Kellange Boru Adare..

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63

    මේක රී පෝස්ට් නම් සමාවෙන්ඩ ඕනෙ...
    උපුටාගැනිමකි...
    ❇ අවාසනාවට ඇත්ත කතාවක් ෴
    විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙක්.. ආදරේ කලේ සැලෝන් එකක කෙල්ලෙක්ට..කැම්පස් එක ජපුර කෙල්ලගෙ සැලෝන් එක තිබ්බේ විජේරාමේ.. කොල්ලගේ අම්මා නෑ තාත්තා විතරයි ඌට අයිතියක් කියන්න හිටියේ.. ඉතිං අවුරුද්ද ක කාලයක් යාලුවෙවී තරහ වෙවී මේ ආදර ගගුල විජේරාම හන්දියෙන් පහලට ගලලා ගියා... කෙල්ල ලස්ස්නයි.. කොල්ලත් එහෙමයි.. ඒත් එක අඩුවක් තිබ්බා.. කොල්ලගේ එක කකුලක් ඇදයි... ඇදයි කියන්නේ කොරයක් නෙමේ..කකුල තුවාලවෙලා හදිසි අනතුරකින්...
    පස්සේ ආදරේ ටිකෙන් ටික ගෙවිලා යත්දි කාලයත් එක්කම කෙල්ල ගොඩාක් ලස්ස්න වෙනවා. ඒත් එක්කම අර වටින බඩුවට ඉල්ලුම වැඩීනේ..ඒවගේ අර කෙල්ල ගෙ පස්සෙන් දෙනෝ දාහක් එනවා.. ඒත් අර කොල්ලා හැමදාම කැම්පස් එකේ 30 බත් එක ඔතන් ඇවිත් කෙල්ල එක්ක කනවා.
    මිනිස්සුන්ගේ ජීවිත හරිම වෙනස් වෙනවා ඉක්මනටම... කෙල්ල හැමදාම ගෙදර යන්නේ එකම බස් එකක.. කොල්ලා කෙල්ලව බස් එකට ඇරලවලා බස් එක යන කොටත් චුට්ට දුරක් කෙල්ල දිහා බලාගෙන යනවා...ඒ ආදරේ හරිම ලස්ස්නයි... ඒත් ටික කලක් යන කොට සල්ලි නැති බයික් එකක් නැති පෙනුමක් නැති මේ කොල්ලව ඒ කෙල්ලගෙ හිතෙන් ඩිංග ඩිංග ඈත් වෙලා ගිහින් කෙල්ල අලුත් ආදරේකට මුල පුරණවා.. හිතන්න කොල්ලා හැමදාම කෙල්ලගෙ ශොප් එක ලග වරු ගනන් අවුවේ හිටගෙන ඉන්නවා.. ඒත් කෙල්ල නෑ... කෙල්ල ට්‍රාන්සර් වෙලා..
    අවසානේ මේ කොල්ලා කෙල්ලව තමන්ගේ ආදරේ හැම තැනම හොයනවා...පාරක් පාරක් ගානේ..පිස්සෙක් වගේ... ඒත් කෙල්ල මේ ඔක්කොම බලාගෙනත් කොල්ලගෙන් හැංගෙනවා... හොදට ඉගෙනගත්ත කොල්ලෙක්... පස්සෙ මූට නොදැනිම මානසික ආතතියකට පත් වෙනවා... ඔහේ ඔලුව හැරුන අතේ ගීන් ... මූ ගැන හොයන්නවත් එකෙක් නෑ... මොකද තාත්තත් දෙවනි කසාදේ ලමයෙක් ඉන්නවා...
    බැජ් එකේ කොල්ලො මූව අල්ලන් ගීන් අංගොඩ ඉස්පිරිතාලේ ඇඩ්මිට් කලත් මාසෙකට පස්සෙ ආයේ පැනලා ඇවිත් ... පාරට වෙලා ලැබෙන දෙයක් කාලා කොන්ඩෙ රැවුල් වවාගෙන.. ඉරිච්ච කලිසම් කෑල්ලකුයි බාටා කෑල්ලකුයි දාන්.. බැජ් එකේ උන් ඉන්නකොට නම් කෑම වේලක් ගෙනත් දුන්නත් දැන් ඒ බැජ් එක අවුට්.. කැම්පස් ටී ශර්ට් එකක් දැක්කම මේ අසර්ණයා හැංගෙනවලු කානු අස්සෙ...
    ඔයාලට මේ කොල්ලා දකින්න ආසනම් නුගේගොඩ පාලම යට ඉන්නවා බලාගෙන අර කෙල්ල ගිය බස් එක එනකම්.. හැබැයි ඒ බස් එක rts එක දැන් ඒ පාරේ යන්නෙ නෑ.. ඒකෙල්ල බස් එකේ යන්නෙත් නෑ ඒත් කොල්ලා හැමදාම උදේ 7.30 ටයි හවස 5.30 ටයි විජේරාම හන්දියේ බලාගෙන ඉන්නවා... අතේ මොකක්දෝ ගුලිකරන්... ඒ අර කෙල්ල දීපු තෑග්ගක්..
    ඉතින් එක දවසක මේ කොල්ලගෙන් අපේ උන් ඇහුවා සහෝදරයා මොකක්ද ඔය අතේ කියලා.. ඒක ඔරලෝසුවක් .. ඒක තියන් ඉන්නේ තමන්ගෙ පෙනුම දැන් වෙනස් නිසා ඒ කෙල්ලට හම්බුනාම මේ එයාගේ පෙම්වතා කියලා ඔප්පු කරන්නලු.. ඒත් ඒ වයින් ඔරලෝසුවේ වෙලාව 2.30 න් නැවතිලා.. දිනෙත් අවුරුද්දත් 2012න් නැවතිලා.. ඉතින් ජීවිතය කොයිතරම් වෙනස්ද එකිනෙකාට...
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    7660_775475895918881_253711800500124526_n.jpg
     
    • Like
    Reactions: Shadow.Walker

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    u itin saloon eke kellekta love karala illan kalane.kamra kiyanne oka tamai ban okomma tamanage action hinda tamai wenne.uge karma tamai saloon eke kellata love kirima.onawata wada alenna giyama oka tama wenne.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔය ආදරේ කියන එක කොහොමත් සදාකාලික එකක් නෙමෙයි... ඔය හැමදේටම බලපාන්නේ අපේ මොලේ තියන කෙමිකල්නේ... ආදරයට බලපාන කෙමිකල් එක කාලයක් යද්දී වෙනස් වෙන්න පුළුවන්..... :dull: ආදරය කියන්නේ බවුතික ලෝකෙන් එහා තියන තියන අමුතු දෙයක් කියල හිතගෙන්න ඉන්න එක තමයි මෝඩ කම...


     
    • Like
    Reactions: sika2