KIA Sonet order කරපු අයට company එකෙන් පොල්ල තියලද?

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    KIA Sonet order කරපු 300කට විතර සල්ලි අරං වාහන order එක දාල නැති කතාවක් යනවා නේද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    Cars Driving GIF by Namaste Car
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    https://sinhala.srilankamirror.com/news/කාර්-ඉල්ලන්න-ගිය-පාරිභෝග/

    මෝටර් රථ ගෙන්වා දෙන බව කියමින් පාරිභෝගිකයන් 250 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් මුදල් ලබාගත් බව කියන Kia Sri Lanka ආයතනයෙන් අදාළ වාහන ඉල්ලා ගැනීමට ගිය පාරිභෝගිකයන් පිරිසක් එම ආයතනයේ සේවකයන් විසින් පොලිසියට අල්ලාදීමට අද (13) උත්සාහ කිරීමේ සිද්ධියක් මාලඹේ පොලිසියෙන් වාර්තා වේ.

    දකුණු කොරියාවේ නිෂ්පාදිත කියා (Kia) මෝටර් රථ මෙරටට ගෙන්වා අලෙවිකරනු ලබන එම (Kia Sri Lanka) ආයතනය විසින් “2025 Kia Sonet GT Line” මෝටර් රථ ගෙන්වා දෙන බව කියමින් පාරිභෝගිකයන් 250 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන ඇත.

    පසුව සිය මවු සමාගම විසින් අගෝස්තු මාසයෙන් පසුව එම මෝටර් රථ ශ්‍රී ලංකා වෙළඳ පොළට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව එම සමාගම පැවැසීම නිසා එයට විසඳුමක් ලබා ගැනීමට ගිය පාරිභෝගිකයන් පිරිසක් මේ අමිහිරි අත්දැකීමට මුහුණ දී තිබේ.

    අදාළ සමාගම විසින් මීට පෙර අද (13) දිනයේ සිය කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතා හමුවී විසඳුමක් සාකච්ඡාකර ලබාගන්නා ලෙස දන්වා පසුව අදාළ ආයතනයට පාරිභෝගිකයින් පැමිණි පසුව එහි සිටි සේවකයකු විසින් 119 අංකයට ඇමතුමක්දී පොලිස් හදිසි අංශය අමතා Kia Sri Lanka ආයතනයට පැමිණ පිරිසක් කළබල කරන බව දන්වා තිබේ.


    පසුව පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය විමර්ශනය කර තත්ත්වය අවබෝධකර ගැනීමෙන් පසුව මුදල් දී කාර් නොලැබුණු පාරිභෝගිකයන්ට කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා හමුව විසඳුමක් සාකච්ඡා කරගන්නට දිනයක් ලබාදෙන ලෙස කාර්යමණ්ඩලයට දන්වා තිබේ.

    පාරිභෝගිකයන් 35 දෙනෙකු පමණ මෙසේ Kia Sri Lanka ආයතනයට පැමිණ සිටි බවද වාර්තා වේ.

    කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් විස්තර දැන ගැනීමට එහි කළමනාකාර අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතාව අප ශ්‍රී ලංකා මිරර් ද ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද ඔහු දුරකථනයට පිළිතුරු ලබා දුන්නේ නැත.


    පසුව අප ඔහුට වට්ස්ඇප් ඔස්සේ පණිවුඩයක් ද යොමු කළ අතර මෙතෙක් ඒ සඳහා ද පිළිතුරු නොලැබිණි.

    මෝටර් රථ ලබාදෙන බවට පොරොන්දු වී එම ආයතනය ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 125කට ආසන්න බව පැවසේ.

    මෙසේ වාහන ඇනවුම් කළ ඇතැම් පාරිභෝගිකයන් සිය අත්තිකාරම් මුදල් ගෙවා ඇත්තේ සිය සන්තකයට තිබූ එකම මෝටර් රථය විකුණා බවත් වාර්තා වේ.