February 22, 2023 at 1:20 pm | lanka C news
හබරාදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු විසින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුට සිදුකළ පහරදීමකින් ඔහු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහු පවසන්නේ තමන්ට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා මේසය මත සවිකර තිබූ මයික්‍රෆෝනය ගලවාගෙන එයින් පහර දුන් බවයි.
නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා පවසන්නේ තමන්ට ජවිපෙ මන්ත්‍රීවරයා විසින් පහර දුන් බවයි.
ඔහුද ප‍්‍රාදේශීය රෝහලකට ඇතුළත් වී සිටියි.
මෙම මත ගැටුම් ඇති වී ඇත්තේ හබරාදුව ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම පැවති අවස්ථාවේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ඇති අපේක්ෂකයකු සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් දුරදිග යාමෙනි.
එක්දරු මවට පහරදුන් ජජබ අපේක්ෂක අත්අඩංගුවට
(සුමිත් පොතුපිටිය)
එක්දරු මවකට පහරදුන් බවට සැකපිට අද (23) පස්වරුවේ කළුතර නගර සභා අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.
සැකකරු කළුතර නගර සභාවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් දේශාස්ත්‍ර තොටුපළ කොට්ඨාසයෙන් තරගවැදීම සදහා නාමයෝජනා භාරදී ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය.
කළුතර උතුර කාන්තාවක විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.
පැමිණිලිකාරිය සහ සැකකරු යන දෙදෙනාම අසල්වාසියන් වන බවත්, කලක පටන් පවතින ආරවුලක් බහින්බස් වීමක් දක්වා දුරදිග ගිය යාමෙන් පසු පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සදහන්ව ඇතැයිද පොලිසිය සදහන් කරයි.
කාන්තාව හඩමින් පොලිසිය පැමිණකල පැමිණිල්ලට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
පැමිණිල්ල කිරීමෙන් පසු පැමිණිලිකාරිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුල්වීම සදහා පිටව ගිය බවද පොලිස් නිළධාරීයෙක් කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
-
https://www.lankadeepa.lk/news/එක්දරු-මවට-පහරදුන්-ජජබ-අපේක්ෂක-අත්අඩංගුවට/101-629199
------
Post added on Feb 23, 2023 at 9:34 PM