Kellak Goda Damma!

What you did is

  • Correct

    Votes: 35 54.7%
  • Wrong

    Votes: 14 21.9%
  • not good or bad

    Votes: 15 23.4%

  • Total voters
    64
Status
Not open for further replies.

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
අපිට තියෙන ප්‍රශ්න ඇති මචන්,
මේක උඹම තියාගනින්
 

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඕකෙ මේම සීන් එකක් තොයනව බ්‍රෝ...... ඒකිට ඔහේ ඉන්න ඇරපන් මම කියන්නෙ. මොකද බූට් අමාරුව කියන්නෙ කාල එක්ක අඩුවෙනවනෙ. මේකි මහන උනාම මනුස්සයෙක් වගේ කොල්ලෙක් හම්බුනාම ආයෙ ආදරේ ඇතිවෙන්න පුලුවන්. එදාට ඒකි මොකෝ කරන්නෙ ??

    බුදු බන කියම්නෙ බූටක් කාල ජීවිතේ එපා උනාම නෙමේ, හිත නිදහසේ තියෙද්දි අවබෝද කරන්න ඕන දෙයක්. එයා සිවෘ අරින්න උනත් පුලුවන් පස්සෙ කාලෙක.

    මම මේ නිකම්ට අහන්නෙ. කෙල්ලව අරූ ගෑනියෙක් කරලද???
    ඒනම් ලොකු අව්ලක් නෑ. මොකද ලංකාවෙ ඒම කෙල්ලෙක්ට ජීවිත්‍යක් දෙන්න පුලුවන් රත්තරං කොල්ලො ගොඩක් නෑනෙ..... ඒත ඒම දෙයක් නැත්නම් කෙල්ලට ලොකු චාන්ස් එකක් තියනව ආපහු හරි කෙනෙක් එක්ක ජිවිතේ පටන් ගන්න. උඹ ලඟින් හිටාං. වැඩිය මහන වෙන්න කියන්න එපා මම කියන්නෙ.... මොනා උනත් උඹ හොඳ හිතින් කරපු වැඩක්නෙ බං.... ඒ අතින් උඹ පට්ටම greate ආ....👌👌👌
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නෑ, අපේ දේශක මිත්‍රයා කිව්වා ඇයට හොඳ බුද්ධියක් තියනෙවා කියලා, දවස් කිහිපයකින් සෑහනෙ දුරක් ගියා. ඇය මොක කළත් ධර්මයේම ඉඳිවි. තව dethis කුණපයක් කර නොහගන්නැයි මම ප්‍රාර්ථනා කරනවා. එයාට තාම 23ද කොහෙද. කේන්දරයෙත් මහණ වෙන්න තියනවා කියලා එයාම මාත් එක්ක කිව්වා. මට පුදුම සන්තෝසයක් ඇය වගේ කෙනෙක්ට මාර්ගය පෙන්වන්න ලැබීම ගැන.

    People hear what they want to hear!!! It doesn't matter what we say in this thread because You don't want to hear. You always justify yourself by telling bullshit like above.

     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    People hear what they want to hear!!! It doesn't matter what we say in this thread because You don't want to hear. You always justify yourself by telling bullshit like above.


    ඒක තමයි අනිච්ච දකින්න ඕනේ කියන්නේ, ලෝකේ මගේ කැමැත්තට තියෙනවා කියලා හිතාගෙන, ඒක එහෙම කරගන්න සංකාර වඩනවා, මම කඩන්න හදන්නේත් ඕකයි. ස්තූතියි පෙන්වා දුන්නාට. වංචක ධර්ම කියන්නේත් ධර්මය මුවාවෙන් එන ඒ රැවටිලිකාර සිතුවිලි.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඕකෙ මේම සීන් එකක් තොයනව බ්‍රෝ...... ඒකිට ඔහේ ඉන්න ඇරපන් මම කියන්නෙ. මොකද බූට් අමාරුව කියන්නෙ කාල එක්ක අඩුවෙනවනෙ. මේකි මහන උනාම මනුස්සයෙක් වගේ කොල්ලෙක් හම්බුනාම ආයෙ ආදරේ ඇතිවෙන්න පුලුවන්. එදාට ඒකි මොකෝ කරන්නෙ ??

