විකුම් විලා නම් නිවසේ සකුන්තලා නම් තරුණියක් වාසය කලා. එම නිවස අසල තරුණයන් 4 දෙනෙක් රැඳී සිටි අතර සකුන්තලාව දැකීමෙන් පසු එකෙක් කවි පදයක් කීමට පටන් ගත්තේය.
පලමු තරුණයා: විකුම් විලාවේ සිටිනා සකුන්තලා
දෙවැන්නා : සකුන්තලා දැක මගේ සිත උදම් වෙලා
තුන්වැන්නා : උදම් වෙල සිටියත් මම නිකම් බලා
හතරවැන්නා : නිකම් බලා සිටියත් මට කෙලින් වෙලා
මේ සියල්ල අසා සිටි සකුන්තාලා අන්තිමට කීවේ : නිකම් බලා ඉන්නේ ඇයි *කන්නලා
සකුන්තලාගේ අන්තිම පදයට තරුණයන් 4 දෙනාටම මල පැන්නා. උන් සකුන්තලාට මෙන්න මේ කවිය කිවුවා.
ඇරියොත් ජනේලය එන්නෙමි චූන් වෙලා
වින්දොත් සතුට අප සමගින් එකතු වෙලා
කොල්ලෙක් ඉපදුනොත් ඔබහට සකුන්තලා
ලමයට නම දාමු ෆෝමෙන් (4 men) කියලා
මේ කවිය ඇහුවම සකුන්තලාට ටිකක් බය හිතුනා මුං මොකට එන්න එනවද දන්නෙ නෑ කියල. ඒක නිසා මුංගෙ ගමන වලක්වන්න මෙහෙම කිවුවා.
ගැහුවට කයිය ඔය අය්යල උදම් වෙලා
කියනව විතරමයි එන්නේ නැද්ද බොලා
අදනම් එන්නෙපා ආවොත් හුලං තමා
ඇඟට අමාරුයි අද මට ඔසප් වෙලා
කරුමෙට මෙතනින් ගිය සකුන්තලාගෙ අය්යට මේ කවි සීන් එක ඇහුනා. අය්ය බජාර් එකේ වලි පොරක්. බුවා මෙන්න මෙහෙම කිවුවා
සකුන්තලගෙ අය්යා මම ඩ්රැ්කිව්ලා
මල්ලිල හතර දෙන ඇයි මේ ෆෝම් වෙලා
නංගිට හදි කලොත් උඹලා එකතු වෙලා
ඉස්පිරිතාලෙ නවතින්නට සැරසෙල්ලා
සකුන්තලාට නංගි කෙනෙකුත් ඉන්නවා. එයත් මේ කවි සීන් එකට සෙට් උනා මෙන්න මෙහෙම
කව්ද අනේ මේ සුන්දර අය්යාලා
කොහෙද හිටියෙ මෙච්චර කල් හැංගීලා
ලඟදි ලොකු උනේ මගෙ නම නිසංසලා
අක්කට එපා නම් මට සෙට් වෙයල්ලා
මේ කවි අහන් හිටිය සකුන්තලාගෙ අම්මා කුස්සියෙ ඉඳන් මෙන්න මෙහම කියනවා
කොල්ලනේ දැන ගනිව් මම අම්මා ඇංජලා
පලයල්ලා ඉක්මනින් මෙහෙන් මකබෑවිලා
මගේ කට ඇවිලුනොත් කුනුහර්ප එයි ගලා
කෙල්ලනේ ගෙට වෙයන් කවි කීම නවතලා
ඔය අස්සේ කරටි කැඩෙන්න ගහල හිටිය සකුන්තලාගෙ තාත්ත සීන් එකට එන්ටර් වෙනව මෙහෙම
තාත්තා මම තමයි අංකල් කැටපෝලා
මේ කවි අහල ඇඟේ මයිල් කෙලින් වෙලා
කොල්ලනි උඹල මේ උදවුව කොරපල්ලා
දූව තියල අම්මව උස්සපල්ලා
සකුන්තලාගෙ අල්ලපු ගෙදර ඉන්නෙ මුස්ලිම් බුවෙක්. බුවත් මේ කවි සීන් එක අහගෙන ඉන්නේ. බුවත් දන්න සිඅංහල ගලපගෙන අමාරුවෙන් මෙහෙම කියනව
යේක මොකද කවි කියනව නංගීලා
යපිලත් හොඳයි කොන කැපුවට තොංගලා
කෂාද හතක් යපිලට ඔට්ටුවයි ඕ අල්ලා
අම්මලා දූල ඔක්කොම යෙන්න මම අබ්දුල්ලා
තවද එක්තරා පසල් දනව්වෙක දරදඩු සිත් ඇති කුමාර වයසේ කොල්ලෙකු හා අයාපත් සිරිත් ඇති කෙල්ලක අරභයා ටින් ටින් විසින් මෙම කතාව දේශනා කළහ.
