~ Kaviyen Kaviya ~.........Kamathida???

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka

    චන් මේක ලොකුවට ගන්න එපා හරිද නිකන් කවියක් විතරයි ආතල් එකට ලියන

    ෂොට් එක දමා ගෙන බොරු වෙරි රැඟුම ගෙනා :oo:
    ලොකුවට එපා ගන්නට දැන් කියනු විනා :eek:
    ආතල් කියා බෝතල් බී නහින ගොනා :lol:
    කවියට මිසට වලියට මෙහි නොමැත දනා
    :yes:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ප්‍රේමය කියා ඇති මහා ලොකු දෙයක නැත
    බොතලය කියත් ඇති මහ ලොකු දෙයක් නැත
    සියලුම දෙනා ජීවත් වනූයේ මැරෙන්නට
    විදපන් හැමදේම එක ලෙස පෙර මැරෙන්නට
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    දිවිය පුරා දකිම්න් ඒ සිහිනය
    දිවිය පුරා විදිමින් ඒ සිහිනය
    දිවිය පුරා ලබමින් ඒ සිහිනය
    දිවිය පුරා දුකදුන් ඒ සිහිනය

    :dull:

    දිවි මං තලා මිටියාවත වෙත රඳන
    මිහිදුම් වලා සිහිනය එහි රජ කරන
    මොහොතක් ලබා සිසිලස යළි පහව යන
    විඳවනු එපා නොරැඳෙන මිහිදුමක් ගැන
     
    Last edited:

    kusha

    Junior member
  • Jul 22, 2006
    205
    1
    18
    සමහරු කියති ආදරයයි හොද කියලා
    සමහරු කියති බෝතලයයි හොද කියලා
    මම නෑත ඔය දෙකේහිම ඈති රස බලලා
    ඈත්තේ දුක පමනි ඔය දෙකෙහිම පුරවා
    :no::no:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ආදරයට කෑදරයෙන් බැඳුණෝ පැණි රසය සිතා
    ටික දිනකදි නීරස වෙයි දුක් කඳුළු වසා
    බෝතලයට පෙම් බැඳි සිත් හොඳයි සිතා
    තමුන් රවටවා ගන්නේ මන්ද මනුසතා


    ආලය අන්ධ බව කවුරුත් කීවට
    කවුද කිව්වේ ඇස් වහගෙන කරන්නට
    අවබෝධයෙන් කල හැකිනම් දෑස් හැර
    රැවටෙනු කොහොම වැටහෙන්නේ නෑනෙ මට
    :)
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ප්‍රේමය කියා ඇති මහා ලොකු දෙයක නැත
    බොතලය කියත් ඇති මහ ලොකු දෙයක් නැත
    සියලුම දෙනා ජීවත් වනූයේ මැරෙන්නට
    විදපන් හැමදේම එක ලෙස පෙර මැරෙන්නට

    ආලේ බෝතලේ එක ලෙස ගෙන බැලුම
    නොවටී කිසිවිටක නොයනා මග එකම
    බොරුවක් වුවත් ප්‍රේමය ළඟ සොඳුරුකම
    නොවටී එලෙස බෝතලයක
    වස බීම
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ෂොට් එක දමා ගෙන බොරු වෙරි රැඟුම ගෙනා :oo:
    ලොකුවට එපා ගන්නට දැන් කියනු විනා :eek:
    ආතල් කියා බෝතල් බී නහින ගොනා :lol:
    කවියට මිසට වලියට මෙහි නොමැත දනා
    :yes:

    කවියෙන් කියන ඔය මහ ලොකු කියවිල්ල
    කාට පෙන්නද ඔය සෙල්ලම් ‍රැවටිල්ල
    ගෑනීට හොරෙන් අරක්කු බොන ඔය ගොල්ල
    ගෙදර එන්නෙ කට පුරුවන් හැක්ස් ටොපිය
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සමහරු කියති ආදරයයි හොද කියලා
    සමහරු කියති බෝතලයයි හොද කියලා
    මම නෑත ඔය දෙකේහිම ඈති රස බලලා
    ඈත්තේ දුක පමනි ඔය දෙකෙහිම පුරවා
    :no::no:


