Khan Academy Offline පාවිච්චි කරන්න

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Khan Academy Offline පාවිච්චි කරන්න

    ලංකාවේ අපි හැමෝටම හොද Internet Connection නෑනේ.:(:( ඉතින් මේ Khan Academy වගේ Online සයිට් එකක් පාවිච්චි කරන්න හැමෝටම බෑ. දැන් බලනවා ඇති උඹලා මොකද්ද යකෝ Khan Academy කියලා. මේක කරන්නේ සල්මන් ඛාන් :shocked: කියලා පොරක් (නෑ නෑ මචං ඌ නෙමේ මේ වෙන එකෙක් :P) Khan Academy කියන්නේ Educational Web Site එකක්. මේකේ තියෙන Maths Syllabus එක එහෙම අපේ Syllabus එකත් එක්ක ලගින් යන එකක්. IITJEE(Indian Institute Of Technology Junior Entrance Exam) ඉන්දියන් Exam එකක් වුනාට සුපිරි ගනන් තියෙනවා. මොනවා නැතත් මුන්ගේ Syllabus එක අපිට වැඩිය ඉස්සරහින් තියෙන්නේ. සමහර ගනන් Out of Syllabus වෙන්න පුලුවන්. ගොඩ යන්න උවමනාවක් තියෙන එවුන් සදහා තමයි මචං මං මේක දැම්මේ. පේනවනේ ලංකාවට වීගෙන යන දේ. දේශපාලනය කරන එවුන් එහෙම. ඒක හින්දා ඉක්මණට ඉගෙන ගෙන හොද තැනකට ඇවිත් අම්මල තාත්තලාටත් උදව් කරගෙන හිටපල්ලා.



    (Bio ගැන නම් දන්නේ විස්තර දන්නේ නෑ. දන්න එකෙක් ඉන්නව නම් කියහං.)

    හරි දැන් මෝඩයා වගේ කියෙව්වා මං සීන් එක කිව්වේ නෑනේ
    මෙන්න මේකයි කතන්දරේ. අපිට Khan Acdemy එක Online පාවිච්චි කරන්න බැරිනම් ඒකට විසදුමක් තියෙනවා. ඒ Site එකේ Offline version එකක් තියෙනවා KA-stick කියලා. අපිට ඒක Flash Drive එකකට හරි නැත්නම් PC එකට හරි අව්ලක් නෑ දාගෙන Internet Connection එකක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.


    01. මෙතැනින් Download කරගන්න ZIP File එක

    ftp://ftp.mujica.org/ka-stick/KAOS_WAMP_16_20131202.zip

    Username, Passwords අහයි.

    Username:- [email protected]
    Password:- anonymous


    02. ඊට පස්සේ ලේසියි. ඩවුන්ලෝඩ් කරා. Unzip කරා.

    03. Unzip කරපු Folder එකේ තියෙනවා KA-START.exe application එකක්. ඒක දාලා Start Server කියන එක Click කරන්න.

    ka-stick_directory.png


    ka-stick_mowes_window.png


    04. ඊට පස්සේ Browser එක Open කරලා එකේ http://localhost/ කියන එක Type කරලා Offline Site එක අපිට ගන්න පුලුවන්.

    අව්ලක් ආවොත් Reply එකක් දාන්න. වැඩි විස්තර http://khan.mujica.org/howto.html
    :):):)

    අන්තිම සීන් එක. දැවෙන ප්‍රශ්නය. අපිට කඩ්ඩ බෑනේ. :shocked::shocked: සිම්පල් කේස් එකක් මචංලා Maths නේ. එහෙම ලොකු ඉංග්‍රීසි දැනුමක් ඕනේ නෑ. මේ මමත් තේරුම් ගන්නේ බං ඕකෙන්.:P:P අනිත් එක කඩ්ඩත් Improve වෙලා එයි නේ. :):):):)

    අන්තිමේටම කියන්න ඕනේ Copy කරලා ඕනේ මගුලක දාගනිල්ලා. ගත්තේ Elakiri.com යෙන් කියලා දාපල්ලා. එහෙනම් එළ ජයවේවා!!!
     
    • Like
    Reactions: cala94