Kanchayudha කංඡායුධ-The combat mixed action adventure game of Sri Lanka.

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
Kanchayudha කංඡායුධ-The combat mixed action adventure game of Sri Lanka.

3ebJwWQ.jpg

දස මහා යොධයෝ කිව්වම අපට නම් ඓතිහාසික සිදුවීම් බොහොමයක් මතකයට එනවා. අලුත් පරම්පරාව අතරට මේ ඓතිහාසික සිදුවීම් පරිගණක ක්‍රීඩාවක් හරහා ගෙන ඒමට ඇරිමැක් ලංකා ආයතනය මේ වෙනකොට සමත් වෙලා තියනවා. කංඡායුධ- The Legacy Of Giants කියන පරිගණක ක්‍රීඩාව නන්දිමිත්‍ර යෝධයාගේ චරිතය මුල් කර ගෙන නිර්මාණය කරලා තියනවා. ඉතින් ඇරිමක් ආයතනය අවුරුදු 5 කාලයක ඉදලා තමයි පර්යේෂණ සිදුකරමින් මෙම ක්‍රියාන්විතයට මුල පුරන්නේ.ලංකාවේ ජිවත් වෙන අයට ක්‍රීඩා කරන්න කොම්පියුටර් ගේම් එක හදුන්වා දෙන්න මේ අය විශාල උත්සාහයක් අරගෙන තියනවා.ලංකාවේ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන පියවර නිර්මාණය කරලා උදාහරණත් එක්ක තේරුම් කරමින් එයට කෘතීම බුද්ධියද අන්තර්ගත කර තිබෙනවා. අවුරුදු 5 ඇතුළත එකතු කරගත්ත තොරතුරු වලින් නිර්මාණය කරපු කංඡායුධ කම්පියුටර් ගේම් එක තව මාස 4ක් ඇතුලත කරන්න තමයි මේ අයගේ බලාපොරොත්තුව.

8ZrgFbm.jpg


qLUby64.jpg

මේ game එකට කිසිම අයුරකින් සත්‍ය කතා ඇතුලත් නොවන අතර එකට පදනම් වුනු කතාව කිසිම වෙලාවක සිද්ධ වෙලා නම් නෑ . කාවන්තිස්ස රජුගේ සමය ඇතුලත් කරමින් game එකකට උචිත වන විදියට මේක නිර්මාණය වෙලා තියනවා.මේ game එක 3rd person action game එකක්.මේ game එක play කරන කෙනාට එක චරිතයක් ඔස්සේ play කරන්න වෙනවා. තවත් විදියකින් කිව්වොත් role play game එකක්. episode විදියට තමයි මේක ඉස්සරහට යන්නේ.මේ කංඡායුධ game එක ගොඩක් අයට අලුත් අත්දැකීමක් වෙයි . මොකද මේ වෙනකම් ලංකාවේ කිසිම කෙනෙක් මේ වගේ game එකක් නිර්මාණය කරලා නෑ. ඇරිමක් ලංකා ආයතනයේ මේ වෙනකොට සේවක මණ්ඩලය 45ක් පමණ ඉන්නවා.මේ අය concept & research, illustration, 3D & animation විදියට අංශවලට බෙදිලා තමයි උපරිම දායකත්වක් ලබාදීලා තියෙන්නේ.

දස මහා යොධයෝ ගැන දැන් පරම්පරාවේ දැනුම අඩු යි. මේ ගේම් එක ඩිජිටල්කරණය වුනාට මේ දේවල් වලින් ඈත් විය යුතු නෑ. ක්‍රියාන්විත ගේම් එකක් නිසා එයට සුදුසු විදියට ඔවුන් වටපිටාව නිර්මාණය කරලා තියනවා. මේ නිසා දස මහා යොධයන් ව මෙයින් මිනිස් හිතට ආයිත් ලං කරන්න පුළුවන්.

ඇරිමැක් පවුලේ හැමෝගෙම මහන්සියේ ප්‍රතිපල තව මාස 4 කින් විතර මල්පල දරනවා. ලංකාවේ පළමුවෙනි ගේම් පෝර්ටල් එක නිකුත් කිරීමේ ගෞරවයත් ලැබෙන්නේ ඇරිමැක් පවුලටමයි.

ඉතින් ඇරිමැක් පවුලේ අලුත්ම අත්දැකීම විදගන්න ඔබත් සූදානම් වන්න.ඔවුන්ට සුබ පතන්න සහ game එක පිළිබද වැඩි විස්තර දෙන ගැනීමට Kanchayudha - කංඡායුධ ෆේස්බුක් පිටුව හා එක්වන්න.

Trailer එක මෙතනින් බලන්න.
https://www.facebook.com/Kanchayudha/videos/1255623801136679/
;);)

විස්තරය- මව්බිම පුවත් පතෙහි ''යං'' අතිරේකයෙනි​
 
Last edited:

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    bump
    ARIMAC එකේ හොඳ වැඩ කාරයො ටිකක් ඉන්නව
    ඔකෙ ඉන්න මන් දන්න අය්ය කෙනෙක් මේ පාර කොම් බෑන්ක් එකෙන් තිබ්බ මොබයිල් ගේම් තරඟෙනුත් දිනුව
    තව හොඳ ඇනිමේශන් කරන්න දන්න අය සෙට් එකකුත් ඉන්නව එයාලට
    :)

    http://arimaclanka.com/
    එයාලගෙ සයිට් එකේ තව ගොඩක් ගේම්ස් තියේ
     
    Last edited:
    • Like
    Reactions: sri D

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    bump
    ARIMAC එකේ හොඳ වැඩ කාරයො ටිකක් ඉන්නව
    ඔකෙ ඉන්න මන් දන්න අය්ය කෙනෙක් මේ පර කොම් බෑන්ක් එකෙන් තිබ්බ මොබයිල් ගේම් තරඟෙනුත් දිනුව
    තව හොඳ ඇනිමේශන් කරන්න දන්න අය සෙට් එකකුත් ඉන්නව එයාලට
    :)

    http://arimaclanka.com/
    එයාලගෙ සයිට් එකේ තව ගොඩක් ගේම්ස් තියේ
    :yes:
    ela bro...:):)
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    bump
    ARIMAC එකේ හොඳ වැඩ කාරයො ටිකක් ඉන්නව
    ඔකෙ ඉන්න මන් දන්න අය්ය කෙනෙක් මේ පර කොම් බෑන්ක් එකෙන් තිබ්බ මොබයිල් ගේම් තරඟෙනුත් දිනුව
    තව හොඳ ඇනිමේශන් කරන්න දන්න අය සෙට් එකකුත් ඉන්නව එයාලට
    :)

    http://arimaclanka.com/
    එයාලගෙ සයිට් එකේ තව ගොඩක් ගේම්ස් තියේ
    uba dan Game hadanne nadda mcn?
     
    • Like
    Reactions: sri D