keep_calm_&_read_this_thread

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    1.jpg


    ඔයාල ෆෙස්බුකියේ ඉන්නකොට ඕන තරම් දැකල ඇතිනේ "Keep Calm and ......" ආකෘතියේ poster. හිස්තැනට එක එක ඒවා දානවා. බිග් මැච් කාලෙට තම තමුන්ගේ පාසල් වලට චියර් කරලා ඔය හිස්තැනට දාගන්නවා. ක්‍රිකට් මැච්, ෆුට්බෝල් මැච් තියන කාල වලට තම තමුන්ගේ රටට චියර් කරලා ඔය හිස්තැන පුරවගන්නව.
    අද මම ෆෙස්බුකියේ දැක්ක ඔය පහල තියන පික් එක:oo:.
    529446_375610642554553_780633342_n.jpg


    ඉතින් මට හිතුන මේ poster වර්ගයේ ආරම්භය ඇති උනේ කොහොමද කියල හොයල බලන්න. මේ සිංහල අලුත් අවුරුද්දේ මගේ පලවෙනි පෝස්ට් එක ඔයාලට වැදගත් වෙයි කියල මම හිතනවා..

    පහලින් තියෙන්නේ ඔය poster වර්ගය ආරම්භ වෙන්න මුලික උන ඉතිහාසගත poster එක. මෙහි ඉතිහාසය දෙවන ලෝකයුධ සමය දක්වා ඇදී යනවා..
    220px-Keep-calm-and-carry-on-scan.jpg


    poster එකේ තියෙන්නේ "Keep Calm and Carry On" කියල. ඒ කිව්වේ "කලබල නොවී දිගටම කරගෙන යන්න" කියන එකයි. දිගටම කරන්න කියන්නේ මොනවද?

    1939 දෙවැනි ලෝකයුද්ධය ආරම්භ වන අවධියේදී, බ්‍රිතාන්‍යය පුරා බොහෝ අනාවැකි පළකෙරුනා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර ඉලක්ක කරගෙන ගුවන්ප්‍රහාර එල්ල වේවි කියා. එම අනාවැකි වල පසුවිපාක ලෙස මිනිසුන්ගේ චිත්ත ධෛර්යය බිඳ වැටේවි කියා සිතූ බ්‍රිතාන්‍ය රජය විසින් මුද්‍රණය කර බෙදාහරින ලද poster එකක් තමයි මේ විදියට පසුකාලයේදී ජනප්‍රිය උනේ. ඉතින් මේ පෝස්ටර් එකෙන් දුන්න පණිවිඩය තමයි, ගුවන් ප්‍රහාර එල්ලවෙයි කියල අනවශ්‍ය බයක් ඇතිකරගන්නේ නැතිව තමන්ගේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන්න කියන අදහස.


    හැබැයි මේ පෝස්ටර් එකේ සීමිත පිටපත් සංක්‍යාවක් තමයි බෙදාහැරලා තිබුනේ. අනික මේ පෝස්ටර් මහජනයාට ප්‍රදර්ශනය කෙරුනෙත් නැහැ. ඒ නිසා බොහොම සුළු පිරිසක් තමයි මේ පෝස්ටරය දැකල තිබුනේ.

    2000 වසරේදී මේ පෝස්ටරය නැවත වතාවක් කරලියට පැමිණියා. එදා පටන් අද වන තුරු විවිධ ආයතන වල නිෂ්පාදිත ප්‍රවර්ධනය කරන තේමාවක් ලෙස, කිසියම් කණ්ඩායමකට චියර් කිරීමට ආදී වශයෙන් විවිධ අරමුණු උදෙසා මේ පෝස්ටරයේ ආකෘතිය යොදාගන්නවා. මේ පෝස්ටරයේ මුල් පිටපත් කිහිපයක් පමණක් බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේඛනාගාරයෙන් පිටත ඇති බව සිතා සිටියත් 2012 දී BBC ලෝක නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන Antiques Roadshow නම් කෞතුක භාණ්ඩ පිලිබඳ වූ වැඩසටහන මගින් මේ පෝස්ටරයේ මුල් පිටපත් 15ක් අනාවරණය කරනු ලැබුවා.


    මේ පෝස්ටරය ලොවපුරා මොනතරම් ජනප්‍රියද කියල මෙතනින් බලන්න..
    2.jpg

     
    Last edited: