ප්‍රේම කරා හදවතින්ම වසර දෙකක්
ලැබුනේ අප හට අවසන ප්‍රශ්න ගොඩක්
කීවොත් අඩයි ඔබ නම් නෑ කතා දෙකක්
විනාශ වුනි අප දෙදනගේ ඉගනීමත්
තුන් වසරක් රහසේ සිත බැඳි ප්‍රේමේ
සිහි කර කර හඬනෙමි මා හොර රහසේ
හැඬුමත් විඳවුමත් නුහුරුයි නෑ කිව්වේ
එනමුත් තවම ඉගෙනුම ගැන ඇත චිත්තේ
කවියත් කියෙව්වෙමි ඔබ දුන් පිළිතුරට
කඳුළක් නැගුනි සිහිවී පෙර දවස මට
තරමක් වෙනස් වුව අප එක ප්‍රේමයට
සිතට ගනිමු කරනට මතු ඉගෙනුමට










