1. සීනක්කාරම් ගෙන හොඳින් කුඩු කරන්න. එය ඇල් වතුරට දමා දෙහි බින්දු හා මී
පැණි බින්දු කිහිපයක්ද එක්කර මෙම මිශ්‍රණය සාදා ගන්න. මෙම මිශ්‍රණය ඛෙල්ල,
කිහිල්ල හා ඉකිළි වැනි ස්ථානවල ආලේප කිරීමට හැකිය. ඔබට අවශ්‍ය නම් මී පැණි
හැර අනෙක් ද්‍රව්‍ය දමා සාදාගත් ආලේපනය එම ස්ථානවල උදේ ගල්වා සවස් යාමයේ
වුවද ඉවත් කර ගත හැකිය. නැත්නම් මී පැණිත් සමඟ සාදාගත් මිශ්‍රණය ආලේප කර
විනාඩි 20ක් 30ක් පමණ කාලයක් තබා සෝදා ඉවත් කරන්න.
2. කස්තුරි කහ, වැල්මී, මී පැණි, කලාඳුරු අල ආදිය ස්වල්ප වශයෙන් ගෙන එයට දෙහි
බින්දු කිහිපයක් එක් කර ගනිමින් සාදාගත් ආලේපනය විනාඩි 20ක් පමණ තබා සෝදා
ඉවත් කරන්න. මෙම සත්කාරය මාසයක් පමණ සිදු කිරීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල
අත්කර ගැනීමට හැකිය.
Last edited: