~ Kaviyen Kaviya ~.........Kamathida???

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ප්‍රේම කරා හදවතින්ම වසර දෙකක්
    ලැබුනේ අප හට අවසන ප්‍රශ්න ගොඩක්
    කීවොත් අඩයි ඔබ නම් නෑ කතා දෙකක්
    විනාශ වුනි අප දෙදනගේ ඉගනීමත්

    තුන් වසරක් රහසේ සිත බැඳි ප්‍රේමේ
    සිහි කර කර හඬනෙමි මා හොර රහසේ
    හැඬුමත් විඳවුමත් නුහුරුයි නෑ කිව්වේ
    එනමුත් තවම ඉගෙනුම ගැන ඇත චිත්තේ

    කවියත් කියෙව්වෙමි ඔබ දුන් පිළිතුරට
    කඳුළක් නැගුනි සිහිවී පෙර දවස මට
    තරමක් වෙනස් වුව අප එක ප්‍රේමයට
    සිතට ගනිමු කරනට මතු ඉගෙනුමට
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ඇත්ත කතා කෙරුමට හැම විට ඉඩ දීපන්
    හැම විට එකම රාමුවෙ නුබ හිර නොවියන්
    අතහැර ප්‍රේමය එලියට බැහපන්
    ලොකය විදින්නට හනිකට දුවලා වරෙන්


    ponil thaniwila atha gei mulle
    mawa dinawala deida
    ponsekaaaaaaaaaaa
    mangalikaaaaaaaaaa
    somaaaaaaaawathiiii


    මා කියු දෙයත් ඔබ හට නැත වැටහීලා
    ඇති බවකුත් හැඟුනේ මට කියවාලා
    කිව්වේ මොහු ගැනයි මම පෙර කවි ලියලා
    මන්දැයි ඔබට තේරෙනු ඇත මෙය දැකලා

    කවියට රසට අප සැම හැම දින ආවා
    ගොහොරුවකට නොව කියුමට කවි පාලා
    උපහාසයට මිස අපහාසය කැන්දා
    කෙරුමට නොවේ තැන මෙය කවි බන්දාලා
    :)
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    තුන් වසරක් රහසේ සිත බැඳි ප්‍රේමේ
    සිහි කර කර හඬනෙමි මා හොර රහසේ
    හැඬුමත් විඳවුමත් නුහුරුයි නෑ කිව්වේ
    එනමුත් තවම ඉගෙනුම ගැන ඇත චිත්තේ

    කවියත් කියෙව්වෙමි ඔබ දුන් පිළිතුරට
    කඳුළක් නැගුනි සිහිවී පෙර දවස මට
    තරමක් වෙනස් වුව අප එක ප්‍රේමයට
    සිතට ගනිමු කරනට මතු ඉගෙනුමට

    හිතේ තිබෙන දෙවල් හිර කරනු එපා:no:
    පසුව තැවි තැවි දැන් ඔය වගේ ඉන්න එපා:(
    පැරදුනි කියා ඔබ දැන් නම් සිතනු එපා:)
    වටිනා ජීවිතය විනාස කරනු එපා:frown:

    පසු ගිය කල විනාස වුනු ජීවිතය
    හදා ගතිමි දුරු රටකට ආ විගස
    නුහුරුයි තවමත් තනියම ජිවත් වීම
    එනමුදි ගනිමි ආතල් එක පෙර සේම:cool:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    නොදැනිම තුන්සියය ඇත මම පසු කරලා
    දුටුවේ දැනුයි මම එය ඇස වෙත ගැටිලා
    ඉන් බහුතරය කවි ලියුමට කැප කරලා
    ඇති බව දුටු සිත මගෙ අද තුටු වීලා

    කවි ගොඩකුත් අද මම බැඳ ලියා ඇති
    මිතුරු කැලත් මෙහි යළි කවි ලියනු ඇති
    පිටවුම මින් මට ළඟ ළඟ පෙනෙනු ඇති
    සැමටම සුභ යළි මම මෙහි නො එනු ඇති
    :)

