Kiss Night Club හි ඇති වූ ගින්න..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Kiss Night Club හි ඇති වූ ගින්න..

    1725516825510468610e9e0052da9ce2922fe26e.jpg


    ජනවාරි 27 වැනිදා එළිවෙනකොට මුළු ලෝකෙ අස්සක් මුල්ලක් නෑරම ආරංචියක් පැතිරිලා ගියා. ඒක තමයි බ්‍රසීලයේ සැන්ටා මාරියාවල Kiss කියන Night Club එකේ 200 කට වැඩිය මැරිලා කියනෙක.

    Kiss Night Club එක පටන් අරගෙන තියෙන්නෙ 1925 දි. හරියටම තැන තමයි බ්‍රසීලයෙ සැන්ටා මාරියාවල Andrads Street එකේ.

    2013 ජනවාරි 26 වෙනිදා රෑ මේ Night Club එකේ උත්සවයක් සංවිධානය කරල තියෙනවා. මේක නම් කරල තියෙන්නෙ Agromerados කියල. හරියටම සෙනසුරාදා රෑ 11.00 වෙනකොට තමයි Party එක පටන් අරගෙන තියෙන්නෙ. ඒ වගේම තමයි Party එක සංවිධානය කරල තියෙන්නෙ විශ්ව විද්‍යාල 6ක එකමුතුවෙන් සහ මැන්ටා මාරියාවල Federal University එකේ තාක්ෂණික පාඨමාලා අංශයෙන්. Party එකේ සැලැස්මේ හැටියට කණ්ඩායම් දෙකක් සහභාගී වෙලා තියෙනවා රාත්‍රිය වර්ණවත් කරන්න. ඒව තමයි Pimenta Eseus Comparsas, Gurizada Fandangueira.

    කොහොම වුණත් 26 වෙනිදා රෑ 11.00ට විතර පටන් ගත්ත Party එක 27 වෙනිදා පාන්දර 2 – 2.30 විතර වෙනකොට ගිනිකෙළි සංදර්ශන වලින් වර්ණවත් වෙලා තිබුණෙ. ඒත් කවුරුවත්ම නොහිතපු වෙලාවක Stage එක උඩ හිටපු එක් කණ්ඩායමක සාමාජිකයෙක් ගින්දර සංදර්ශනාත්මව ඉහළට ඔසවන්න උත්සාහ කරද්දි සිවිලිමට ගිනි ඇවිළිලා තමයි මේ තරම් බරපතල විදියට ගින්න උත්සන්න වෙලා තියෙන්නෙ. බ්‍රසීල පොලීසිය කියන විදියට Gurizada Fandangueira කණ්ඩායම Perform කරන වෙලාවෙ තමයි මේ දේ වුණේ කියලා.

    මේ ගින්න නිසා 235ක් විතර සංඛයාවක් මැරිලා 165 දෙනෙක් විතර ආබාධයන්ට ලක්වෙලා තියෙනවා. මේ මියගිය අය හැමදෙනාම මියගිහිල්ල තියෙන්නෙ ගින්නට පිලිස්සිලා නෙමෙයි. ගින්න පටන් ගත්ත වෙලාවෙ ශබ්ද වාහක ඇතුරුම් ගිනි ගැනීම හින්දා එයින් ඇති වූ විෂ දුම ආශ්වාස කිරීම නිසා. සිරුරු 50කට වඩා සොයාගෙන තියෙන්නෙ Bathroom ළඟ තිබිලා. මියගිය අයගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 18 – 30 අතර කියල තමයි සඳහන් වෙන්නෙ. ගින්නට පිලිස්සිලා සහ විෂ දුම් ආඝ්‍රාණය කිරීමට අමතරව තවත් අය මැරිලා තියෙන්නෙ Club එක ඇතුලෙ සිද්ධ වුණු තෙරපීම නිසා. මේ වෙනකොට වාර්තාවෙලා තියෙන විදියට ජීවිතේ බේරගත්ත වැඩි පිරිසක් ඉන්නෙ Santa Maria University එකේ ශිෂ්‍යයන්. Club එක ඇතුලෙ ගිණිකෙලි සංදර්ශණය තිබුණත් Kiss Night club එකේ Fire Works තහනම් කරල තියෙන්නෙ 2011 අගෝස්තු මාසෙ ඉඳල තමයි ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නෙ. මේ Night Party එකට සම්බන්ධ වෙලා ජීවිතේ බේරගත්ත අය කියන්නෙ මුහුණෙ එක් පැත්තක් විතරක් පිච්චිලා හිටපු ගොඩ දෙනෙක් හිටිය කියලා. ඒ වගේම සමහර අය තමන්ගෙ ඇඳගෙන හිටපු ඇඳුම් ගලවල දාලා ජීවිතේ බේරගන්න උත්සාහ කල බවත් කියනවා.

    මේ සිදුවීම වෙනකොට බ්‍රසීල ජනාධිපති ඩිල්මා රූසෙෆ් යුරෝපා ලතින් ඇමෙරිකා සමුළුවට සහභාගී වෙන්න චිලී දේශයට සංචාරයක් ආරම්භ කරල තිබුණෙ. ඒත් ඒ සංචාරය අතරමග නතර කරපු ඇය යළිත් බ්‍රසීලයට පැමිණියා. ඒ වගේම 2014 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට ඒ වෙනකොට ඉතුරුවෙලා තිබුණෙ දින 500යි. ඒ සඳහා උත්සවයක් බ්‍රසීලියා අගනුවර පවත්වන්න තීරණය කරල තිබුණත් ඒ උත්සවය මේ වෙනකොට නවත්තල දාන්න තීරණය කරල තියෙනවා.

    ගින්නක් නිසා බ්‍රසීලයේ ඇතිවුනු දෙවැනි විශාලතම අනතුර විදියට තමයි Kiss Night Club එකේ සිඳුවීම නම් කරල තියෙන්නෙ. මීට පෙර ඇතිවුණු විශාලම අනතුර වෙලා තියෙන්නෙ 1961 දී. (Niteroi Circus Fire) මේ අනතුරින් 500ක් විතර මියගිහින් තියෙනවා.

    කොහොම වුණත් ජන.27 වැනිදා බ්‍රසීලයේ සිදුවුණු මේ සිදුවීම මේ දශකයේ සිදු වූ දරුණුම ගින්න විදියට නම් කරල තියෙනවා.

    Rajitha Basnayake
    Kasun Priyadarshana

    සිද්ධියට අයත් රූප රාමු පහල වෙබ් අඩවියෙන්..

    http://www.boston.com/bigpicture/2013/01/brazil_nightclub_fire.html
     
    • Like
    Reactions: Wthilina