JVP NPP මාලිමා මන්ත්‍රී

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේවා මොනවද පහුගිය දවස් වල අර පොඩි බලු පැටව් හප්පුවෙත් ජෙප්පෙක්ලු 😂 😂 😂 පව් අනාත පුට්ටුවෝ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,444
    113
    ZocbGzJ.png


    pW8dO5Q.png
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මාලිමව පම්ප් කරන්නෙ රාජපක්සලාමයි, උන් පැරදුනොත් අනුර පබෙයා ඉන්නවා, එක්කො සජිත් පබෙයා ඉන්නවා, කොහෙන් ගියාත් උන් ඔක්කොම යාලුවො - එක ප්‍රසිද්දියෙ කියපු එකා හිරෙ ගියා..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,444
    113

    පොහොට්ටු-ජවිපෙ මන්ත‍්‍රී ගුටිකෙලියක්.. මන්ත‍්‍රීන් දෙදෙනෙක් රෝහල් දෙකකට…

    February 22, 2023 at 1:20 pm | lanka C news

    හබරාදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු විසින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුට සිදුකළ පහරදීමකින් ඔහු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

    ඔහු පවසන්නේ තමන්ට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා මේසය මත සවිකර තිබූ මයික්‍රෆෝනය ගලවාගෙන එයින් පහර දුන් බවයි.

    නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා පවසන්නේ තමන්ට ජවිපෙ මන්ත්‍රීවරයා විසින් පහර දුන් බවයි.

    ඔහුද ප‍්‍රාදේශීය රෝහලකට ඇතුළත් වී සිටියි.

    මෙම මත ගැටුම් ඇති වී ඇත්තේ හබරාදුව ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම පැවති අවස්ථාවේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ඇති අපේක්ෂකයකු සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් දුරදිග යාමෙනි.

    එක්දරු මවට පහරදුන් ජජබ අපේක්ෂක අත්අඩංගුවට​



    (සුමිත් පොතුපිටිය)

    එක්දරු මවකට පහරදුන් බවට සැකපිට අද (23) පස්වරුවේ කළුතර නගර සභා අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.

    සැකකරු කළුතර නගර සභාවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් දේශාස්ත්‍ර තොටුපළ කොට්ඨාසයෙන් තරගවැදීම සදහා නාමයෝජනා භාරදී ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය.

    කළුතර උතුර කාන්තාවක විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

    පැමිණිලිකාරිය සහ සැකකරු යන දෙදෙනාම අසල්වාසියන් වන බවත්, කලක පටන් පවතින ආරවුලක් බහින්බස් වීමක් දක්වා දුරදිග ගිය යාමෙන් පසු පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සදහන්ව ඇතැයිද පොලිසිය සදහන් කරයි.

    කාන්තාව හඩමින් පොලිසිය පැමිණකල පැමිණිල්ලට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

    පැමිණිල්ල කිරීමෙන් පසු පැමිණිලිකාරිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුල්වීම සදහා පිටව ගිය බවද පොලිස් නිළධාරීයෙක් කීය.

    සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

    ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

    - https://www.lankadeepa.lk/news/එක්දරු-මවට-පහරදුන්-ජජබ-අපේක්ෂක-අත්අඩංගුවට/101-629199
    ------ Post added on Feb 23, 2023 at 9:34 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ

    තවත් මාලීමාවක් පොලිස් අත්අඩංගුව ට 🤣

    සැගවී සිටි මාලිමා අපේක්ෂකයා අත්අඩංගුවට….

    images

    තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත විමර්ශන අංශ මගහරිමින් සිටි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අද (09) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
     
    • Love
    Reactions: monson