King Ashoka kiyana taram hoda kenekda ?

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මුලින්ම කියන්න ඕනෙ මේක ටිකක් සංවේදී මාතෘකාවක් !

    අපි හැමෝම දන්නවා ධර්මාශෝක රජ්ජුරුවො නොහිටින්න අද අපිට බුද්ධාගමේ කෑලිවත් හොයාගන්න වෙන්නෙ නෑ. ඒකෙ ආයෙ කිසි විවාදයක් නෑ නේද ?

    ඉතිහාසය උගන්නන විදිහට ජීවිතේ වැඩි කාලයක් යුද්ධ කරල හෙම්බත් වෙලා හිටපු අශෝක රජ්ජුරුවන් බුද්ධාගම ගැන පැහැදිලා බෞද්ධයෙක් උනා කියලා නෙ ?

    නමුත් ඇත්තටම ඒක එහෙමද ? ඕකට වෙන විස්තර කිරීමක් ඇත්තෙම නැද්ද ?

    මේ තියෙන්නෙ ඒකට දෙන්න පුළුවන් වෙන විස්තර කිරීමක්.........හැබැයි ටිකක් හිත රිදෙන්න පුළුවන්.............!

    අශෝක කියන්නෙ ජීවිත කාලෙම යුද්ධ නිසා මිනිස්සු මැරෙන හැටි දැකපු රජ කෙනෙක්. අවසාන කාලිංග දේශෙ සටනෙදි යුද්ධෙ දින්නත්, හිතාගන්න බැරි තරම් විනාශයක් අශෝක රජ්තුමාගෙ සේනාවට උනා.
    ඒ විතරක් නෙවෙයි තමන් අල්ලගත්තු දේශ වලත් දේශපාලනික කැරලි එන්න පුළුවන් කියල එතුමාට තේරුනා.
    යුද්ධ කරනව කියන්නෙ මිනිස්සු විතරක් නෙවෙයි ගොඩාක් දේපල හානි වෙන වැඩක්. ඒක ගොඩාක් පාඩුයි. මීට වඩා ලේසියෙන් රටවල් තමන්ට අවනත කරගන්න විදිහක් අශෝක රජතුමා හිතුවා. අශෝක කියන්නෙ බොහොම කපටි බුද්ධිමත් වගේම දුර දක්නා නුවණ තිබුණු අති දක්ශ රජ කෙනෙක්.

    අන්න එතනට තමයි එතුමා බුදුදහමට නැඹුරුවෙන එක සම්බන්ධ වෙන්නෙ !!!
    (කුණුහරුපෙන් බනින්න කලින් අඩුම තරමෙ මේ ලිපිය කියවයි කියල මං හිතනවා)

    මේ අතරෙ ඉතාම තැන්පත් ගති පැවතුම් තියෙන සාමණෙර නමක් අශෝක රජතුමන්ට හමුවුනා. දහම් ඇසුවා. බුද්ධාගම ගැනත් පැහැදුනා වෙන්න පුළුවන්.

    පැහැදුනෙ නැති උනත්, බුදුදහම පැතරවීමෙන් වෙන්න පුළුවන් වාසියත් මේ බුද්ධිමත් රජතුමා කල් තියා දැක්කා !

    ඉන්දියාව කියන්නෙ අදටත් ඉතා විශාල ආගම් ප්‍රමාණයක් ජාතීන් එහෙම ඉන්න රටක්. ඉතිං එහෙම විවිධත්වයක් තියෙන රටක් තනි රජෙක්ට කරගෙන යන එක හරිම අමාරු වැඩක්.
    නමුත් බුද්ධාගම මූලික වෙච්ච රටක අනික් හැම ජාතියකටම ආගමකටම ඉතාම සාමයෙන් එකට ඉන්න පුළුවන් කියන දේ අශෝක රජතුමා තේරුම් ගත්තා !
    තමන්ගෙ රට විතරක් නෙවෙයි අනික් රටවල් පවා බෞද්ධ උනොත් කිසිම ආක්‍රමණයකිත් තොරව ඉතාම සාමයෙන් එකට
    ට ගණුදෙනු කරන්න පුළුවන් කියන දේ රජතුමා දැක්කා.

    මේ වැඩේ සේනාවල් හදාගෙන යුද්ධ කරල රටවල් යටත් කරගන්න එකට වඩා හොඩාක් වාසියි. ලේසියි. කිසිම දේපල හෝ මනුශ්‍ය හානි නෑ.

    ඔන්න ඔය හේතුව නිසා එතුමා බුදුදහමට හැරුනා. බුද්ධාගමට හැරෙනව කියන්නෙ ඉස්ලාම් වෙනව වගේ අනික් ආගම් වල මිනිස්සුන්ගෙන් බදු අය කරගන්න එක වත් බෙලි කපන එක වත් නෙවෙයි. අශෝක රජතුමා බෞද්ධාගමේ තියෙන අපිරිමිත ආගමික ඉවසීම පාවිච්චියට අරන් හැමෝටම සාමයෙන් ඉන්න පුළුවන් රටක් හැදුවා. ඒ විතරක් නෙවෙයි තවත් රටවල් අතරෙ හොඳ මිත්‍රත්වයක් හදාගත්තා.

    ඉතිහාසය කියන විදිහට ලංකාවේ බුදුදහම පැතිරෙව්වෙ මිහිඳූ හාමුදුරුවො. නමුත් ඊට කලින් බෞද්ධයො ලංකාවෙ හිටියෙ නැද්ද ? ඇයි බුදුහාමුදුරුවො 3 වරක්ම වැඩියනෙ ?

    බුදුහාමුදුරුවො ලංකාවට වැඩියෙ නිකම් වලි බේරන්න විතරක් ද ?. අපි දන්නවා යකුන් දමනය කළ කතාව.
    නමුත් ලංකාවෙ හිටියා යක්ක කියලා මිනිස්සු කොටසක්. ඒගොල්ලො ගොඩාක් බුද්ධිමත්. දඬූමොනර , සීගිරිය වගේ ඉතාම ඉංජිනේරු තාක්ශනයෙන් පිරිපුන් නිර්මාණ කරපු මිනිස්සු ටිකක්.
    එහෙම දක්ශ මිනිස්සු කොටසකටයි බුදුහාමුදුරුවො දහම් දෙසුවෙ. නැතුව ඔය කියනව වගේ නිකං සත්තු ගොඩකට නොවෙන්න පුළුවන්.

    ඉතිං ඒ අතරෙන් කිසිම කෙනෙක් රහත් උනේ නැද්ද ? බෞද්ධ උනේ නැද්ද ?

    අන්න එහෙම තියෙද්දි මිහිඳූ හාමුදුරුවො තමයි ලංකාවට බුදුදහම ගෙනාවෙ කියන කතාව කොච්චර ඇත්තක් ද ?

    මට හිතෙන විදිහට
    අශෝක රජතුමන්ට ඕන උනා තමන් මූලික වෙලා ලංකාවෙ බුදුදහම ආපහු පතුරුවන්න. එතකොට තමයි ලංකාවත් එක්කත් හොඳ සබඳතාවක් තියාගන්න පුළුවන්. ඒ වගේම ලංකාව කියන්නෙ ප්‍රබල රටක්. ඒක නම්මගන්න එක ඉතාම වැදගත්. ඒ නිසා ඒකට එව්වෙ තමගෙ ලඟම ඥාතියෙක්

    තමන්ගෙම පුතා !

    අශෝක රජතුමා පස්සෙ ධර්මාශෝක උනත් ඒ වෙද්දිත් මිනිස්සු එයාට බයයි. ඉන්දියාවම අල්ලගත්තු කෙනෙක් විදිහට සෙල්ලම් රජකෙනෙක් නෙවෙයි එයා. එහෙම කෙනෙක්ගෙ පුතෙක් ඇවිත් දෙයක් කියන්නෙ ඒක ලේසියෙන් ප්‍රතික්ශේප කරන්න බෑ. ඒ බව දැනගෙන ධර්මාශෝක රජතුමා තමගෙම පුතාව එව්වෙ !

    ඉතිං ඉතිහාසෙ කියන දේ ඕනෙ විදිහට විස්තර කරන්න පුළුවන් බව විවෘතව හිතන කෙනෙක්ට දැන් තේරෙනව ඇති. මුලු ලෝකෙම තමන්ගෙ පාමුල තිබිච්ච රජ කෙනෙක්ට ලෝකෙ තියෙන දුක්ඛ සොබාවය තේරුනාද ? එහෙම නැත්නම් වාසි බලාගෙන බුදුදහම පැතිරෙව්වද ? කියන දේ තීරණය කරන එක ඕගොල්ලන්ටම බාරයි.

    ඒ කාලෙ හැමෝටම අකුරු ලියන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. ඉතිහාසය ගැන ලියපු මිනිස්සු වැඩ කළෙත් රජතුමා යටතෙ. අනිත් වචන වලින් කිව්වොත්
    ඉතිහාසය ලියවුණෙ රජතුමාට ඕනෙ විදිහට :yes:

    අදින් වසර 1000 කට පස්සෙ ITN, Rupavahini නිව්ස් දකින මිනිස්සු හිතයි මහින්ද කියන්නෙ අශෝකටත් වඩා ශ්‍රෙශ්ඨ රජ කෙනෙක් කියලා :D

    ඒකෙන්ම තේරෙනවානෙ ඉතිහාසය බලල රජ කෙනෙක්ගෙ ශ්‍රේෂ්ඨත්වය මනින්න අමාරුයි කියල

    එදා අශෝක රජතුමාගෙ හිතේ වැඩ කළෙ මොන සිතුවිලිද කියන එක අපි කාටවත් 100% කියන්න බෑ. මේක නිකංම නිකං පැහැදිලි කිරීමක් විතරයි. මේකට විර්ද්ධව යන ඓතිහාසික සාක්කි ඕනෙ තරම් තියෙන්න පුළුවන්. එහෙම තියෙන ඒව අපිත් එක්ක බෙදාගන්නවනං ඊට වඩා වටින දෙයක් නෑ මටනං :yes:

    අනිත් වැදගත් දේ තමයි බුද්ධාගම ව්‍යාප්ත උනේ කපටි රජකෙනෙක් ගෙ උවමනාවට උනත් නැතත් ඒකෙන් බුද්ධාගමේ තියෙන ගුණය අඩු වෙන්නෙ නෑ. ඉතිහාසයේ ආගමේ නාමයෙන් ලේ හෙලවුනේ නැති එකම එක ඉගැන්වීම බුද්ධාගම. ඒකෙ වාදයක් නෑ.

    තව සමහරු අහයි, අශෝක හිතන තරම් හොඳ නැතුව ඇති ඉතිං මොකෝ කියලා. ඒක ඉතිං සුද්දා අපේ රට අල්ලගත්තා ඉතිං අපිට මොකෝ ? කියල කියනව වගේ වැඩක් තමයි.

    PS:-
    ඉතිං මේක දැකල මං හම්බයෙක් , දේවදත්තයෙක් කියන අයට කියන්න තියෙන්නෙ මුලින්ම මං join උන දවස බලන්න. එදා ඉඳං අද වෙනකං මාව අඳූනන අය ඕනෙ තරම් Ek එකේ ඉන්නවා. මං මොන ජාතිකයෙක්ද මොන ආගමේද කියන දේ ඕනෙ නං හොයල බලන්න.

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හිතන්න යමක් කතාවෙ ඇත්තක් තියෙන්න පුලුවන් එහෙම වෙන්නත් ඇති හැබැයි එකෙන් මෙ ලොකෙ වෙසෙන මනුස්සයන්ට පාඩුවක් උනෙ නැහැ එකෙන් මිනිස්සුන්ට යහපත් උනා වචන වලට පෙරලන්න බැරි තමයි
    තැන්ක්ස් මචන් ලිපියට රෙප්+15
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අනිත් වැදගත් දේ තමයි බුද්ධාගම ව්‍යාප්ත උනේ කපටි රජකෙනෙක් ගෙ උවමනාවට උනත් නැතත් ඒකෙන් බුද්ධාගමේ තියෙන ගුණය අඩු වෙන්නෙ නෑ. ඉතිහාසයේ ආගමේ නාමයෙන් ලේ හෙලවුනේ නැති එකම එක ඉගැන්වීම බුද්ධාගම. ඒකෙ වාදයක් නෑ.
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    අශෝක අධිරාජ්‍යයා නිසා තමයි බුදුදහම ලෝකය පුරා පැතිරිලා යන්න අඩිතාලම වැටුනේ. ඉතින් බෞද්ධාගම පැත්තෙන් බැලුවම අශෝක අධිරාජ්‍යයා යහපත් වැඩක් කරලා තියෙන්නේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අදින් වසර 1000 කට පස්සෙ ITN, Rupavahini නිව්ස් දකින මිනිස්සු හිතයි මහින්ද කියන්නෙ අශෝකටත් වඩා ශ්‍රෙශ්ඨ රජ කෙනෙක් කියලා :D

