තුති පුදන්නේමි මල්ලියේ ඔබ මා පිලි ගත්තාට
කවි මඩුව රසමුත් එලඹ ඇත කාලය මට යන්නට
පාඩම් කර විවේකයට එලකිරියට ලොග් වුනාට
විහාගයක් ඇත මට ජනවාරි මාසේ ලියන්නට
පතමි සුබ විබගයට ඔබෙ
එන්න කවියට ඉඩ ඇති ලෙසෙ

තුති පුදන්නේමි මල්ලියේ ඔබ මා පිලි ගත්තාට
කවි මඩුව රසමුත් එලඹ ඇත කාලය මට යන්නට
පාඩම් කර විවේකයට එලකිරියට ලොග් වුනාට
විහාගයක් ඇත මට ජනවාරි මාසේ ලියන්නට

තෙරුම් ගත්ත එක ඔබ එය සතුටක්ය
නොහැක සමකුරුමට කිසිදින එ දෙපල
![]()
![]()

කවි මඩුවේ නස්සබ්දය පැතිරෙන්නා
මටත් යන්න කාලය දැන් පැමිණෙන්නා
හවස් වෙලා එන්නම් ඔබ සැම ඉන්නා
එහෙනම් ගිහින් එන්නම් සැමටම තෙරුවන් සරණා...!!!
![]()

ගැහැණිය මෙන්ම පිරිමියාද කියා හොද වන්නේ
නැත මිනුම් දණ්ඩක් කොහමද අපි මනින්නේ
දෙන්නම එකයි නැත වෙනසක් මට පෙන්නේ
නැත වාදයක් ඒ ගැන මම නම් කියන්නේ
ගැහනිය උතුම් මව් පදවිය ගැන සිතුවාම
පිරිමියා උතුම් පිය පදවිය ගැන සිතුවාම
කවරෙකු වුව උතුම් යෑයි ලෝකය සලකන්නේ
සිතුවිලි වලිනි කරන කියන වැඩ සලකමිනේ
නමින් උන්න ඩොලී
සුන්දර කවි කෙලී
ලියා තැබුවා කවී
ලියමුද අපි යලී![]()

ලියනට නොහැකි මුත් කවි
විඳිනෙමු සිත් සේ රිසි
අමතක නොකරන් අපි
බලමින් සිටින බව රොක් වෙවී

ලියනට නොහැකි මුත් කවි
විඳිනෙමු සිත් සේ රිසි
අමතක නොකරන් අපි
බලමින් සිටින බව රොක් වෙවී
සිතුවිලි අතර මතුවෙන දේ ගොනු කරලා
පදය පදය එකිනෙක හැම යා කරලා
වචනවලට අලංකාර හැඩ යොදලා
දිරි ගෙන ලියනු හැකි වෙයි කවි හැඩ දමලා

සිතිවිලිවලට පන දිය හැකි කවි ලෙසට
තෙරපෙන අපේ හැගුමන් ගොනුකර එකට
පද හතරක සිර කර එය හැකි විටක
එවනු අපි ඇතී එය රස විදින්නට![]()
නමින් උන්න ඩොලී
සුන්දර කවි කෙලී
ලියා තැබුවා කවී
ලියමුද අපි යලී![]()


ආ විටක ඩොලී
දැකලා මෙ පද පෙලි
හිත තුටින පිරී
දෙවි රෙප් කෝටි![]()
ගැහැණිය මෙන්ම පිරිමියාද කියා හොද වන්නේ
නැත මිනුම් දණ්ඩක් කොහමද අපි මනින්නේ
දෙන්නම එකයි නැත වෙනසක් මට පෙන්නේ
නැත වාදයක් ඒ ගැන මම නම් කියන්නේ
ගැහනිය උතුම් මව් පදවිය ගැන සිතුවාම
පිරිමියා උතුම් පිය පදවිය ගැන සිතුවාම
කවරෙකු වුව උතුම් යෑයි ලෝකය සලකන්නේ
සිතුවිලි වලිනි කරන කියන වැඩ සලකමිනේ
ඇගේ සිනහව යලී
තවරන්නට රිසී
හිනහී තුටුවී
ඇත්නම් එයද මට වටී
එළකිරිය තුලදී
හිටපු කවි කාරි
ආ දිනට සුවවී
පෙන්නමු මෙ කවි පෙලි
මිනිසත් බව රකින ඒ හා වැඩ කරන
අනෙක් අයට හැම විටකම සෙත සදන
හොඳ සිතිවිලි මනසේ බොහො විට රැදෙන
උතුම්ය මෙවන් ගැහැණු පිරිමි සියලු දන

ඇය මගේ සොයුරී
එලකිරියේ මිතුරී
ආ දිනක යලී
සිනහ වේවි දැක මේ කවි කෙලී