    ආදරය උතුම් බව පමනක් මම දනිමි
    සතුටින් කියමි මම ඒ තුල සුව විදිමි
    බෝතල් පහස නොදනිමි කට වහ ගනිමි
    ඒ ගැන කියන අය මෙහි ඇති බව දනිමි :P
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ආලය අන්ධ බව කවුරුත් කීවට
    කවුද කිව්වේ ඇස් වහගෙන කරන්නට
    අවබෝධයෙන් කල හැකිනම් දෑස් හැර
    රැවටෙනු කොහොම වැටහෙන්නේ නෑනෙ මට
    :)

    නැගණියෙ අසනු ඔවදන් දෙමි නුඹට මම
    දුකකි එයත් අන් සැම දේ ලෙස බැඳුම
    අවබෝධයත් විශ්වාසය රැක ගැනුම
    මෙවදන් තබා ගෙන සිත තුළ පෙම් කෙරුම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආලය අන්ධ බව කවුරුත් කීවට
    කවුද කිව්වේ ඇස් වහගෙන කරන්නට
    අවබෝධයෙන් කල හැකිනම් දෑස් හැර
    රැවටෙනු කොහොම වැටහෙන්නේ නෑනෙ මට
    :)

    අව්‍යාජ ආලය කිසිදා අඳ නොවෙතී
    ඒ තුළ ආශාව නම් වූ දේ නොමැතී
    ලබා ගැනීමට ම ආශා වූ සිතැතී
    නිරතුරු අඳ වෙලා එහෙ මෙහෙ දුවතී
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    නැගණියෙ අසනු ඔවදන් දෙමි නුඹට මම
    දුකකි එයත් අන් සැම දේ ලෙස බැඳුම
    අවබෝධයත් විශ්වාසය රැක ගැනුම
    මෙවදන් තබා ගෙන සිත තුළ පෙම් කෙරුම

    මම එය දනිමි විශ්වාසය තුල හිදිමි
    දුක බව දනිමි එය සැපතට හරව ගමි
    තව පෙම් කරමි දවසක ඔහුගේම වෙමි
    මම හිස නමමි ඔබෙ ඔවදන් පිළිගනිමි
    :)
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    කවියෙන් කියන ඔය මහ ලොකු කියවිල්ල
    කාට පෙන්නද ඔය සෙල්ලම් ‍රැවටිල්ල
    ගෑනීට හොරෙන් අරක්කු බොන ඔය ගොල්ල
    ගෙදර එන්නෙ කට පුරුවන් හැක්ස් ටොපිය

    තමන් කෙරුම අන් අයගේ ලෙස දැකුම
    නුඹත් කළේ එය වෙද අද මා සොයුර
    සිතත් බිඳුනු කොල්ලෙකි මම 22 ක
    ගෑනුත් හොයා ගනිමුද දැන් කියන් නුඹ
    :(
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    තමන් කෙරුම අන් අයගේ ලෙස දැකුම
    නුඹත් කළේ එය වෙද අද මා සොයුර
    සිතත් බිඳුනු කොල්ලෙකි මම 22 ක
    ගෑනුත් හොයා ගනිමුද දැන් කියන් නුඹ
    :(


    බිදුනු සිතක් හැකිවෙයි යලි හදන්නට
    සොයනු හොද හිතක් හමුවෙනවාමයි දිනක
    සීරුන හිතට " ඇය " ගෙන ඒවී සුවය
    ඔය කවි වෙනස් වෙයි රස බර කවිවලට :)
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    තමන් කෙරුම අන් අයගේ ලෙස දැකුම
    නුඹත් කළේ එය වෙද අද මා සොයුර
    සිතත් බිඳුනු කොල්ලෙකි මම 22 ක
    ගෑනුත් හොයා ගනිමුද දැන් කියන් නුඹ :(


