~ Kaviyen Kaviya ~.........Kamathida???

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,421
    5,758
    113
    හෝම් ස්වීට් හෝම්

    තුති පුදන්නේමි මල්ලියේ ඔබ මා පිලි ගත්තාට
    කවි මඩුව රසමුත් එලඹ ඇත කාලය මට යන්නට
    පාඩම් කර විවේකයට එලකිරියට ලොග් වුනාට
    විහාගයක් ඇත මට ජනවාරි මාසේ ලියන්නට :P:rolleyes::yes::dull:

    පතමි සුබ විබගයට ඔබෙ
    එන්න කවියට ඉඩ ඇති ලෙසෙ :)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos



    ගැහැණිය මෙන්ම පිරිමියාද කියා හොද වන්නේ
    නැත මිනුම් දණ්ඩක් කොහමද අපි මනින්නේ
    දෙන්නම එකයි නැත වෙනසක් මට පෙන්නේ
    නැත වාදයක් ඒ ගැන මම නම් කියන්නේ

    ගැහනිය උතුම් මව් පදවිය ගැන සිතුවාම
    පිරිමියා උතුම් පිය පදවිය ගැන සිතුවාම
    කවරෙකු වුව උතුම් යෑයි ලෝකය සලකන්නේ
    සිතුවිලි වලිනි කරන කියන වැඩ සලකමිනේ


     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කවි මඩුවේ නස්සබ්දය පැතිරෙන්නා
    මටත් යන්න කාලය දැන් පැමිණෙන්නා
    හවස් වෙලා එන්නම් ඔබ සැම ඉන්නා
    එහෙනම් ගිහින් එන්නම් සැමටම තෙරුවන් සරණා...!!!

    :)


    කොහේ ගියත් නැවතත් මෙහි පැමිනෙන්න
    ඇරයුම පිළිඅරන් කවි පෙල ගසන්න
    :)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,421
    5,758
    113
    හෝම් ස්වීට් හෝම්



    ගැහැණිය මෙන්ම පිරිමියාද කියා හොද වන්නේ
    නැත මිනුම් දණ්ඩක් කොහමද අපි මනින්නේ
    දෙන්නම එකයි නැත වෙනසක් මට පෙන්නේ
    නැත වාදයක් ඒ ගැන මම නම් කියන්නේ

    ගැහනිය උතුම් මව් පදවිය ගැන සිතුවාම
    පිරිමියා උතුම් පිය පදවිය ගැන සිතුවාම
    කවරෙකු වුව උතුම් යෑයි ලෝකය සලකන්නේ
    සිතුවිලි වලිනි කරන කියන වැඩ සලකමිනේ



    kiyala patan gaththath oba aluth kiya
    gothanawane rasa pada eli samya thiya
    kerumata wada kauda wada honda kiya
    pala natha pili ganime obe tharka nath kisith bada​
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නමින් උන්න ඩොලී
    සුන්දර කවි කෙලී
    ලියා තැබුවා කවී
    ලියමුද අපි යලී:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නමින් උන්න ඩොලී
    සුන්දර කවි කෙලී
    ලියා තැබුවා කවී
    ලියමුද අපි යලී:)

    ලියනට නොහැකි මුත් කවි
    විඳිනෙමු සිත් සේ රිසි
    අමතක නොකරන් අපි
    බලමින් සිටින බව රොක් වෙවී :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ලියනට නොහැකි මුත් කවි
    විඳිනෙමු සිත් සේ රිසි
    අමතක නොකරන් අපි
    බලමින් සිටින බව රොක් වෙවී :)


    බැලුවට ඔබ මදී
    ඇවිත් ලියනු කවී
    රසයෙන් ඉමිහිරී
    ලිවු පද සුමිහිරී:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලියනට නොහැකි මුත් කවි
    විඳිනෙමු සිත් සේ රිසි
    අමතක නොකරන් අපි
    බලමින් සිටින බව රොක් වෙවී :)

    සිතුවිලි අතර මතුවෙන දේ ‍ගොනු කරලා
    පදය පදය එකිනෙක හැම යා කරලා
    වචනවලට අලංකාර හැඩ යොදලා
    දිරි ගෙන ලියනු හැකි වෙයි කවි හැඩ දමලා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සිතුවිලි අතර මතුවෙන දේ ‍ගොනු කරලා
    පදය පදය එකිනෙක හැම යා කරලා
    වචනවලට අලංකාර හැඩ යොදලා
    දිරි ගෙන ලියනු හැකි වෙයි කවි හැඩ දමලා