    She'll definitely hate him rest of her life.:lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    It's her choice. Not yours.
    You are not responsible to this, and you can't take credits for it.
    බුදුහාමුදුරුවෝ උනත් මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවා කියලා කෙවිටෙන් දක්කාගෙන නිවනට එක්කන් යනවා වගේ දෙයක් නෙමෙයි කරේ.

    කරුණු පෙන්නුවා. හරි කියලා තේරෙනවා නම් පමනක් ඒ ඔස්සේ ගමං කරන්න දුන්නා. ඒත් ඕන එකාට විතරයි ඒ දේ කරන්නේ.
    අශ්වයා ගෙනල්ලා වතුර බාල්දිය ලඟින් තිබ්බට ඌ ට තිබහ නැතිනම් ඌ උඹ බල කරත් වතුර බොන්නේ නැහැ.

    Boot කෑවා කියලා සිහිය විකල් වෙන්නේ නැහැ. ලංකාවේ කීයක් boot කනවද? ඒ හැමොටම ඔය උඹ කියන දේ කරොත් උං ඔක්කොම මහණ වෙන්නෙත් නෑ ධර්මය අවබෝධ කරන්ට Try කරන්නෙත් නෑ. ඒ වගේම කන හැමෝම suicide කරන්නේත් නැහැ.

    උඹ ඔය කෙල්ලට path එක clear කරගන්න support එක දුන්නට කමක් නෑ thread දාලා හෝ අර යාලුවට උඹ කරපු දේවල් update කර කර උඹ බලාපොරොත්තු වෙන, මෙතන ගන්න ආතල් එක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. එතැන තමයී උබට වරදිනවනම් වරදින තැන.

    Voted for correct.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බෞද්ධ ධ්‍යාන ලාභී තරුණ මහත්මයාට ස්කයිප් තාක්ෂණයෙන් යොමු කළා ඇයව.
    ධ්‍යානලාභියා ශේප් එකේ ඔය කෙල්ලව රූම් එහෙකට අදිනව ළඟදිම :eek:
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    It's her choice. Not yours.
    You are not responsible to this, and you can't take credits for it.
    බුදුහාමුදුරුවෝ උනත් මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවා කියලා කෙවිටෙන් දක්කාගෙන නිවනට එක්කන් යනවා වගේ දෙයක් නෙමෙයි කරේ.

    කරුණු පෙන්නුවා. හරි කියලා තේරෙනවා නම් පමනක් ඒ ඔස්සේ ගමං කරන්න දුන්නා. ඒත් ඕන එකාට විතරයි ඒ දේ කරන්නේ.
    අශ්වයා ගෙනල්ලා වතුර බාල්දිය ලඟින් තිබ්බට ඌ ට තිබහ නැතිනම් ඌ උඹ බල කරත් වතුර බොන්නේ නැහැ.

    Boot කෑවා කියලා සිහිය විකල් වෙන්නේ නැහැ. ලංකාවේ කීයක් boot කනවද? ඒ හැමොටම ඔය උඹ කියන දේ කරොත් උං ඔක්කොම මහණ වෙන්නෙත් නෑ ධර්මය අවබෝධ කරන්ට Try කරන්නෙත් නෑ. ඒ වගේම කන හැමෝම suicide කරන්නේත් නැහැ.

    උඹ ඔය කෙල්ලට path එක clear කරගන්න support එක දුන්නට කමක් නෑ thread දාලා හෝ අර යාලුවට උඹ කරපු දේවල් update කර කර උඹ බලාපොරොත්තු වෙන, මෙතන ගන්න ආතල් එක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. එතැන තමයී උබට වරදිනවනම් වරදින තැන.

    Voted for correct.

    අය්යා කියන කතාව ඇත්ත කියලා මට හිතෙනවා. වංචක ධර්ම නේද ? නොදැනුවත්වම අවිද්‍යාවට ගිහින්. මම පිළිගන්නවා ඒක.

    ඇඩ්මින්/මොඩ් කරුණාකරලා මේ ත්‍රෙඩ් එක මකන්න බැරි නම් වහන්න.