    සිත බිදුනේ මන්ද අප හට කියන් සකී
    ඉත සිතකින් බැන්ද පෙම ගිනිගත් සෙයකී
    කත පිලිකෙව් දැන්ද වැඩ වැරදුන සඳකී
    තත වීණා බින්ද කල ඔය වැනි හඬකී
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    බිදුනු සිතක් හැකිවෙයි යලි හදන්නට
    සොයනු හොද හිතක් හමුවෙනවාමයි දිනක
    සීරුන හිතට " ඇය " ගෙන ඒවී සුවය
    ඔය කවි වෙනස් වෙයි රස බර කවිවලට :)

    සියුමැලි සිතක් නංවන ජයකෙහෙළි නද
    දිගුකල් ඇසේවා පතනෙමි පැතුම හද
    එනමුදු නගේ තණ අග පිනි බිඳුව ලෙද
    පෙම්දම් බිඳෙයි නෙතගට දී කඳුලු බිඳ


    Just a poem... OK :rofl::rofl::rofl:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    තමන් කෙරුම අන් අයගේ ලෙස දැකුම
    නුඹත් කළේ එය වෙද අද මා සොයුර
    සිතත් බිඳුනු කොල්ලෙකි මම 22 ක
    ගෑනුත් හොයා ගනිමුද දැන් කියන් නුඹ
    :(

    ජන්ගි හින්දා හිත් බිදුවා ගන්න එපා
    වටිනා ජීවිත ප්‍රේම බිල්ලට දෙන්න එපා
    අතේ දුරින් මිස ඉන් මෙහාට ගන්න එපා
    මූදේ ඉන්නේ එක මාලුවයයි සිතනු එපා
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka

    ජන්ගි හින්දා හිත් බිදුවා ගන්න එපා
    වටිනා ජීවිත ප්‍රේම බිල්ලට දෙන්න එපා
    අතේ දුරින් මිස ඉන් මෙහාට ගන්න එපා
    මූදේ ඉන්නේ එක මාලුවයයි සිතනු එපා

    :lol::lol::rofl:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy

    ජන්ගි හින්දා හිත් බිදුවා ගන්න එපා
    වටිනා ජීවිත ප්‍රේම බිල්ලට දෙන්න එපා
    අතේ දුරින් මිස ඉන් මෙහාට ගන්න එපා
    මූදේ ඉන්නේ එක මාලුවයයි සිතනු එපා


    ඔය මූදේ ඉන්නව කියන අනිත් මාළු ඔය කියන ඒව අදින්නේ නැති අයද ? :P බයිලා:lol:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඔය මූදේ ඉන්නව කියන අනිත් මාළු ඔය කියන ඒව අදින්නේ නැති අයද ? :P බයිලා:lol:

    ගෑනියෙකුට RESPECT කරන්න දන්නෙ නැති අයට කොහොමද හොද හිතක් හම්බ වෙන්නේ :rofl:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    සිත බිදුනේ මන්ද අප හට කියන් සකී
    ඉත සිතකින් බැන්ද පෙම ගිනිගත් සෙයකී
    කත පිලිකෙව් දැන්ද වැඩ වැරදුන සඳකී
    තත වීණා බින්ද කල ඔය වැනි හඬකී

    මලක් දුටිමි අත ළඟ පිපි සොඳුරුතම
    වෙනත් කෙනෙක් නෙලුවේ එය අසළ මම
    මමත් නොදන්නා සුවඳක් දැනුනි අම
    පෙමක් සිතේ තිබිලා නොදැනුවත්වම

    රහසේ බැඳුනු මගෙ සිත පෙර බිඳුනාට
    අහසේ සිටින ඇය මට හිමි නොවුනාට
    පහසේ ප්‍රේම මා හට හැකි නොවුනාට
    කෙලෙසේ කරම් පිළිකෙව් කත සොඳුරු අට