කප්රුක ( Kapruka ) පාදඩ ව්‍යාපාරයක් වෙන්නේ පාලන මිලට වැඩියෙන් බඩු විකුණන නිසා විතරක් නෙවෙයි. ඇඳිරි නීතිය පැනෙව්වට පස්සෙ කප්රුක හරහා නිවෙස්වලට අත්‍යවශ්‍ය බඩු බෙදාහරින වැඩේ ලොකුවට ප්‍රචාරය කළා. ඔවුන් මුලින් කිව්වෙ පැය 24ක් ඇතුළත ඒ භාණ්ඩ නිවෙසට ගෙනත් දෙන බවයි. මාර්තු 23 වැනිදා ඇණවුම කරන්න කලින් වෙබ් අඩවියෙන් කිව්වේ මාර්තු 24 වැනිදා භාණ්ඩ මගේ අතට ලැබෙන බවයි. ඒ අනුව සෞඛ්‍යාරක්ෂිත බව, පහසුව සහ ඉතිරි වන කාලය ගැන හිතලා මම වැඩි මිලක් ගෙවා හෝ භාණ්ඩ ඇණවුම් කොට මුදල් ගෙවීම ද සිදු කළා.
ඒත් මුදල් ගෙවූ පසු වෙබ් අඩවියෙන් කියන්නේ භාණ්ඩ ලබා දිය හැක්කේ 29 වැනිදාට බවයි. එහෙත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය දින 5ක පමාවකින් පස්සේ පාරිභෝගිකයෙකු අතට පත් වෙලා වැඩක් නෑ. ඇණවුම කරන්න කලින් එය මගෙන් සැඟවීම නිසා අවසානයේ සිදු වූයේ මා ගෙවූ මුළු මුදල ම අපතේ යාම පමණයි. ඒ අනුව මෙය ප්‍රෝඩාවක් විතරක් නෙවෙයි, වංචාවක්. රට ම දරුණු වසංගතයකට මුහුණ දෙන මෙබඳු මොහොතක මෙවැනි ප්‍රෝඩාවලින් මිනිසුන් ගසා කන පුද්ගලයන් නොපමාව අත්අඩංගුවට ගත යුතුයි. එහෙත් සිය ධන බලය සහ සමාජ බලය පාවිච්චි කොට ඔවුන් මේ දඬුවම්වලින් ගැලවෙන බව නො අනුමානයි. ඒ විතරක් නෙවෙයි, දිගින් දිගට ම ඔවුන් මේ ප්‍රෝඩාව පවත්වා ගෙන යන බව ද ස්ථිරයි.
fb : Rasika Jayakody