    ධ්‍යානලාභියා ශේප් එකේ ඔය කෙල්ලව රූම් එහෙකට අදිනව ළඟදිම :eek:

    තමංගෙ අම්මාවත් මහන කරලා, නෝනාටත්ධ ර්මය දෙන්න ගිහින් එයාගෙනුත් ඈත් වුණු උත්තමයෙක්, හැම දෙයක්ම තමන්ට සාපේක්ෂව හිතන්න එපා. අනික එතුමා දවස් හතයි ඒ කෙල්ලට කතා කරනවා කිව්වේ. ඒ කියන්නේ තව දවසක් දෙකක් විතරයි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    අපිට තියෙන ප්‍රශ්න ඇති මචන්,
    මේක උඹම තියාගනින්
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    Me thread ekata newatha reply oone netha. meya pahadili wanchaka dharmayakata hasu weemaki!
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,011
    5,185
    113
    Ethuma margapala labhi uththamayek. ayya kenek pita rataka inna, mata dharmaya labuna moolaya thamai "Waharaka Temple" Mage guru hamuduruwo thamai "Dharmayai Obai" hamuduruwo.. mage Kalyana Mithrayek thamai oya man qwa deshaka uththamaya.


    උබ කිවුවෙ ධර්මයයි ඔබයි කියලද. උබ යන්කනෙ ඒ හාමුදුරුවො ගාවටද. ට්ටියම මෙන්න මේක පොඩ්ඩක් අහල බලපන්කො බැලුම්ගලේ මොකද කියන්නෙ කියල.

     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    උබ කිවුවෙ ධර්මයයි ඔබයි කියලද. උබ යන්කනෙ ඒ හාමුදුරුවො ගාවටද. ට්ටියම මෙන්න මේක පොඩ්ඩක් අහල බලපන්කො බැලුම්ගලේ මොකද කියන්නෙ කියල.


    2017-10-16 දින බැලුම්ගල විකාශය වූ
    ධර්මයයි ඔබයි වැඩසටහන් සම්බන්ධවයි
    උක්ත වැඩසටහන සම්බන්ධව පහත කරුණු දැක්වීමක් ශාසනාලයෙන් යුක්තව අපි විසින් සිදු කිරීමට කැමැත්තෙමු.

    ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නම “හඳපාන්ගොඩ නිවාසතාප ස්වාමින් වහන්සේ ” නමින් තම වැඩසටහන පුරා ආමන්ත්‍රණය කරනු අසන්නට ලැබුණු නමුත් ඒ උත්තමයන් වහන්සේගේ නම නිවැරදි නම නොවේ යැයි කරුණාවෙන් සදහන් කරනු කැමැත්තෙමු. මාධ්‍යායක් හරහා කරුණු ප්‍රකාශ කරද්දී මෙයට වඩා වගකීමකින් කලයුතුයි මෙත් සිතින් යුක්තව මතක් කරමි.

    එම වැඩසටහන මගින් ගෞරවනීය ස්වාමින් වහන්සේ “කෙනෙක් අරහත්වයට පත් වූ විට සාධුකාර දෙන්න “කියා කියන තැනක් චෝදනාත්මකව ඉදිරිපත් කොට ඇත.නමුත් එහි වරදක් දැකීම අපහසුයි. ඉතා නිවැරදි ලෙස රහත් භාවය ප්‍රකාශ කල හැක්කේ තථාගතයන් වහන්සේට පමණි. එබැවින් යම් උත්තමයෙකු තම අරහත් බව ප්‍රකාශ කල විට කල හැකි දෑ කිහිපයකි, එනම් නිහඩ ව සිටීම එය කල විට අනුව මෝදනය වන හිත හෙවත් පින මග හැරීම,දෙවනුව ඒ පුද්ගලයාට ගැරහීමෙන් ආනන්තරිය පාපකර්ම වලට පමණක් දෙවෙනි වෙන අරිය උපවාද මහා පාපය සිද්ධ සිදු වේ. කෙනෙක් රහත් කියුවොත්, එහි නිවැරදි බව බැලීමට තමන්ට ප්‍රඥාවක් නැති නම්, හෝ තමා සම මට්ටමේ වත් නැති නම් (තමන් ද යටත්පිරිසෙයින් රහත් බවට පත් වී නැති නම්) “සාදු” කීම පමණක් ඉතුරු වී ඇත. උන්වහන්සේ එසේ පවසන්නේ එබැවිනි. එහි වරදක් ඇති නම් පෙන්වා දෙන ලෙස තවදුරත් කරුණාවෙන් යුක්තව මතක් කරනු කැමැත්තෙමි.