    සිතිවිලිවලට පන දිය හැකි කවි ලෙසට
    තෙරපෙන අපේ හැගුමන් ගොනුකර එකට
    පද හතරක සිර කර එය හැකි විටක
    එවනු අපි ඇතී එය රස විදින්නට:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සිතිවිලිවලට පන දිය හැකි කවි ලෙසට
    තෙරපෙන අපේ හැගුමන් ගොනුකර එකට
    පද හතරක සිර කර එය හැකි විටක
    එවනු අපි ඇතී එය රස විදින්නට:yes:

    කවි රස විඳින්නට සිත යොමු වෙන වරට
    මනසට දැනේ මනුෂත්බව සොඳට
    ලියනූ නොහැක කවි පදවැල් යස රඟට
    එනමුත් වචන හසුරවාලමි මේ ලෙසට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ආ විටක ඩොලී
    දැකලා මෙ පද පෙලි
    හිත තුටින පිරී
    දෙවි රෙප් කෝටි:lol::lol:


    ඇගේ සිනහව යලී
    තවරන්නට රිසී
    හිනහී තුටුවී
    ඇත්නම් එයද මට වටී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113



    ගැහැණිය මෙන්ම පිරිමියාද කියා හොද වන්නේ
    නැත මිනුම් දණ්ඩක් කොහමද අපි මනින්නේ
    දෙන්නම එකයි නැත වෙනසක් මට පෙන්නේ
    නැත වාදයක් ඒ ගැන මම නම් කියන්නේ

    ගැහනිය උතුම් මව් පදවිය ගැන සිතුවාම
    පිරිමියා උතුම් පිය පදවිය ගැන සිතුවාම
    කවරෙකු වුව උතුම් යෑයි ලෝකය සලකන්නේ
    සිතුවිලි වලිනි කරන කියන වැඩ සලකමිනේ



    මිනිසත් බව රකින ඒ හා වැඩ කරන
    අනෙක් අයට හැම විටකම සෙත සදන
    හොඳ සිතිවිලි මනසේ බොහො විට රැදෙන
    උතුම්ය මෙවන් ගැහැණු පිරිමි සියලු දන
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    එළකිරිය තුලදී
    හිටපු කවි කාරි
    ආ දිනට සුවවී
    පෙන්නමු මෙ කවි පෙලි


    ඇය මගේ සොයුරී
    එලකිරියේ මිතුරී
    ආ දිනක යලී
    සිනහ වේවි දැක මේ කවි කෙලී
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මිනිසත් බව රකින ඒ හා වැඩ කරන
    අනෙක් අයට හැම විටකම සෙත සදන
    හොඳ සිතිවිලි මනසේ බොහො විට රැදෙන
    උතුම්ය මෙවන් ගැහැණු පිරිමි සියලු දන


    අවසන ඉතිරි වන
    එකම දෙය මිනිසත් කම
    දැන එය හැදින
    උන්න කලෙක නොවේ සිත් රිදවුම:)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,421
    5,758
    113
    හෝම් ස්වීට් හෝම්

    ඇය මගේ සොයුරී
    එලකිරියේ මිතුරී
    ආ දිනක යලී
    සිනහ වේවි දැක මේ කවි කෙලී

    ඇය ඔබෙ සොයුරි බව
    දැන සිටියා කලින් මම
    කියලා තිබුනා ඩොලී
    කස්සා ඔබෙ මස්සිනා බව


    ආ දිනක යලි ඩොලී
    සතුටු වන්නට කවි කෙලි
    තියාගමු ඇක්ටිව්ලි
    ඇගෙ මෙ කවි පෙලි
     
    එළකිරි එකේ මම හොඳ කවියෙක් නොවෙමි
    එනමුත් රස ලියන්නට දනිමි
    කාසමග වත් හොඳ කවියක් නොකිමි
    මෙතනට පැමින රසවත් කවියක් ලියමි
     
    කවි ලියන්නට හැමදෙනම පිරි
    එනමුත් මගෙ හිතට රසයක් තවම නැති
    කට්ටිය හැම දෙනම තරගෙට කවි ලියති
    එබැවින් මමත් තරගයටම එකතු වෙමි