යටගිය දවස බරණැස් නුවර ජයලලිතා නම් රැජනක දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන සමයෙහි, අසල ලංකාදීපයෙහි අශ්ඨවාපී නම් පසල් දනව්වෙක සක්පිඹිනා කුලයෙක්හි පුත් කුමරෙක් උපන්නේ, උපන් මොහොතේ තාරුකා රූපීන්ගේ පිහිටීම බලා දෛවඥයන් විසින් එම පුත් කුමරාට යුකීඝොෂ නම් නම් තැබීය.
මේ පින්වත් පුත් කුමරා නිසි විය එලැබි කල සිතන්නේ, “නිකම් එකගෘහිව සිට බත් ගිල දමනු මට තරම් නොවන්නේය. මාගේ පියාණන් මහා තෙද බලැති ජනයාට ප්‍රියයෙකු වන්නේ මමද ඔහු වැන්නෙක් වෙන්නෙම්” යයි සිතා සක් පිඹින්නට තැනක් සොයනුයේ “සිරස” නම්වු බොහෝ පරසිඳු රූප පෙට්ටි කොම්පැනියක් දැක එයට බැඳුනාහුය.
මෙම කුමරා වනාහි ප්‍රේක්ෂකයන් විෂයෙහි ප්‍රිය නොවුවාහුය. ප්‍රේක්ෂකයන් මහත් සේ අගය කළාවූ සූරපප්පා විකාශනය නතර කළාහු දවස දහස බැගින් වස්තු උපයන කවී නම් වෙසඟනක් හා එක්ව පැයක් තිස්සේ රූප පෙට්ටියේ නිශ්ප්‍රයෝජනයේ හෙළ බසත් නොවන පර බසත් නොවන බසෙකින් මහ හඬින් විලාප තියති. නොකාරණයේ සිනා නගති. හඬති. එවේලේ රූප පෙට්ටිය බලනා එකද සත්ව කෙනෙකුදු සොම්නසට නොපැමිණ මහත් දුකට පැමිණියාහුය. උනුදු මොහුගේ විලාපය තවදුරටත් නොඉවසන්නේ එකිනෙකා හා කතිකා කොට දිනෙක ෆේස් බුකියේදී “එම්බල, අනුවණ වූ දුෂ්ඨ කොල්ල, සූරපප්පා නම් සුපිරි වැඩසටහන බැලුවා වූ අපට තොපගේ සිස්ටීන් පස් කනේ යවුල් අනින්නාක් මෙන් දැනේ” යයි කිවුය. එතෙකුදු නොනැවතී “තොප පුරුෂයෙක් නොවන්නේ, තෝ ස්ත්‍රී අංගෝපාංගයන්ගෙන් යුත් භාග පුරුෂයෙකැ” මහත් වු ආක්‍රෝෂයෙන් පරිභව කරන්නේ “තෝ හස්තවිකාර මුඛවිකාරයෙන් උසුළු විසුළු පෑම නතර කරන තෙක් අපිදු තොගේ ෆෑන් පේජයේ වර්චස් කරන බව දැන ගනුව” යැයි තර්ජන කළාහුය.
යුකීඝොෂ කුමරුවාද ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක මහත් වූ කලකිරීමට පැමිණියේ තම වෝලය වසා විල්පත්තු වනයට ගොස් බඩ කපාගෙන දැස් උඩහිඳුවා මළේය. එකල්හි රූප පෙට්ටිය බලනා සියළුම සත්වයෝ මහත් උද්දාමයට පත් වූවාහු රතිඥ්ඥා දල්වා සතුට පළකොට බොහෝ කලක් සතුටිං සූර පප්පා බලමින් දිවි ගෙවුවාහුය.
-----------------යුකීඝොෂ කතාවස්තුව මෙතෙකින් හමාර වන්නේය.-----------------