    සැමට බුදු සරණයි...
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    නොදැනිම තුන්සියය ඇත මම පසු කරලා
    දුටුවේ දැනුයි මම එය ඇස වෙත ගැටිලා
    ඉන් බහුතරය කවි ලියුමට කැප කරලා
    ඇති බව දුටු සිත මගෙ අද තුටු වීලා

    කවි ගොඩකුත් අද මම බැඳ ලියා ඇති
    මිතුරු කැලත් මෙහි යළි කවි ලියනු ඇති
    පිටවුම මින් මට ළඟ ළඟ පෙනෙනු ඇති
    සැමටම සුභ යළි මම මෙහි නො එනු ඇති
    :)

    සැමට බුදු සරණයි...

    නික්ම යන්නෙ ඇයි මෙලෙසින් දමලා
    පටන් ගන්නෙ හොදම හරිය දුම් දමලා
    නොයන් මිතුර අප තනි කර දුක් දීලා
    ආපසු වරෙන් කවි ලියන්න මත් වීලා

    වෙනස් වුනත් අප දෙදනගෙ කවි රසය
    වෙනස් නොවෙන වග එලකිරි කවියන් වීම
    හැගුනේ නුබ හොද මිතුරෙකු බව හදවතට
    පිලිගනු මැන මිතු දම කවියන් විලස
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    නොදැනිම තුන්සියය ඇත මම පසු කරලා
    දුටුවේ දැනුයි මම එය ඇස වෙත ගැටිලා
    ඉන් බහුතරය කවි ලියුමට කැප කරලා
    ඇති බව දුටු සිත මගෙ අද තුටු වීලා

    කවි ගොඩකුත් අද මම බැඳ ලියා ඇති
    මිතුරු කැලත් මෙහි යළි කවි ලියනු ඇති
    පිටවුම මින් මට ළඟ ළඟ පෙනෙනු ඇති
    සැමටම සුභ යළි මම මෙහි නො එනු ඇති
    :)

    සැමට බුදු සරණයි...


    වටිනා ඔබේ කාලය මෙහි ගත කරලා
    පදයෙන් පදය පද ගොන්නක් ගලපාලා
    කවියෙන් කවිය කවි පිටුවම පුරවාලා
    දුටුවේ දැනුයි තරහා නොවෙනු කමාවෙලා


    පිටවුම ඔබේ නැත තවමත් ලං වීලා
    මොකටද රිදුනෙ සිත නෑ ඔබ දන්වාලා
    මිතුරු කැළම ඉන්නවා මෙහි මග බලලා
    විගස එන්න අදනම් ඔබ පමාවෙලා :)
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    නිකමට වගේ රස කවියක් කියන්නේ
    නොහැකි බවක් කවුරුන් මෙහි කියන්නේ
    ඇස ගැටුනේ සොඳුරු තැනක බලන්නේ
    යළි ඇවිදින් කවි කියමුද අහන්නේ
    :)

    කවි ලියන්න නුඹ දන්නව කියා සිතේ..:shocked::shocked:
    රවටන්නට අප සැමදෙන සදනු පෙනේ..:baffled::baffled:
    බැහැ කිව්වට කවි ලියන්න නුඹට අනේ..:rofl::rofl:
    ඔය ලිවිවේ කවි නෙවේද? අසමි මෙසේ..
    :P:P




    දැක්කේ දැනුයි මගෙ කවියට ප්තිචාරේ
    දන්නේ නැහැයි කිවුවේ ඇත්තටම අනේ
    සුන්දර තැනක් බව දැන් මට දැනෙන්නේ
    තව කවුරුද කවි ලියන්න සිටින්නේ??
     

    nwnbs

    Member
    banner1.gif


    teli natya wala nam AD pirilaya
    chithrapata walath tika tika eththeya
    sindu walath AD neththemath nethiya
    kavi walatath nodemmoth kichiyak eththeya

    :dull::dull::dull::baffled::baffled::baffled::rofl::rofl::rofl:
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ane manda kona unada kiyala mage kalin kawiya rachanayak una :P kaviyak kiyannai poddek mehi awe kawiyata reply karanna naa kawi awe punchi hitata me podi kawiyay awe eka kiyala yannai me mama awe