KARUME KARUME

Crazy_Legz

Member
Nov 24, 2007
112
0
0
SE london Iltown Brrrrap
කරුමේ තමා! පින නෑ...


හාල් වලට වැලි දාපු
ගම්මිරිස් වලට පැපොල් ඇට දාපු
මිරිස් කුඩු වලට ගඩොල් කුඩු දාපු
හොරට කිරපු
අයවැයට බඩු හංගපු
ලමයින්ට සිකරට් විකුනපු
හොර බඩු ගත්තු විකුණපු
කුණු කරෝල කාපු
බදු නොගෙවපු
ලැයිසව නැති කරපු
හොර මුදලාලියා මැරුණාම
සුදු අන්දලා කොඩි දාලා
පාවඩ දාලා පිරුවට දාලා
හාමුදුරුවෝ හත් නමක් වැඩලා
බණ කියලා පාංසකූලේ දීලා
උපාසක කරලා දිවිය ලෝකෙට
පිටත් කෙරුවට මං හිතන්නේ
එයානං ගියේ අපායට කියලයි
ඕං ඒ වගේ තමා අර
තමිල් සෙල්ලං උන්නැහේත්
අන්තිම ගමන ගියේ
අර දුන්න වෙලාවේ සාමේ ගත්තනං
අද යනවා නේද ප්*රාඩෝ එකක
ඇමති කෙනෙක් වෙලා!
කරුමේ තමා! පින නෑ...