    උන්වහන්සේ “තමන් වහන්සේ අරිහත්” යැයි ප්‍රකාශ කරන බවක් පවසා එයට ද චෝදනා එල්ල වුණා. නමුත් උන්වහන්සේ කිසි තැනක අරහත්වයක් ප්‍රකාශ කර නැත. උන්වහන්සේ “අරහත්වයක් කියන්න එපා කියලා බුද්ධ දේශනාවේ නෑ” දේශනා කළ අවස්ථාව පමණක් ගෙන, උන්වහන්සේ අරහත්වයක් ප්‍රකාශ කරන බව කිව නොහැකිය. උන්වහන්සේ එසේ ප්‍රකාශ කළා නම්, ඒ සම්බන්ධ හඬ පටයක් හෝ කිසිඳු සාධකයක් තිබේද? නැතහොත් උන්වහන්සේට චෝදනා කරන අය විසින් එසේ ප්‍රකාශ කිරීම සාධකයක් ලෙස ගැනීමට ප්‍රමාණවත් නොවන බව අපගේ කාරුණික හැගීමයි.

    උන්වහන්සේ ගිහි කාලේ දෙවාලෙක සීටි බව චෝදනාවක් ලෙස ඉදිරිපත් වුණා. උන්වහන්සේ පැවිදි වූ පසු දෙවොලක් සම්බන්ධව කටයුතු කළ බවට කවර ම හෝ සාධක තිබේද? ගිහි කල හෝ දේවාලේ කටයුතු කරන අතර කිසිවෙකුටවත් අයහපතක් කළ බවක් හොයාගත හැකි වී ඇත්ද? අප දන්නා තරමින් ගිහි කල එවැනි කටයුත්තක නිරත වීම කිසිදු දිනක පැවිදි වීමට බාධාවක් හෝ ශ්‍රී සද්දර්මය දේශනා කිරීමට මොනයම් හෝ බාධාවක් නොමැති වග ගරු ගුණ සිතින් මතක් කරමු.

    උන්වහන්සේ ගිහි කල එක්සත් රාජධානියේ සිටි බවත් චෝදනාවක් ලෙස ඉදිරිපත් වුණා. කෙනෙක් එන්ගලන්තේ සිටීම වරදක් ලෙස දැකීම යුක්ති සහගත නොවුණත්, උන්වහන්සේ ගිහිව සිටි කල, එන්ගලන්තයේ සිටිමීන් කුමක් කළේද යන්න සොයා බැලීමට ඔබට අපි ආරාධනා කරමු.
    උන්වහන්සේ ගුරුවරයෙක් ගැන සඳහන් නොකරන බවත් චෝදනාවක් ලෙසින් කියවුණා. එයත් ඉතාමත් ම වැරදි කරුණක් මෙන්ම, කරුණු නිවැරදිව සොයා බලා නොමැති ව කරුණු දැක්වීමක් ලෙස කාරුණිකව මතක් කර සිටිමි. ඔබලාට උන්වහන්සේ සමඟ යටත්පිරිසෙයින් වදන් දෙක-තුනක් වත් අනෙකුත් බැලුම්ගල වැඩසටහන් වලදී කරන පරිදි කථා කරන්නට පැමිණෙන මෙන්ද, උන්වහන්සේ ගේ ගුරු උතුමන් පිළිබඳ සියළු විස්තර දැනගන්නා ලෙස ආරාධනා කර සිටිමු.

    උනවහන්සේ සෘද්ධියෙන් වඩින බවක් කෙනෙකුට පවසා ඇති බව කෙනෙක් චෝදනාවක් ලෙස මෙහි පැවසේ. උන්වහන්සේ කියූ කරුණක් ලෙස මෙය දක්වන්නේ උන්වහන්සේ විවේචනය කරන පුද්ගලයෙක් ම නේද? උන්වහන්සේගේ දේශනා සියල්ලක් ම පටිගත කෙරෙනු ලැබේ. උන්වහන්සේ තනතුරු, ගරු-නම්බු, ප්‍රතිලාභ වෙනුවෙන් සෘද්ධියක් ගැන පවසයි නම් ඒ සියල්ලත් පටිගතව තිබිය යුතුයි නොවේද? එවන් කිසිඳු සාධකයක් සොයා ගත හැකි ද? ගිහි කල කවර මත දැරුවත්, එම අදහස් ඉවතලා පැවිදි විය හැකි බව මිනිත්තු කිහිපයකට පෙර පැහැදිලි කරන ඔබ දෙපළ ම ගිහි කළ උන්වහන්සේ කියූ බව, වෙනත් පුද්ගලයෙක් පවසන කථාවක් සාක්ෂි වලින් ද තොර ව චෝදනාවක් ලෙස ගැනීම සාධාරණද යන්න සැලකා බැලීම වටී.

    ගිණුමකට මුදල් බැර කරන කරුණක් සම්බන්ධයෙන් ද චෝදනාවක් එල්ල වී ඇත. එසේ ලේඛම් තුමා මුදල් ගිණුමට දැමීමට පවසන්නේ මුදලින් දායක වීමට ඔබලා තැනක් සොයමින් සිටින බව කී පසු නොවේද? සංවාදයේ මුල් කොටස විකාශනයෙන් ඉවත් කර තිබීම ගැටළුවකි. කෙසේ හෝ එම මුදල් දැමීම සදහා ලබා දුන් ගිණුම් අංකය හා නම පෞද්ගලික ගිණුමකද? එසේත් නැතිනම් සංගමයකට අයත් එකක් ද? පොදු ගිණුමක් නම් එය ලියාපදිංචි කර ඇත්තේ තියෙන්නේ කුමන නමකින්ද? අවසර සහිතව ද? මුදල් එකතු කලේ අයහපත් අරමුණක් වෙනුවෙන් බව කියා ද? නිවන් පිණිස වෙර වඩන්නවුන්ට ආරාමයක් ඉදිවන බවත්, ඒ වෙනුවෙන් ආධාරය යොදන බවත් කීමේ වරදක් තිබේද? ඉන් මඳකට පසු, උතුම් සඟ රුවනට උපකාර කිරීමට නෙත් එෆ් එම් නාලිකාව ම ආධාර එකතු කරන බවත් ඔබලා සඳහන් කරයි. ඉතින් මෙම වැඩපිළිවල ඉන් වෙනස් වෙන්නේ කෙසේද යන්න ගැටළුවක් පැන නගී.

    පානාතිපාථා වෙරමණි සිල්පදයෙන් ම පමණක් නිවන් දැකිය හැකි බව උන්වහන්සේ කී විට, එය නොකර අන් සියල්ල කලොත් නිවන් දැකිය හැකියි උන්වහන්සේ දේශනා කරන බව ඔබලා විසින් නිගමනය කර තිබුණා නේද? නමුත් උන්වහන්සේගේ දේශනාවෙන් එසේ ගම්‍ය නොවේ. සද්ධා, විරිය, සති, සමාධි, පඥ්ඥා යන පංච බල වැඩී ඇති අයුරු අනුව, බුදුන් වහන්සේ චරිත 5කට ශික්ෂා 5ක් පහසුවෙන් සමාදන් විය හැකි පරිදි දේශනා කර ඇති බව ත්‍රිපිටකයේ සොයා බලන්නකුට හොඳින් පැහැදිලිව ඇත. ඉන් ශ්‍රද්දාධිකයාට පහසුවෙන් සමාදන් වී හික්මිය හැක්කේ පානාතිපාතා ශික්ඛාපදයේ ය. ඉතිරි සියළු දුරාචාර දිගටම කළ යුතු බව ඉන් අදහස් නොකෙරේ. පන්සිල් රකින්නට උත්සාහ දැරුවත් එය කැඩෙන, විරියවන්ත ශ්‍රාවකයෙකුට පහසුවෙන් මඟ වඩන්නට ඇරඹීම සඳහා බුදු පියාණන් පෙන්වූ උපකාරය එයයි. නමුත් ප්‍රාන ගාතයින් වෙන් වීම ප්‍රඥා පෙරදැරිව බහුලව කළොත්, එය ම ඉතිරි සිල් පද ඉබේ ම රැකෙන්නට ඉතා පහසුවක් වෙයි. ශ්‍රද්ධාදික චරිතයාට නිවන් මඟ දෙසුවේ ඒ පරිද්දෙනි. විරියාධිකයාට අදින්නාදානයද, සති අධිකයාට අබ්‍රහ්මචරියාවද (අද මෙය කාමේසුමිච්ඡාචාරය ලෙස ගිහියන්ට ගැනේ), සමාධි අධිකයාට මුසාවාදයද, පඥ්ඥාධිකයාට සුරාමේරය ද පරිදි සිල් පද පහසුවෙන් මූලික කළ හැක. එකක් මූලික කළ විට ඉතීරි සියළු සිල් පද අත්හැරිය යුතු බවක් කිසි තැනක නොහැඟවෙයි, නොකියවෙයි. සියළු දෙනාට සිල් පද පහම එක වර රැකිය නොහැකි බව ඔබත් ප්‍රායෝගිකව ම දන්නා බව සිතමු. එබැවින් උන්වහන්සේ ගේ දෙශනාව ඔබලා විසින් වැරදි ආකාරයට අරුත් ගැන්වූ බව පෙනෙන්නට ඇත. එම දේශනය නැවත වරක් පූර්ණ වශයෙන් අසා බලන්නට ආරාධනා කරමු.

