--------------------------------------------------------------
ගෙවුණු බටහිර ඉන්දීය සංචාරය අතරතුර දී කරන ලද තහනම් උත්තේජන පරීක්ෂණ වලින් ඉන්දීය ක්රිකට් ක්රීඩකයන් තිදෙනෙකුද අසමත් බව වාර්තා වේ. මේ ක්රීඩකයින් සිය දක්ෂතා නඩත්තු කිරීම සදහා මෙම තහනම් ඖෂධ භාවිතයට ගෙන ඇති බවට කරුණු වාර්තාවන අතර තවමත් එම ක්රීඩකයින් කවුරුන් ද යන්න තොරතුරු මාර්ග ඔස්සේ අනාවරණය වී නැත. දින කිහිපයක් ඇතුළත ඉන්දීය මලල ක්රීඩක ක්රීඩිකාවන් අට දෙනෙකු තහනම් උත්තේජන පිළිබද පරීක්ෂණයෙන් අසමත් බවට චෝදනා එල්ල වීමෙන් ඉන්දීය ක්රීඩා කේෂ්ත්රය දැඩි සසැලීමකට බදුන්ව තිබෙන මොහොතක මෙම චෝදනා එල්ල වීම විශේෂත්වයකි.



