kammeli welawata maru

Kalaa

Member
Nov 5, 2009
503
61
0
නල්ලමෙලේ
සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි වයලා දිනක් තම බිරිඳවද ගොල්ෆ් කීඩා කිරීමට කැටුව ගියේය.

ඔහු බිරිඳට ක්‍රීඩා කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද බිඳගෙන ඇතුලට වැටුනි.

තම බිරිඳ දෙසට හරුනු වයලා, "මම ඔහේට කිව්වනෙ පරිස්සම් වෙන්න කියලා!, දැන් ගිහින් බලමු ඔහේගෙ කෙරුවාවෙ දඩේ කොච්චරද කියලා!!" යැයි අමනාපයෙන් පැවසීය.

යුවළා අදාල නිවසට ගොස් දොර තට්ටු කලවිට, "ඇතුලට එන්න" යැයි ගොරෝසු හඬක් කීය.

දොර ඇරගෙන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු පෞරාණික(antique) බෝතයක්ද දිස් විය.

"ඕගොල්ලොද මේ බෝලෙ මෙහෙට ගහල මේවා කැඩුවේ??" එහි සෝපාවක වැතිර සිටි මිනිසෙක් ඇසීය.

"ඕහ්... අපෙන් වෙච්ච වැරැද්දට සමාවෙන්න" වයලා සමාව ඉල්ලා සිටියේය.

"නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. මොකද මම බහිරවයෙක්, මම අවුරුදු දහස් ගානක් තිස්සෙ ඔය බෝතලේ ඇතුලෙ හිරවෙලා හිටියෙ. ඕගොල්ලො හින්දයි මම නිදහස් උනේ. මං ගාව වර 3ක් තියෙනවා. මම ඔහේලා දෙන්නට එකගානෙ දෙන්නම්, ඒ වගේම ඔගොල්ලන්ගෙ අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්" යැයි සෝපවෙ වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි.

"හප්පා!, මේක මාරයිනෙ" යැයි පැවසූ වයලා මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව මෙසේ කීය, "මට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල් කෝටියක් ගානෙ ලැබෙන්න ඕනා!"
"අයියෝ, ඕක මොකද්ද. ඕක මට සුළු දෙයක්. ඔන්න එහෙනම් ඔහේ ඉල්ලපු එක එහෙම්ම ලැබෙවි ඒවගේම මම ඔහේට නීරෝගීව බොහෝකල් ජීවත් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!" යැයි බහිරවයා පිළිතුරු දුනි.
"හරි, දැන් නෝනගෙ වාරය. නෝනට මොකද්ද ඕනා??" බහිරවයා බිරිඳගෙන් ඇසීය.
මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, "මට ලෝකෙ හැම රටේම ලොකූ මන්දිර ඕනා. ඒවයේ හැම පහසුකමක්ම තියෙන්න ඕනා. ඒවගේම ගෙදර දොරේ හැම වැඩකටම සේවකයො ඉන්නත් ඕනා" යැයි කීවාය.

"හොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවගේම ඔහේගෙ මන්දිර ස්වාභාවික විපත් හා සොර සතුරන්ගෙන හැම වෙලේම ආරක්ෂාවෙලා තියේවි" යැයි බහිරවයා කීය.

"හරි, දැන් ඔහේගෙ ප්‍රාර්ථනාව මොකද්ද??" යැයි යුවළ බහිරවයාගෙන් ඇසූහ.

"මම මේ බෝතලේ ඇතුලෙ අවුරුදු දහස්ගානක් හිරවෙලා හිටියා. එච්චර කාලයක් මම කාන්තාකගෙ පහස ලබල නෑ. ඒ හින්ද මම කැමතියි ඔහේගෙ බිරිඳගෙන් ඒක සපුරගන්න!!" යැයි බහිරවයා කීය.

එවිට වයලා බිරිඳ දෙසට හැරී මෙසේ ඇසීය, "ඩාලිං!, ඔයා දන්නවා දැන් අපි දෙන්නටම සෞභාග්‍යය උදාවෙලා තියෙනවා, ඒ වගේම ලෝකෙ වටේම මන්දිරත්, මොකද කියන්නෙ??"

මද වේලාවක් කල්පනා කල බිරිඳ, "ඔව් ඩාලිං, මේච්චර වාසනාවක් උදාවෙලා තියෙන එකේ මම හිතන්නෑ මේකට අකමැති වෙන්න ඕනා කියලා. ඒත් ඩාලිං ඔයා මොකද්ද කියන්නෙ?" යැයි කීවාය.