    මනුෂ්‍යත්වය නසා දැමිය යුතු බව උන්වහන්සේ දේශනා කරන්නේ, මනුෂ්‍යත්වය යනු මැන මැන උස්සා ගැනීම ලෙස ගැනෙන අවස්ථාව සැළකීමෙනි. එය සාමාන්‍ය භාෂා අරුතින් නොවේ, ශාසන අර්ථයෙන් කෙරෙන පැහැදිලි කිරීමකි. සාමාන්‍ය බස් වහර ශාසනාර්ථයෙන් ගැනෙන වදන් සමඟ පැටලී ඇති බවක් මේ චෝදනාවේ පෙනෙන්නට ඇත. එය නිවැරදි කරගැනීමට නම් නිරුක්ති සහ අධි වචන සම්බන්ධව ත්‍රිපිටකයේ ඇති කොටස් පරිශීලනය කරන මෙන් ඉල්ලා සිටිමු.

    මනුශ්‍ය – මැන මැන උස්සා ගැනීම ලෙස උන්වහන්සේ විසින් නිරුක්තියක් දේශනා කෙරේ. එය ව්‍යාකරණ විරෝධී බව පැවසුණි. නමුත් ත්‍රිපිටකයට අනුව නිරුක්ති කැඩීමේ දී භාෂා ව්‍යාකරණ ගත නොහැකියි ගත නොහැක. ඒ බුද්ධ න්‍යය ට අනුව ය. වත්මන් භාෂා ව්‍යාකරණ, සන්ධි, සමාස සෑදීමට බොහෝ කලකට පෙර බුදු දහම දේශනා කෙරී තිබේ. එහෙයින් භාෂා රීති වලින් දහම් අරුත් නගන්නට ගියහොත් අරුත් වැරදේ. පදයක දහම් අරුතක් සොයන විට නිරුක්ති පටිසම්භිදා ඥාණය ට අනුව පමණක් හරි දහම් අරුත ගත යුතුයි ගත යුතු බව ත්‍රිපිටකයේ ම සඳහන් වේ. මන්ද ව්‍යාකරණ සකස් වන්නේ දහම් දේශනා වලින් බොහෝ කාලයකට පසුව බැවිනි. බුදුන් වහන්සේ නිරුක්ති පද වල අර්ථ ගැනීමට ක්‍රමයක් ත්‍රිපිටකයේ දේශනා කර ඇත. ඊට අනුව උන්වහන්සේ දේශනා කරන්නේ අතීත, අනාගත, වර්තමාන තුන් කල් නිරුක්තිය පමණි. තුන් කලට අමතරව කෙරෙන පද විග්‍රහයක් කෙනෙක් කියයි නම් ඒ තමාගේ නිරුක්ති පටිසම්භිදා ඥාණය වැඩී ඇති තරමට විය හැකිය. එය ධර්මයට ගැලපේද යන්න සොයා බලා ගත යුත්තකි, මන්ද, බුද්ධ දේශනාවට අනුව ම එක ම පදයකට ඥාණයන්ට අනුව ගත හැකි නිරුක්තී පද බොහෝ තිබිය හැක. එබැවින් මේ අර්ථ දැක්වීම වැරදි ම යැයි කිව නොහැක – සොයා බැලීමට ආරාධනා කරමු (සංයුක්ත නිකාය – නිරුක්ති පථ සූත්‍රය, මජිම නිකාය – ආණි සූත්‍රය, ඛුද්දක නිකාය – නෙත්ති ප්‍රකරණය – චතුබ්‍යුභාර විභංගය – නිරුක්ති ඥාණය, ඛුද්දක නිකාය – චුල්ල නිද්දේස පාලි – පරායන සූත්‍ර නිද්දේසය, විනය පිටකය – චුල්ල වග්ග පාලිය (101 පිට), ඛුද්දක නිකාය – මහා නිද්දේස පාලිය – ගුහට්ඨකසූත්‍රනිද්දේශය – 33පිට (සත්ත්වයා යන්නට නිරුක්තිය ව්‍යාකරණ වලට අනුකූල නොවන සැටි බලන්න), -එම- අත්තදණ්ඩසූත්‍රනිද්දේසය – සංඝ යන්නට නිරුක්තිය ව්‍යාකරණ අර්ථයට නොගැලපෙන සැටි බලන්න.) මැන මැන උස්සාගැනීම යනු මානය සම්බන්ධ ගැඹුරු දහම් අරුතකින් කියවුණු පද පෙළකි. එහි අරුත් ඔබ උන්වහන්සේ හමු වන්නේ නම් අමතක නොකර පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටින්න.

