Kiyawapan!

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මම මේ කතාව කියන්නේ විභාගය ෆේල් උන මල්ලිලා වෙනුවෙන් මයි.....ඔයාලා මගේ යාලුවෙක් කියලා හිතලා මම මේ කතාව කියන්නම්....එතකොට ඔයාලාගේ හිතට මාව සමීප වෙයි....

    රිසල්ට් බලන්න දෙයක් නෑ...උඹ දන්නවා උඹ ෆේල් කියලා,,,,,
    ඒක විභාගය ලියන්න කලින්,ලියල ඉවර උනහම තේරිලා ඉවරයී...
    ඔන්න ලගඳි රිසට් එනවා අල්ලපු ගෙදර ඇන්ටි ඔයට ඔයාගේ අම්ම ඉස්සරහම කියනවා...
    උඹට එන තරහා,,,,
    කුණුහරප කෝටියක් කටට එනව කියන්න,,,,
    ඇයි මල වදේ මුන්ගෙන් අපි කාලා ඇඳල ඉන්නවද....??
    ඕනේ නැති _ _ _ක් නෑ...
    උඹ අල්ලපු ගෙදර ඇන්ටිව හිතෙන් මරල ඉවරයී....
    රිසල්ට් එන්වා කියනකොටම මතක් වෙන්නේ...
    විභාග දෙපාර්තමේන්තුවට බොම්බයක් ගහන්න...
    ශික්,,,කොටි හිටියනම් කියල වැඩක් නෑ....

    මම දන්නව මල්ලි උඹේ හැටි,,,
    කොල්ලෙකුගෙ මළ ගෙයක් ,දානේ ගෙයක් මිස් කලේ නෑ...
    යලුවෙක් මොකකට හරි කතා කොලොත්...
    උඹ බොක්ක උනත් දෙන්න ගියා....
    කොල්ලොත් එක්ක එකතු වෙලා බීපු හැටි මතකද...???
    අම්මට සිරී මතක් වෙනකොටත් උඹේ දිව ටිං ටිං ගානවා නේ....
    පන්ති කට් කරලා යලුවොත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා,,
    නැත්නම් පොඩ්ඩක් සෙට් වෙන්න ගියා,,,,
    කොල්ලොත් එක්ක කලෙක්ශන් දාලයි මේක කරේ,,
    වත නැති උන්වත් උඹ ඇදන් ගියා...
    මම දන්නව මලේ උඹේ හැටි...
    එල කිරි කලේ,,,

    මේ කොල්ලෝ..
    මතක් කරපන්කො දැන් උඹ යාළු වෙලා ඉන්න පුන්චි නංගියා ගැන...???
    අන්න කොල්ලගේ හිතට දුක අතරින් පැණි හිනාවක් ආවා....
    මේ මගුල් විභාගේ නෙමෙයි,,
    මොනා නැති උනත් එකී මාත් එක්ක හැමදාම ඉන්නවා,,,
    උඹේ හිතට දැන් හිතුනේ එකයි....
    ඔන්න ඔතනට මල්ලි මම පස්සෙ එනවා....
    උඹ එකිගේ පන්ති ඉවර වෙන වෙලාවට එනවා උඹ පංති නොගිහින්..
    .උඹට එකි දැක්කත් ඇති හිත පිරෙනවා...
    උඹ ඒකිට කියන්නේ නෑ පන්ති නොගිය බවක්,,,
    කිව්වොත් වසලා හමාරයි නේ...
    උඹලා දෙන්නත් එක්ක පොඩි කයියක් දාගෙන ඉඳලා ...
    ඒකිව ඇරලන්න බස් එකෙත් යනවා...
    උඹ කොච්චර බස් පදින්න ඇතිද මල්ලී...
    පාරේ තියෙන වලක් වලක් ගනේ උඹට කියන්න පුලුවන්....
    එකිව හම්බ වෙන්න තියෙනවනම් උඹ බෙල්ල කඩන් එන බව මම දන්නවා මල්ලී....
    මේ සියලු දහ අට සන්නියක් නටන ගමන් උඹ විභාගයට සෙට් වෙන්නේ මාසයක් තියලා...
    අවුරුදු 2.5 ඒවා මාසෙන් අදින්න සක්කරයටවත් බෑ...
    උඹත් දන්නවා ඒක,,ඒත් ගෙදර මිනිස්සුන්වත් රවට්ටන්න ඕන නේ...
    කොහොහොම හරි විභාගය ලිව්වා....

    ඔන්න ගෙදර ආවහම අම්ම අහනවා මොනවද පුතේ පේපර් එකේ තිබුනේ කියලා...
    උබට අසූ හාරදාහට මළ...
    අකුරු මිසක් වෙන මොනවද...???
    උඹ අම්මට එහෙම කියලා ලිස්සලා යනවා....

    දැන් ඔක්කොම හරි ගෙදරින් බල කරන නිසා උඹ යනවා රිසල්ට් බලන්න...
    ගෙදර එන්නත් මොකද්ද වගේ ...
    ඒත් උඹ ගෙදර එනවා ..
    වෙන කොහේ යන්නද...
    මළා..!!!!!!!!
    අද තාත්තත් ගෙදර කලින්ම ඇවිල්ලා..
    ඒ මිනිස්සු පෙර මගට ඇවිත් උඹව පිලි ගන්නවා..
    ඒත් තාත්තට නම් උඹව දැක්ක ගමන් කියන්න පුලුවන්....
    මොකක් හරි අවුලක් කියලා....
    උඹ රිසට් ශීට් එක අම්ම අතට දීලා කාමරයට ෂේප් වෙනවා...

    බැනුම් කෝටියයි උඹ ඇඳේ නිදි...
    අම්මා බැන බැන කාමරේට එනවා,,
    මේ රිසාල්ට් වලින් ගමටම ලයිට් දෙන්න පුලුවන්...
    පන්ති යනවයි කියල රට වටේම දිව්වා..
    බලපන් මොනවද උඹ කරේ...
    උඹටත් මල,,මොන මොනවද උඹත් අම්මට කියෙව්වා...
    අම්මත් ටිකකින් කාමරෙන් එලියට ගියා...
    එලියට බහින්නත් මොක්ද්ද වගේ..
    කවුරු හරි ඇහුවොත් දෙන්න උත්තර නෑ....

    දැන් ඔක්කොම ඉවරයි..

    මගේ මල්ලි උඹට මම බනින්නේ නෑ..

    උඹ දැන් ගත්ත තීරනය මොකද්ද...???
    ආපහු සැරයක් විභාගේ කරනවද...???
    එහෙම තීරනය කලා නම් බැහැලා කරපන්,,,
    අපත ජේවිතේ අත ඇරපන්,,,
    ආපහු ඔය රිසල්ට් එකම ඕන නම්....
    දෙය්යන්ගේ නාමෙන් අපහු සැරයක් විභාගේ කරන්න එපා,,
    යකෝ උඹේ අම්මා පව්,,
    ඒ මනුස්සයගේ හිතේ තියෙන ගින්දර උඹට දැම්ම දැනෙනේ නෑ...
    එකට කාළයක් යනවා...
    උඹේ හැකියාව තියෙන්නේ වෙන පැත්තකටනම්...
    ඒ අංශයෙන් ඉස්සරහට පලයන්...
    ජනවාරි මාසයේ සියලු පාඨමාලා පටන් ගන්නවා...

    ඒත් මල්ලී මම උඹට කියන්නේ......
    තව පරක් විභාගේ කරන්න කියලා,,,
    බොක්කෙන්ම කරපන්,,
    උඹ වෙන ඒවා බැහැල කරනවනම්....
    ඇයි මේ පැය තුනක පේපර් එකකට පාඩම් කරල ලියන්න බැරි...
    මම උඹට බණ කියනවා නෙමෙයි...

    මල්ලි උඹ තව දුරටත් දඩ අපත ජීවිතයක් ගත කලොත්,
    උඹේ කෙල්ල උඹව දාලා යනවා...
    බොරුනම් බලපන්..
    කෙල්ලො කවද්ද මල්ලි කැමති දුක් විඳින්න..

    උඹට මම කියන්නෙ නෑ ඩිග්‍රියක් ගහන්න කියලා,,
    හැබැයි බැරි නෑ...
    උඹේ කෙල්ල උඹව දාලා ගිය දවසට උඹ විභාගේ ෆේල් උනාටත් වැඩියෙන් ජීවිතේ වැටෙනවා..
    අන්න ඒ තත්වය නැති කරගන්න පුලුවන් උඹටම විතරයි...
    මල්ලි දැන් ආදරය කියන එකත් මුදල් මත යැපෙන දෙයක්,,
    ඒක උඹට මට වෙනස් කරන්න බෑ..
    කොල්ලො අවන්කයි ඒකම මම දන්නවා...
    ආර්ථිකය තියෙනවනම් ආශ්චර්යා රායි වගේ කෙල්ලො උඹ පස්සෙන් එනවා...
    මම කියන්නේ බොරු කියලා හිතෙනවනම් මෙහෙම දෙයක් කරපන්..

    """"උඹ කාගේ හරි අදුනන කෙනෙක්ගේ හයිබ්‍රිඩ් කර් එකකින් ....
    පන්තියක් ගාවට ගිහින් ෆෝන් එකත් කනේ ගහන් බැහැපන්..
    උඹ කලින් ට්‍රයි කරලා දාගන්න බැරි කෙල්ල විතරක් නෙමෙයි ,
    එතන ඉන්න හැමදෙනාගේම අවදානයට උඹ ලක් වෙනවා...
    කොටින්ම කිව්වොත් උබට ඇන්ටි කෙනෙක් උනත් වැටෙනවා..."""

    ඔන්න ඕකයි මල්ලියේ සරළම කතාව...
    සල්ලි හම්බ කරන්න නේ අපි හැම දෙනාම මේ දහ දුක් විඳිනේ...

    ගැරජ් එකක් හරි දාගනින් තව අවුරුදු හයක් යනකොට උඹට ලොවෙත් සල්ලි හම්බ කරන්න පුලුවන්....

    තීරණය උඹේ අතේ........

    මල්ලි උඹට මම මේ කිව්වේ වැදි බණ නෙමෙයි..

    උඹට මම රහසක් කියන්නම්.....
    මටත් ඔය හැමදෙයම උනා...
    මට හැම දෙයම නැති උනා,,,
    උඹට වගේම මේ මගේත් ජීවිත අත්දැකිම්..
    ජීවිතේ දිනපන් මගෙ මල්ලි...
    උඹට පුලුවන් ඒක කරන්න ,,
    උඹට හිනා උන අයට,
    අපිව දාල ගිය අයට,,
    ජීවිතේ දිනල පෙන්නපන්.....
    හිතුවොත් කරන්න බැරි දෙයක් ලොවෙත් නෑ....
    අසරණ අම්මටයි තත්තටවයි තව කලයක් ජීවත් කරපන්...
    ඒ මනුස්සයෝ උඹ හින්දා විඳෙවා ඇති...
    මම කැමති නෑ මල්ලි උඹව අමාරුවේ වැටෙනවා බලන් ඉන්න...

    මගේ මල්ලිට ජය වේවා...
     

    N.madushan

    Member
    Jan 27, 2009
    265
    9
    0
    36
    no where
    mageth story eka meekama tama bun... ee aurudu 3kata kalin...mamath a/l fail, eeth digree ekak kara.. programing kara.. den e karapu dein hamba karanna patan gatta.. a/l kiyanne hema dema nemei.. a/l one nam kiarapan.. nethnam atha erala daala ethan indan jiwithw patan ganin.. ayeth waradinna denna epa.. hoda widiyata hamba karanna patan ganin... :)
    ela thread machan....
     

    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    math AL kiyala boruvata mage deevithe awrudu 4k vitara naasthi karaa salli kaalayai.. dan nam degree ekak karanava nibm eke.. eka nam goda.. so al karanna baha kiyala hithenavanam karanna yanna epa anik aya kiyana paliyata.. thaman kamathi puluvan deyak patten issarahata yanna al allagena inne nathuva marena thurvata,.