~ Kaviyen Kaviya ~.........Kamathida???

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

කවුද අහක උන්නේ
අපි නම් නෑ දන්නේ
ඔය විදියට හිතන්නේ
නුඹටත් මඩ වැදුනද කියන්නෙ ?

;)


මම මෙයින් ගිය පසු
සිදු නොකර කිසිත් අඩු
" මිස්සක " නමින් ගෙන බඩු
ගැහුවේ නැතිද මඩ තට්ටු...?
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
රෑ වේගෙන එනකොට
බස්සන් හූම් කියනකොට
කවි මඩුවේ කට්ටියට
වලි නැතුවම බැයිද :P :D


කිව්වට මඩ කවි
මේ කවි ජොලි කවි
කවි ලියවන්නට
අපි කරනා රැවටිලි
:P
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මම මෙයින් ගිය පසු
සිදු නොකර කිසිත් අඩු
" මිස්සක " නමින් ගෙන බඩු
ගැහුවේ නැතිද මඩ තට්ටු...?


නුඹ ගිය පසු
අපි කලේ කසු කුසු
උන්න පාඩුවේ
නිවී දග බඩු
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
නුඹ කල කුසු කුසුව
සටහන්ව ඇති යසට
බොරැ තෙපර බානතර
කියනු මැන ඇත්තක් බලනට

කලාද මම බොරු
මෙන්න කියනා දේ මේ හොරු
නොකර ඔය බොරු
අහන් වෙන අයගෙන් තොරතුරු
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මඩ කවි ජොලි කවි
එක තැන කැරකැවි
හැමවිට හැමදින
නානව එකතුවි:rofl:

කලාද මම බොරු
මෙන්න කියනා දේ මේ හොරු
නොකර ඔය බොරු
අහන් වෙන අයගෙන් තොරතුරු


කොහොමද ඔබේ තොරතුරැ
හීතලයි මේ පැත්තම නිරතුරැ
දවාලට ගිනි මද්දහන පැතුරැ
හවස්වන විට මීදුම වසාගනී හිරැ
 

nwnbs

Member
කොහොමද ඔබේ තොරතුරැ
හීතලයි මේ පැත්තම නිරතුරැ
දවාලට ගිනි මද්දහන පැතුරැ
හවස්වන විට මීදුම වසාගනී හිරැ
මෙහෙට අද වැස්ස
සීතල නිමවෙන්න
ඉතිං ආයිත් රස්නෙ
එනවලු විඳවන්න :dull:

(මගෙන් වෙන්ටැ ඇහුවෙ විස්තර :P)
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
කොහොමද ඔබේ තොරතුරැ
හීතලයි මේ පැත්තම නිරතුරැ
දවාලට ගිනි මද්දහන පැතුරැ
හවස්වන විට මීදුම වසාගනී හිරැ


කේතලේ මල්ලෙක්
උන්නානම් බිල්ලෙක්
ඔය මීදුම යාවී
ඈතට ගව් ගානක්
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මෙහෙට අද වැස්ස
සීතල නිමවෙන්න
ඉතිං ආයිත් රස්නෙ
එනවලු විඳවන්න :dull:

(මගෙන් වෙන්ටැ ඇහුවෙ විස්තර :P)


ජීවිතේ එහෙමමයි
සීතලයි උණුහුමයි
එක තැනම කැරකවෙයි
අපි තවමත් සැරසෙයි
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

කේතලේ මල්ලෙක්
උන්නානම් බිල්ලෙක්
ඔය මීදුම යාවී
ඈතට ගව් ගානක්


කේතලේ මල්ලක්
හිටියා මටත් දවසක්
වෙනකොට ඒ ගැන මතක්
ගිනිගන්නවා පපුව තවමත්
 

nwnbs

Member
කේතලේ මල්ලක්
හිටියා මටත් දවසක්
වෙනකොට ඒ ගැන මතක්
ගිනිගන්නවා පපුව තවමත්
ආදරේ එහෙමයි
හදවත ගිණි තබයි
පිච්චෙනකොට හරි සැපයි
කිය කියා තව හිතයි
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
තව දවස් කීපයයි
මාසයත් නිමාවෙයි
කාලය ඉගිලෙයි
රෑ වෙයි දවල් වෙයි

හැරිලා බලනකොට යලිත්
ගෙවී ගිය කාලය බොහොමත්
මතකයේ හරිම වේගවත්
ජීවිතයක්ද අසනෙමි මේකත්
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
කේතලේ මල්ලක්
හිටියා මටත් දවසක්
වෙනකොට ඒ ගැන මතක්
ගිනිගන්නවා පපුව තවමත්

දිරවන්න බැරි ලණු
කෑවම පනී හණු
මම වගේ ඉනු
නොගෙන ඔය කුණු

 
Last edited:

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ආදරේ එහෙමයි
හදවත ගිණි තබයි
පිච්චෙනකොට හරි සැපයි
කිය කියා තව හිතයි


එය ගිනි වලල්ලක්
මැද පාරාදීසියක්
වරක් කොටුවුනොත්
නැහැ සදා ගැලවීමක්
 

nwnbs

Member
හැරිලා බලනකොට යලිත්
ගෙවී ගිය කාලය බොහොමත්
මතකයේ හරිම වේගවත්
ජීවිතයක්ද අසනෙමි මේකත්
සිරාවට මල්ලියා
ජීවිතේ මුලා වෙලා
දෝ කියා සිත සිතා
සිටිමි කර කල්පනා
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
දිරවන්න බැරි ලණු
කෑවම පනී හණු
නොගෙන ඔය කුණු
නොගහ බැරි පිනුම්


ගෙන රිදුණු හදවතක්
නොදන්නා ලෙස කිසිත්
කරන්නේ අවමන්
කෙලෙසද අසමි පුදුමයෙන්

 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
සිරාවට මල්ලියා
ජීවිතේ මුලා වෙලා
දෝ කියා සිත සිතා
සිටිමි කර කල්පනා


තරගකරැවන්ය අප හැල්මේ දුවන
නැත වටේ කිසිත් හිද එය බලන
අත්පොලසන් ගසා හිත දිරි වඩන
නැත එවැන්නන් තරගයකි අප දුවන