"ඩාලිං ඔයා දන්නව මම ඔයාට කොච්චර ආදරේද කියලා, මම උනත් මෙහෙම එකකට මුහුණ දෙනවා" යැයි කීය.

ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. බොහෝ වේලාවක් ගතවුවත් බහිරවයා තෘප්තිමත් නැත. මේ ආකාර්යෙන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා ඇයගෙන් මෙසේ ඇසීය, "ඔහේලා දෙන්නගෙ වයස එහෙම කොහොමද?"

"ඇයි, අපි දෙන්නටම අවුරුදු 30යි" යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය.

"සිරාවට?!, අවුරුදු 30ක් වෙලත් ඔහේලා තාම මේ බහිරව කතා විශ්වාස කරනවද???"
 

Kalaa

Member
Nov 5, 2009
503
61
0
නල්ලමෙලේ
5363424964b00.jpg
 

Kalaa

Member
Nov 5, 2009
503
61
0
නල්ලමෙලේ
ඔන්න මචන්ලා සිරිපාලයියගේ පොඩි එකා මාර ඈට්ටරයලු..ලෝක අන්ඩයාලු..සිරිපාලයියා රිලෑක්ස් එකේ ඉන්න ටයිම් එකේ බුවා හිතුවලු පොඩි එකා එක්ක චෑට් එකක් දාල මුව පොඩ්ඩක් බයිට් කරන්න..

සිරිපාලයියා : පොඩි එකෝ මෙහෙ වරෙන්..

පොඩි එකා : ම්ම්ම් ඈයි තාත්තේ..

සිරිපාලයියා : ම්ම්ම් මට කියපන් උබ වෑඩියෙම්ම ආදරේ මටද? අම්මටද??

පොඩි එකා : ම්ම් දෙන්නටම ආදරෙයි

සිරිපාලයියා : මම අහන්නේ දෙන්නගෙන් වෑඩියෙම්ම කාටද?

පොඩි එකා : ඒත් ඉතින් දෙන්නටම..

සිරිපාලයියා : ම්ම්ම් හරි මම ඈමරිකාවේ ගිහින් උබලගේ අම්මා එංගලන්තේ ගියොත් උබ යන්නේ කාත් එක්ක කොහාටද?

පොඩි එකා : ම්ම්ම් මම යන්නේ අම්මා එක්ක එංගලන්තේ...

සිරිපාලයියා : ආ ඒකනේ... ඒකෙන් කියන්නේ උබ වෑඩියෙන් ආදරේ අම්මට ඒකනේ අම්මා එක්ක එංගලන්තේ යන්නේ

පොඩි එකා : නෑ එහෙම නෑ.ඈමරිකාවට වඩා එංගලන්තේ ලස්සනයි ඒකයි

සිරිපාලයියා : හරි එහෙනම් මම එංගලන්තේ ගිහින් උබලගේ අම්මා ඈමරිකා ගියොත් උබ කාත් එක්ක කොහාටද යන්නේ ?

පොඩි එකා : මම යන්නේ එහෙනම් ඈමරිකාවට

සිරිපාලයියා : ඒකනේ කියන්නේ උබ මට බොරු කිව්වට උබ වෑඩියෙන් ආදරේ අම්මට ඒකනේ ඒ ගෑනි යන හතර කොනේම උබ එල්ලිලා යන්නේ

පොඩි එකා : එහම එකක් නෑ යකෝ එක පාරක් අම්ම එක්ක එංගලන්තේ ගියාට පස්සේ මොන රෙද්දට ආපහු එංගලන්තේ යනවද ඈමරිකා යන්නේ නෑතුව.
 

Kalaa

Member
Nov 5, 2009
503
61
0
නල්ලමෙලේ
note*** කෙල්ලො ඉන්නව නම් කියවන්න එපා ඇ.. දුක හිතෙයි ඇන්ඩ් පස්සෙ බනින්න එපා


ඔන්න දවසක් ඇම්ඩට ඇතුළු අනිත් උගේ යාලුවෝ සෙට් එකට ගුරුවරයා කාන්තා පියයුරු වර්ණනා කවි ලියන් එන්න කියලා ( මරු කවි තමා ගුරත් ලියන්න කියන්නේ? )

බලමුකෝ මොකෝ උනේ කියලා.... ගුරුවරයා - “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා කෙරෙන කවියක් ලියන්න කියලා...... ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.” ( මරු එකාට මුලින්ම කියවන්න කිවුවේ )

ඇම්ඩන් - ( ඔන්න කියනවා මරු කවියක් )
“කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”

ගරුවරයා - “තරමක් හොඳයි......... ඇම්ඩන් කවිය ලියනකොට සභ්යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.” ( මරු ගුරා )

ඇම්ඩන් - “මෙහෙමයි ස...ර්..... රතුළූණු පොත්ත ගලවනකොට ඇඬෙන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇඬෙනවනේ...”
 

Kalaa

Member
Nov 5, 2009
503
61
0
නල්ලමෙලේ
තවද එක්තරා පසල් දනව්වෙක දරදඩු සිත් ඇති කුමාර වයසේ කොල්ලෙකු හා අයාපත් සිරිත් ඇති කෙල්ලක අරභයා ටින් ටින් විසින් මෙම කතාව දේශනා කළහ.
යටගිය දවස බරණැස් නුවර ජයලලිතා නම් රැජනක දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන සමයෙහි, අසල ලංකාදීපයෙහි අශ්ඨවාපී නම් පසල් දනව්වෙක සක්පිඹිනා කුලයෙක්හි පුත් කුමරෙක් උපන්නේ, උපන් මොහොතේ තාරුකා රූපීන්ගේ පිහිටීම බලා දෛවඥයන් විසින් එම පුත් කුමරාට යුකීඝොෂ නම් නම් තැබීය.
මේ පින්වත් පුත් කුමරා නිසි විය එලැබි කල සිතන්නේ, “නිකම් එකගෘහිව සිට බත් ගිල දමනු මට තරම් නොවන්නේය. මාගේ පියාණන් මහා තෙද බලැති ජනයාට ප්‍රියයෙකු වන්නේ මමද ඔහු වැන්නෙක් වෙන්නෙම්” යයි සිතා සක් පිඹින්නට තැනක් සොයනුයේ “සිරස” නම්වු බොහෝ පරසිඳු රූප පෙට්ටි කොම්පැනියක් දැක එයට බැඳුනාහුය.
මෙම කුමරා වනාහි ප්‍රේක්ෂකයන් විෂයෙහි ප්‍රිය නොවුවාහුය. ප්‍රේක්ෂකයන් මහත් සේ අගය කළාවූ සූරපප්පා විකාශනය නතර කළාහු දවස දහස බැගින් වස්තු උපයන කවී නම් වෙසඟනක් හා එක්ව පැයක් තිස්සේ රූප පෙට්ටියේ නිශ්ප්‍රයෝජනයේ හෙළ බසත් නොවන පර බසත් නොවන බසෙකින් මහ හඬින් විලාප තියති. නොකාරණයේ සිනා නගති. හඬති. එවේලේ රූප පෙට්ටිය බලනා එකද සත්ව කෙනෙකුදු සොම්නසට නොපැමිණ මහත් දුකට පැමිණියාහුය. උනුදු මොහුගේ විලාපය තවදුරටත් නොඉවසන්නේ එකිනෙකා හා කතිකා කොට දිනෙක ෆේස් බුකියේදී “එම්බල, අනුවණ වූ දුෂ්ඨ කොල්ල, සූරපප්පා නම් සුපිරි වැඩසටහන බැලුවා වූ අපට තොපගේ සිස්ටීන් පස් කනේ යවුල් අනින්නාක් මෙන් දැනේ” යයි කිවුය. එතෙකුදු නොනැවතී “තොප පුරුෂයෙක් නොවන්නේ, තෝ ස්ත්‍රී අංගෝපාංගයන්ගෙන් යුත් භාග පුරුෂයෙකැ” මහත් වු ආක්‍රෝෂයෙන් පරිභව කරන්නේ “තෝ හස්තවිකාර මුඛවිකාරයෙන් උසුළු විසුළු පෑම නතර කරන තෙක් අපිදු තොගේ ෆෑන් පේජයේ වර්චස් කරන බව දැන ගනුව” යැයි තර්ජන කළාහුය.
යුකීඝොෂ කුමරුවාද ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක මහත් වූ කලකිරීමට පැමිණියේ තම වෝලය වසා විල්පත්තු වනයට ගොස් බඩ කපාගෙන දැස් උඩහිඳුවා මළේය. එකල්හි රූප පෙට්ටිය බලනා සියළුම සත්වයෝ මහත් උද්දාමයට පත් වූවාහු රතිඥ්ඥා දල්වා සතුට පළකොට බොහෝ කලක් සතුටිං සූර පප්පා බලමින් දිවි ගෙවුවාහුය.
-----------------යුකීඝොෂ කතාවස්තුව මෙතෙකින් හමාර වන්නේය.-----------------