    මුළු වැඩසටහන පුරා අප හට ප්‍රේක්ෂකයන් ලෙස අසන්නට ලැබුණේ මේ ආරාමයට විරුද්ධ මත පමණි. නමුත් මෙහි බොහෝ දෙනෙක් මේ ආරාමයට කැමති බව කියැවුණි. ඒ කිසිවකුගේ අදහස් අහන්න නොලැබුණත්, දෙපාර්ශවය ම සිටියේ නම් වඩා සමබර නොවන්නේද? ආරාමය සෑදීමට කැමති වෙන අය එසේ වෙන්නේ කවර පදනමකින් ද? නීතිමය වශයෙන් කිසිඳු නීති විරෝධී බවක් නැති බවත් කියැවුණා නොවේද? නීත්‍යානුකූලව සියළු අවසර ලැබී ඇත්තේ කෙසේද? තවත් බොහෝ සාමාන්‍ය අය පිරිසක් මේ වෙනුවෙන් කැමති වී ඇත්තේ කවර පදනම මත ද? ඒ ගැන සොයා බැලීමට ආරාධනා කරමු.

    ප්‍රශ්න කිරීම වරදක් නොවන බව ඔබගේ වැඩසටහනේ ම සඳහන් වුණා. එබැවින් මෙම ප්‍රශ්න සාධාරණ ලෙස අපි විශ්වාස කරමු. බුදු සසුණට හානියක් නම් අපි සැම ඊට එරෙහි විය යුතු ය. නමුත් බුදු සසුණට සෙතක් වෙන්නට යන ආරාමයක් නම්, එයට අකුල් හෙලීම ම බුදු දහමට කෙරෙන විනාශයකි.

    මෙනිසා කරුණු නිසි පරිදි විමසා බලා නිවැරදි සහ සමබර වාර්තාමය වැඩසටහනක් පවත්වූයේනම් හෝ පවත්වන්නට අදහස් කරන්නේ නම් එය සම්බුද්ද ශාසනයේත් බොහෝ දෙනාගේ හිත සුව පිණිසත් පවතිනු ඇති බවට අපි කරුණාවෙන් සිහිපත් කරනු කැමැත්තෙමු.

    නිබ්බාන පරම සුවයෙන් සුකිත තර වෙත්වා!

    2017-10-17

    මේක ෆේස්බුක් එකෙන් අරගත්තු රිවීව් එකක්,

    බොහොම ආසාවෙන් අහපු වැඩසටහනක්, මහා නින්දිත විදිහට හඬපට සංස්කරණය කරමින් පල කරලා ශ්‍රේෂ්ඨ සංවිධානයකට ගරහලා තියෙනවා, පුද්ගලික වෛරයක් නිසා මේ සංවිධානයයි ස්වාමීන් වහන්සේලාවයි නැති කරලා දානවා කියලා ශපත කරපු පුද්ගලයෙක් ප්‍රමුඛ පිරිසක් තමයි බැලුම්ගලට වැරදි තොරතුරු දීලා රවටලා තියෙන්නේ. බැලූ බැල්මටම සමාජේ වෙන්නේත් මේවගේ දේවල් නිසා දෙපාරක් නොහිත බැලුම්ගල ධර්මයයි ඔබයි සංවිධානයට ගහන්න කටයුතු කළා. නමුත් සංවිධානයට වැදුනා කියලා මම නම් හිතන්නේ නැහැ. බලන්න අපේ මිනිස්සු කොච්චර හික්මිලාද කියලා. එක කෙනෙක් කුණුහරුපයක් කියලා තියෙනවාද ? මොකද මෙතන දේශනා කරන ධර්මය අහන්නේ ප්‍රබුද්ධ පිරිසක් නිසා.

