මුන් පොහොසත් වෙනවා" කියල.
ඇත්ත, දුප්පතුන් නැති ලෝකයක් තියෙනවනම් හොඳයි. නමුත් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මම මහන්සිවෙලා කට්ට කාගෙන business එකක් ගොඩදාගත්ත කියමු. ඕනේ කෙනෙකුට උනන්දුවයි කැපවීමයි තියෙනවනම් ඒක කරගන්න පුළුවන්. ගොඩක් ලොකු තැන් වල ඉන්න මිනිස්සු බින්දුවෙන් පටන්ගෙන ඉහලට ගිය මිනිස්සු.
තව මිනිස්සු කොටසක් ඉන්නවා ජීවිතේ "එදා වේල ටුවර්ස්" කියල හිතාගෙන ඉන්න. අපේ ගෙදර ඉස්සර වැඩට ආපු බාසුන්නහෙලා දකපුවම මට හිතුනේ ඒකයි. දවසට 1000ක් හම්බුනාම 500ක බීල ඉතිරි 500න් ගෙදරට කන්න පොඩි දෙයක් අරගෙන යන එකයි කරන්නේ. මට නිතරම හිතුනේ බොන්න ඕනෙම නම් 250ක බීල ඉතුරු 250 ඉතුරු කරපංකෝ කියල.
ඉතින් එහෙම මිනිස්සු කොටසක් අර කලින් විදියට ඉහලට ගිය මිනිස්සුන්ට චෝදනා කරන එක හරිද? මිනිස්සුන්ට සමාන අවස්ථාවන් නැතිවීම හින්ද ඇතිවෙන වෙනස අසාධාරණයි කියල මට තේරෙනවා. එත් එකම මට්ටමේ ඉඳපු මිනිස්සු තමුන්ගේ උත්සාහයේ වෙනස මත වෙනස් තල වලට යන එක අසාධාරනයිද?
අපේ sir කෙනෙක් දවසක් කියපු දෙයක් තමයි "මේ ලෝකේ 99% මිනිස්සු පට්ට කම්මැලියෝ, එක නිසා මහන්සිවෙලා වැඩ කරන 1%ට ඕනෙම field එක්ක තැනක් තියෙනවා" කියන එක.
සමහරවිට මම මේ අහන එක සමාජවාදයේ බොහොම සරල දෙයක් වෙන්න පුළුවන්. එත් A/L maths කරපු, විද්‍යාව පැත්තට බර එකෙක් විදියට මට සමාජවාදය ගැන තියෙන දැනුම ගොඩක් අඩුයි
තව පුලුවන්නම් සමාජවාදය ගැන එතරම් දැනුමක් නැති කෙනෙකුට ඉගෙනගන්න කියවන්න පුළුවන් පොතක් කියපන්
සමාජවාදය සහ අනෙක් විකල්ප සංසන්දනය කරපු එකක් නම් වඩා හොඳයි 