“කෑම සූත්‍ර එකට බොලිවුඩ් නිළියක් වන ජැකලයින් ෆර්ඩිනන්ස්ගේ සම්බන්ධය?”
[FONT="]“ඒත් මගේ යාළුවෙක්. ව්‍යාපාරයේ හවුල්කාරිය. ජැකීගේ ප්‍රසිද්ධියත් මේකට බලපානවා.”[/FONT]
“ඒ කියන්නේ ඉන්දියාවෙත් කෑම සූත්‍ර එකක් විවෘත වෙයි?”
[FONT="]“තාම හිතුවේ නෑ, මම මේ වැඩේ මේ රටේ සම්පූර්ණයෙන් ස්ථාපිත වෙනතුරු වෙන කෙහේවත් ගෙනියන්නේ නෑ.”[/FONT]
“එතකොට ලංකාවෙත් ශාඛා පිහිටුවන්නේ නැද්ද?”
[FONT="]“ගාල්ලේ වෙනම එකක් පටන් ගන්න හිතනවා. ටූනා ඇන්ඩ් ක්‍රැබ් කියලා.”[/FONT]
“ඔබ ඉගන ගත්ත දේ මේ වැඩවලට ප්‍රයෝජනයක් වුණාද?”
[FONT="]“ඇයි නැත්තේ? මම තමයි පළමුවැනි වතාවට අයි පෑඩ් එකෙන් මෙනු තෝරන්න ක්‍රමය හැදුවේ. ඇමරිකාවේ අයි පෑඩ් හඳුන්වලා දීලා දින නවයයි මම ඒ ක්‍රමය කරනකොට. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවේ ඒ විදිහට පටන් ගත්තාම සමහරු මගෙන් ඇහුවා ඔයා ඔස්ට්‍රේලියාවේ ක්‍රමය කොපි කළා නේද කියලා. මම කීවා නෑ, ඒ අය මාව කොපි කළා කියලා. මට ඕනේ අපේ රටේ මිනිස්සුන්ට ඕන දෙයක් පුළුවන් කියලා පෙන්වන්න. අපේ රට දියුණු දැනුමක් තිබෙන එකක් කියා ලෝකෙට කියන්න. මම ඒ දේ කළා.”[/FONT]
“මේ ආප්ප හැදිල්ලවත් තාත්තම්මාගෙන් ඉගෙන ගත්තේ නැද්ද?”
[FONT="]“නෑ. අපි මෙහෙට එද්දි ඒගෝල්ලෝ ජීවතුන් අතර නෑ. වැරදිලාමයි හරිගියේ. උත්සාහ කළොත් ඕන දෙයක් පුළුවන්. ඒත් වැරදුණා කියලා කවදාවත් උත්සාහය අතහරින්න එපා.”[/FONT]
[FONT="]ඔහුගේ කතාව කෑම තරමටම රසවත්. ඒ ආහාර, තොරතුරු හා අධිෂ්ඨානයේ ශක්තිය පිළිබඳ දර්ශන් මුණිදාස මහතාට ස්තුති කර දැන් පිට වීමට වෙලාවයි.[/FONT]
[FONT="]නිදහස් චතුරශ්‍රයේ සිසිල් සුළඟ විඳිමින් හොඳින් ලුණු මුසු වී බැදුණු එවන් මඤ්ඤොක්කා රැහැන්වල රසවිඳින්නට ලැබීම පෙර පිනක්. ඒ රස කියන්නට නොවේ විඳින්නටමයි.[/FONT]