    අනික මහින්ද මුල් ගල් තියෙන විවුර්ත කරන නාම පුවරු හැම තැනම
    තව අවුරුදු 250කින් විතර සෙල් ලිපි වගෙ වෙයි
     
    :yes: විවාදයක් නැහැ එ ගැන :cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕවා හොයලා වැඩක් තියනවද?
    ඕවාට කාලය විඩංගු කරන්නෙ නැතුව නොපමාව කුසල් රැස් කරලා හිත දියුණු කරගෙන මේ ආත්මෙදිම නිවන් අවබෝධ කරගන්න බලන්න.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පැටියා;14689891 said:
    ඕවා හොයලා වැඩක් තියනවද?
    ඕවාට කාලය විඩංගු කරන්නෙ නැතුව නොපමාව කුසල් රැස් කරලා හිත දියුණු කරගෙන මේ ආත්මෙදිම නිවන් අවබෝධ කරගන්න බලන්න.
    හා:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,647
    22,349
    113
    Gotland
    ඇත්ත කතාව මචං
    ඔයවගේ කතාවක් මම දවසක් කියල පණ්ඩිතයන්ගෙන් අහගත්තා (මෙහෙ නෙවි)
    එදත්, අදත්, හෙටත් අපිට තියෙන ඉන්දියානු "බලපැම" තමා මේකෙන් කියවෙන්නේ
    තවත් අතකින් මොළ ශෝදනයක්
    බුදුහාමුදුරුවෝ ලංකාවට 3 වරක් පැමිණ දෙසු ධර්මයට වඩා නියෝජිතයා ලොකු උනා ඒක එහෙම උනේ අශෝකගේ මොළ ශෝදනය නිසා. අපෙ අශෝක ලොක්ක තමයි බලට බුද්ධාගම එව්වේ කියල ඉන්දියන් උන්ට කියන්න පුළුවන් තත්වයක් ඇති උනා

    මේක අශෝකගේ කාලේ New World Order එක.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    lol මචන්...කතාව හොඳයි නමුත් ගැලපෙන් නෑ. ලොකු ලොකු දේවල් හිතන්න ඕනේ නෑ. බලපන් අංඟුලිමාල කතා වස්තුව. මචං බුදුදහම කියන්නේ ඉතාමත් ශ්‍රේෂ්ඨ නිර්මල දහමක්. ගොඩක් අය ඒකට පැහැදිලා සිටිනවා. අනික අනික් රටවල් අල්ල ගන්න චේතනාවේන් ඕක කරා නම් ඕක සාර්ථක වෙන් නෑ. බලපන් ඕනම කෙනෙක් බුදුදහම යොදාගෙන වැරදි චේතනාවකින් දෙයක් කරනවා නම් ඒ කෙනා නන්නත්තාර වෙනවා. අංඟුලිමාලා වගේ කෙනෙක් බුදුදහමට පැහැදුනා නම් අශෝක රජ්ජුරුවෝ ගැන කවර කතාද බං :rolleyes::rolleyes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හිතන්න යමක් කතාවෙ ඇත්තක් තියෙන්න පුලුවන් එහෙම වෙන්නත් ඇති හැබැයි එකෙන් මෙ ලොකෙ වෙසෙන මනුස්සයන්ට පාඩුවක් උනෙ නැහැ එකෙන් මිනිස්සුන්ට යහපත් උනා වචන වලට පෙරලන්න බැරි තමයි
    තැන්ක්ස් මචන් ලිපියට රෙප්+15

    අශෝක අධිරාජ්‍යයා නිසා තමයි බුදුදහම ලෝකය පුරා පැතිරිලා යන්න අඩිතාලම වැටුනේ. ඉතින් බෞද්ධාගම පැත්තෙන් බැලුවම අශෝක අධිරාජ්‍යයා යහපත් වැඩක් කරලා තියෙන්නේ.

    කොහෙත්ම පාඩුවක් උනේ නෑ. කියල නිමකරන්න බැරි වරිනා දැනුමක් ආරක්ශා උනා මිසක්. ඒක තමයි මාත් කියන්නෙ :yes:

    අදින් වසර 1000 කට පස්සෙ ITN, Rupavahini නිව්ස් දකින මිනිස්සු හිතයි මහින්ද කියන්නෙ අශෝකටත් වඩා ශ්‍රෙශ්ඨ රජ කෙනෙක් කියලා :D

    අනික මහින්ද මුල් ගල් තියෙන විවුර්ත කරන නාම පුවරු හැම තැනම
    තව අවුරුදු 250කින් විතර සෙල් ලිපි වගෙ වෙයි

    සිරා !

    පැටියා;14689891 said:
    ඕවා හොයලා වැඩක් තියනවද?
    ඕවාට කාලය විඩංගු කරන්නෙ නැතුව නොපමාව කුසල් රැස් කරලා හිත දියුණු කරගෙන මේ ආත්මෙදිම නිවන් අවබෝධ කරගන්න බලන්න.

    Forum එන්නත් එපා ගිහින් නොපමාව කුසල් රැස් කරගන්න. ගෑනු කෙනෙක්ගෙ ජංඟියක් දැම්මනං ඔය මුකුත් කතා නෑ :P :D

    ඇත්ත කතාව මචං
    ඔයවගේ කතාවක් මම දවසක් කියල පණ්ඩිතයන්ගෙන් අහගත්තා (මෙහෙ නෙවි)
    එදත්, අදත්, හෙටත් අපිට තියෙන ඉන්දියානු "බලපැම" තමා මේකෙන් කියවෙන්නේ
    තවත් අතකින් මොළ ශෝදනයක්
    බුදුහාමුදුරුවෝ ලංකාවට 3 වරක් පැමිණ දෙසු ධර්මයට වඩා නියෝජිතයා ලොකු උනා ඒක එහෙම උනේ අශෝකගේ මොළ ශෝදනය නිසා. අපෙ අශෝක ලොක්ක තමයි බලට බුද්ධාගම එව්වේ කියල ඉන්දියන් උන්ට කියන්න පුළුවන් තත්වයක් ඇති උනා

    මේක අශෝකගේ කාලේ New World Order එක.

    හැබැයි මචං මං මෙතන කියල තියෙන්නෙ පැහැදිලි කිරිමක් විතරයි. අශෝක වගේ දක්ණ බුද්ධිමත් කෙනෙක් බුදුදහම ගැන පැහැදුනා කියන එකත් වෙන්න බැරි දෙයක් නෙවෙයි

    lol මචන්...කතාව හොඳයි නමුත් ගැලපෙන් නෑ. ලොකු ලොකු දේවල් හිතන්න ඕනේ නෑ. බලපන් අංඟුලිමාල කතා වස්තුව. මචං බුදුදහම කියන්නේ ඉතාමත් ශ්‍රේෂ්ඨ නිර්මල දහමක්. ගොඩක් අය ඒකට පැහැදිලා සිටිනවා. අනික අනික් රටවල් අල්ල ගන්න චේතනාවේන් ඕක කරා නම් ඕක සාර්ථක වෙන් නෑ. බලපන් ඕනම කෙනෙක් බුදුදහම යොදාගෙන වැරදි චේතනාවකින් දෙයක් කරනවා නම් ඒ කෙනා නන්නත්තාර වෙනවා. අංඟුලිමාලා වගේ කෙනෙක් බුදුදහමට පැහැදුනා නම් අශෝක රජ්ජුරුවෝ ගැන කවර කතාද බං :rolleyes::rolleyes:

    අංඟුලිමාලව දමනය කළෙ බුදුහාමුදුරුවො මචං. අශෝක රජතුමාට බණ කිව්වෙ සාමණෙර කෙනෙක්. අඩුම තරමෙ බුදුන්ගෙ මඟ හරියටම දැකපුවත් නැති කෙනෙක්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    අංඟුලිමාලව දමනය කළෙ බුදුහාමුදුරුවො මචං. අශෝක රජතුමාට බණ කිව්වෙ සාමණෙර කෙනෙක්. අඩුම තරමෙ බුදුන්ගෙ මඟ හරියටම දැකපුවත් නැති කෙනෙක්

    හෙහෙ. මචං බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ නැති කලෙක ධර්මය දකින කෙනා බුදුරදුන්වත් දකිනවා කියන එක. අනිත් එක තමා ඔය කියන සාමණේර නම එවෙලේ බය වෙලා නෑ. ඒකයි අශෝක රජ්ජුරුවන්ට පුදුම හිතිලා තියෙන්නේ. ඒ නිසයි ඒ ගැන හේතු අහලා කාරණා පැහැදිලි කරගෙන තියෙන්නේ :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අලුත් විදිහටක හිතලා තියෙනවා.. ඕක එකපාරට බැහැර කරන්න පුලුවන් දෙයක් නෙමෙයි...:yes:
     
    Aug 18, 2011
    6,147
    789
    0
    526518_10151415497003964_247290921_n.jpg
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියේ වලි බේරන්න කියන එකෙත් යම් අත්තක් තියනවා මොකද ඒ වෙලාව කොහොමත් යුද්දයක් තිබුන වෙලාවල් නිසා දේශනා කරපු දර්මයක්වත් තේරුම් ගන්න තරම් අපේ අයට වෙලාවක් තියෙන්න නැතුව ඇති
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හෙහෙ. මචං බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ නැති කලෙක ධර්මය දකින කෙනා බුදුරදුන්වත් දකිනවා කියන එක. අනිත් එක තමා ඔය කියන සාමණේර නම එවෙලේ බය වෙලා නෑ. ඒකයි අශෝක රජ්ජුරුවන්ට පුදුම හිතිලා තියෙන්නේ. ඒ නිසයි ඒ ගැන හේතු අහලා කාරණා පැහැදිලි කරගෙන තියෙන්නේ :yes::yes:

    නිර්භීත බව කියන එක මචං ඕනෙ කෙනෙක් ගාව තියෙන්න පුළුවං

    අලුත් විදිහටක හිතලා තියෙනවා.. ඕක එකපාරට බැහැර කරන්න පුලුවන් දෙයක් නෙමෙයි...:yes:

    :)

    බින්දු;14690108 said:

    Okay :( :(
     
    • Like
    Reactions: බින්දු

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හෙහෙ. මචං බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ නැති කලෙක ධර්මය දකින කෙනා බුදුරදුන්වත් දකිනවා කියන එක. අනිත් එක තමා ඔය කියන සාමණේර නම එවෙලේ බය වෙලා නෑ. ඒකයි අශෝක රජ්ජුරුවන්ට පුදුම හිතිලා තියෙන්නේ. ඒ නිසයි ඒ ගැන හේතු අහලා කාරණා පැහැදිලි කරගෙන තියෙන්නේ :yes::yes:
    මචන් යමෙක් ධර්මය දකීද ඔහු මා කි කියල බුදු හාමුදුරුවෝ කියල තියන්නේ උපතින්ම බෞද්ධ හෝ මහන උන හෙමෝම දර්මය දකිනවා කියන එක නෙවෙයි ධර්මය නිවැරදිව දැක්ක කියන්නේ ඔහු මාර්ගපල අවබෝද කරගත් කෙනෙක් අන්න ඒ කෙනා නම් නිසැකවම බුදුන් දකිනවා
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    හිතන්න යමක් කතාවෙ ඇත්තක් තියෙන්න පුලුවන් එහෙම වෙන්නත් ඇති හැබැයි එකෙන් මෙ ලොකෙ වෙසෙන මනුස්සයන්ට පාඩුවක් උනෙ නැහැ එකෙන් මිනිස්සුන්ට යහපත් උනා වචන වලට පෙරලන්න බැරි තමයි
    තැන්ක්ස් මචන් ලිපියට රෙප්+15

    මේ උඹමද බන්? :oo: :P
    ​