    මට දැනගන්න ලැබුනු විදිහට ඔය මහත්තුරු අපේ සීඩිපට බෙදාහරින මහත්මයාටත් අමතලා ඩොනේට් කරන්න විදිහක් අහලා තිබෙනවා, ඒ මහත්තයා කියලා තියෙනවා ඩොනේට් කරන්න කලින් ධර්මය අහලා පැහැදිලා ඉන්න කියලා, ඕගොල්ලා ඒ කෝල් එක දැම්මේ නැහැ, ආයේ හැමෝටම කෝල් ගගහා ඩොනේට් කරන්න ක්‍රමයක් අහලා, එක මනුස්සයෙක් අහපු දේට උත්තර දුන්නාම, ඒකේ කෑල්ලක් කපලා දැම්මා ප්‍රෝග්‍රෑම් එකේ හරියට කතා කරන මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලනවා වගේ.

    උන්වහන්සේ සිල්පද 17ක් දක්වා සමාදන් කරනවා කියලා, ක්ලිප් එකක් දැම්මා හරියට රහසේ පටිගත කරගත්තා වගේ. ඒක අරන් තියෙන්නෙත් යූටියුබ් තිබෙන දේශනාවකින්. ඒවායේ පැහැදිලි කිරීම කොතනකවත් දාලා නෑ. මේ හාමුදුරුවො අටුවා, ටීකා,ටිප්පනි භාවිතයෙන් සාරිපුත්තයන් වහන්සේගේ විවරණ තමයි ගොඩක්ම ගන්නේ, නොදැනුවත් කම නිසා ඔබලා ප්‍රහාර එල්ල කළාට.

    ඒ විතරක් ද? මේ ගැන අදහස් විමසන්නේ උතුම් පිණ්ඩපාතය දණ්ඩපාතයක් කිරීමට කටයුතුකළ ගරු මැදගොඩ අභයතිස්ස වගේ ස්වාමීන් වහන්සේලාගෙන්. ඒ වගේම රහතන් වහන්සේලා රහත් බව කියනවාද කියන ඕඩියෝ පටයත් ෆේස්බුක් එකෙන්ම අරගෙන ඒකේ කොටස් කපලා සංස්කරණය කරලා වැඩසටහනේ පල කළා. ඒ සම්පූර්ණ දෙසුමේ කියන අර්ථය නැතිව අවුට් ඔෆ් කන්ටෙක්ස්ට් අරගෙන. අවසානයේ ඒ ක්ලිප් එකේ කියන දේම ස්වාමීන් වහන්සේ නමකගෙන් අහලා දැම්මා.

    අපේ ස්වාමීන් වහන්සේ තමන් රහත් වෙලා කියලා කවදාවත් කියලා නැහැ. ඔබලා පට්ට පල් බොරු පල කළා රහත් වෙලා උඩින් වඩිනවා කිව්වයි කියලා, සාපරාධී චරිත ඝාතනයට ඔබලාට නඩු දැමිය යුතුයි හරි නම්, සංවිධානයක සන්නාමයට හානි කිරීමට නඩු දැමිය යුතුයි. එවිට අධිකරණයට ඇමතුම් ගත් ෆෝන්වල ඩීටේලින් බිල්වල තියෙන කෝල් ඩියුරේෂන් එකට ගැලපෙන පරිදි සම්පූර්ණ හඬ පට ලබා දෙන්න වෙනවා. එවිට කෙලෙසීමේ අරමුණින් අදහස් විකෘති වන ලෙස සංස්කරණය කළ බව පිළිගන්නත් වෙනවා.

    ඔබලා කරගත් ආර්ය අපවාදය නිසා තව බුදු සසුන් බර ගණනකටවත් මාර්ගය වැසෙන බව නම් නිසැකයි.
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ධර්මයයි ඔබයි වනවසනවා කියලා ශපථ කරපු හාමුදුරුකෙනෙක් දීපු වැරදි තොරතුරුවලට රැවටිලයි ඕගොල්ලෝ ඔය වැඩසටහන කළේ.
     
    Status
    Not open for further replies.