JVP පෙළපාලිය_අද කොළඹදී

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    JVP පෙළපාලිය_අද කොළඹදී

    අයවැය විඡ්ජා එපා · ජනතාවට සහන දෙනු · යන තේමාව යටතේ ජනතා විමුක්‌ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන විරෝධතා පෙළපාලියක්‌ සහ රැලියක්‌ අද (25 දා) දින කොළඹදී පැවැත්වේ.

    උද්ඝෝෂණ පෙළපාලිය ප. ව. 2.00 ට පුංචි බොරැල්ලෙන් ආරම්භ කිරීමටත් හයිඩ් පාක්‌ පිටියේදී විරෝධතා රැලිය පැවැත්වීමටත් නියමිතය. ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කරන ලද 2014 අයවැයට විරෝධය පළකිරීම සඳහාත් පීඩාවට පත් සියලු ජනතාවට සහන ලබාදෙන ලෙසටත් ආණ්‌ඩුවට බලපෑම් කිරීමටත් මෙම විරෝධතාවය සංවිධානය කරන බව ජනතා විමුක්‌ති පෙරමුණ පවසයි.


    DIVAINA







    අය වැයෙන් බඩට ගහපු හැටි


    News - Local




    ජනාධිපතිවරයා විසින් පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය වැය මඟින් ජනතාවට ලැබෙන වාසි පමණක් ඉස්මතු කර ප්‍රකාශ කරන ලදි.

    නමුත් මෙම අය-වැය මඟින් ගොවීන්ට හා රාජ්‍ය සේවකයන්ට දීමනා ලබාදී මිලියන 18,200ක් වියදම් කරද්දී රජය විසින් මිලියන 31,750ක් ආනයනික භාණ්ඩ වලින් ඉපයාගන තිබේ.

    කෙලින්ම නොකීයා ජනතාවගෙන් බදු ලෙස එතරම් මුදලක් අය කරගන තිබෙන නමුත් එය ජනතාවට දැනෙන්නේ හෙට අනිද්දා සිටය. මක් නිසාද යත් තවමත් පරණ මිලටම භාණ්ඩ තවමත් වෙළඳපොළේ ඇති බැවිනි.

    මෙය ජනතා අය වැයක් ලෙස පෙන්වූවද සහන ලබාදීමට වඩා බදු එකතුකරගැනීමක් අරමුණු කරගන ඉදිරිපත් කල අය වැයක් බව බොහෝ දෙනා පවසන්නේ එම නිසාය.

    අය වැයෙන් පසු සීනි, පරිප්පු, හාල්මැස්සන්, ටින් මාලු, උම්මලකඩ, මිරිස් කුඩු, කහ කුඩු, මාගරින්, යෝග්ට්, මාජරින්, බටර්, කොත්තමල්ලි, මිදි, දොඩම් චොක්ලට්, ගම්මිරිස්, රස කැවිලි, ආදී ආහාර භාණ්ඩ රාශියක මිල ඉහල දමා තිබේ.

    කෑම වලට අමතරව සබන්, සේදුම් දියර, බැටරි, ඉටිපන්දම් මෙන්ම සනීපාරක්ෂක තුවා වල මිලද ඉහළ ගොස් ඇත.

    එමෙන්ම පෝට්ලන්ඩ් සිමෙන්ති, තීන්ත හා වර්නිෂ්, ඇලුමිනියම් බට, මෙන්ම රබර් නිෂ්පාදන වල මිලද ඉහළ දමා තිබේ.

    මීට අමතරව ආනයනය කරනු ලබන භාවිත කළ වාහන වල මිලද ලක්ෂ 3 සිට ඉහල යන බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ. හයිබ්‍රිඩ් මෝටර් රථයක මිල ලක්ෂ 3කට වඩා වැඩි මිලකින් ඉහල යන අතර පාවිච්චි කල වෑන් රථයක් ලක්ෂ 10කින් පමණ වැඩිවේ.

    ආනයනක කරන කුඩා ට්‍රක් රථයක බදු පමණක් ලක්ෂ 20කට ආසන්නය.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවට තත්ත්වයෙන් බාල වාහන පැමිණීම නොවැලැක්විය හැකි බවයි වාහන ආනහනය කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරීනගේ මහතා පවසන්නේ.

    මීට අමතරව දුරකථන ඇමතුම් ගාස්තු 5%කින් වැඩි කර තිබේ. ඒ අනුව ගන්නා දුරකථන ඇමතුමක් සඳහාම 25%ක මුදලක් බදු ලෙස සෑම පාරිභෝගිකයෙකුම රජයට ගෙවිය යුතුය..

    මේ පිළිබඳ අනුර කුමාර දිසානායක මංත්‍රීවරය පවසන්නේ මෙවැන්නක්.

    "අය වැයෙන් දෙන සොච්චම් කෑලි ටික හඬ නඟා කියනවා. හැබැයි ජනතාවට බර පටවන ටික ඇමිණුම් හැටියට දෙනවා. ඒ ඇමුණුම් බලපුවහම පේනවා විදුලි සංදේශ බද්ද 5%කි වැඩි කරලා. රේගු බදු වැඩි කිරීම හරහා මිලියන 12,750ක් උපයාගන්නවා. රේගු බදු වැඩි කරනවා කියන්නේ ජනතාවගේ අත්‍යාවශ‍ය භාණ්ඩ හා අනෙකුත් සියළු භාණ්ඩ වල මිල ඉහළ යනවා.

    මිලියන 18,200ක් ක් දෙනවා ගොවීන්ට හා රාජ්‍ය සේවකයන්ට. හැබැයි බදු ගහලා ජනතාවගෙන් බදු එකතු කරනවා මිලියන 31,750ක්. ඒ කියන්නේ ගොවි විශ්‍රාම වැටුප හා පඩි වැඩි කිරීම වගේ දෙගුණයක මුදලක් ආණ්ඩුව බදු වලින් අය කරගන්නවා."



    වැඩි කළ බදු පහත පරිදිය.


    Tax+for+Food-33000lk.JPG
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ූපවාහිනී සහ ගුවන්විදුලි යන්ත්‍ර සඳහා බදු අයකිරීම පිළිබේ දිනවල රජය සාකච්චා පවත්වමින් සිටී.....(මව්බිම)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ූපවාහිනී සහ ගුවන්විදුලි යන්ත්‍ර සඳහා බදු අයකිරීම පිළිබේ දිනවල රජය සාකච්චා පවත්වමින් සිටී.....(මව්බිම)


    :growl:නෙදකින් මේ හිගන ආණ්ඩුව..තුක්..
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ලංකාව ණයට අරන් පාටි දාලා නේ තියෙන්නේ. දැන් ඉතින් සදාකාලිකව ගෙවමු. :angry:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    chogam kale chuun wela daapu thread bump karala ganinko
    mata mathakai ekek daala thibba uge ammata pita ratawala idan apu ewun gahuwa
    (appudi)kiyala chun wela thread ekak daala ekai ekata kattiya comment karapu hati dakkama dan bada allan hina wethahaki.
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    අනේ අපේ ආශ්චර්යමත් මහරජ තුමාට ජයවේවා
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Vipakshayak Thibbanam mehema natanna be den ithin ilaga election eketh vote eka prathikshepa chanda godatama thamai :(
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පුතේ චෝගම් දැක්කද? අන්න කැරකෙනවා පෙත්ත බලලා අත්පුඩි ගහපන්. ෂෝයි නේද? තව තියෙනවා ටික ටික දෙන්නම් ප්‍රෙට්ට්‍රල් ඩීසල් දක්වා.

    දේශප්‍රේමය දොරේ ගලා යනවා.
     
    Last edited: