Kolaveri Di ගීතයේ තේරුම දන්නවද?

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    Kolaveri Di ගීතයේ තේරුම දන්නවද?

    කාලෙන් කාලෙ‍ට හමා බසින රැළි අතරෙ කොලවරි රැල්ල හමන්නට වුණා. මේක ලංකාවෙත් ජනප්‍රිය වූ තරම කිව්වොත් විවිධ නාලිකා පවා මෙය අනුකරණය කරමින් තේරැමක් නැති වචන යොදා ගී නිර්මාණය කරා. බීල කියපු තේරැමක් නැති වචන සෙට් එකක් කියල අවබෝධයක් නැතුව හිතුවට පොඩ්ඩක් අපි මෙහෙම හිතල බලමුද???:cool:


    කොලවරි කියන්නෙ දෙමළ බසින් මිනීමරැ ආවේගය. :dull:

    Why This Kolaveri Kolaveri Kolaveri di??? :rolleyes:
    තරැණයෙක් එහෙම අහනවා. ඇයි? ඔහුගෙ පෙම්වතිය ඔහුව අමතක කරල. කොල්ලා මේක දරැණු වැඩක් විදියට දකිනවා. ඌට මේකට අම්බානක තදවෙනවා. ආවේගයක් ඇතිවෙනවා.

    Why This Kolavari Kolavari Kolaveri di???

    කෙල්ලෙ ඇයි මේ තරම් දරැණු ආවේගයක්. මේ ආදර ගීතය විරහවින් ඔබ්බට ගිහින්.

    Distancela Moon nu Moon un
    Moon un Colour ru White tu

    ඩෝප් එකෙන් කියන මේකෙ තේරැම ඈත හද තියෙනවා. හදේ වර්ණය සුදුයි. මෙතනදි විශ්ව සත්‍යයක් පද රචකයා අපට කියනවා. මිනිස් ස්වභාවය ගැන.

    White tu Background nighter to night tu
    night to Colour ru black ku

    ඒ කියාපු සුදු හඳේ තියෙන වර්ණය සුදු වුණාට සුදු හඳ තියෙන රාත්‍රියේ වර්ණය කලුයි. ඇයි මේ තරම් දරුණු ආවේගයක් කෙල්ලෙ?
    හඳ සුදුයි. ලස්සනයි. ඒත් ඒ හඳ තියෙන පසුබිම කලුයි. කලු රාත්‍රියෙදි තමයි සුදු හඳ මතුවන්නෙ.

    Whitu Skin nu Girl lu Girl lu
    Girl lu Heart to Black lu​

    සුදු හම තියෙන කෙල්ලෙක් ඉන්නවා. ඒත් ඒ කෙල්ලගෙ හදවත කලුයි.

    කලුම කලු රාත්‍රිය නිසා සුද හඳ අපිට පෙනුනට අර කෙල්ලගෙ සුදු හින්දා ඇයගෙ කලු හදවත අපිට දකින්නට බැරි වෙනවා. එත් ඔහු ඒ කලු හදවත දැකල තියෙන්නෙ ප්‍රමාද වෙලයි. ඕක ඔහුට පුදුමයි. ඔහු එය පුදුමයක් නොවන බව සොබාවය දිහා බලල තේරුම් ගන්නවා. ප්‍රතිවිරැද්ධ කාරණා අපූරැ ලෙස කළ ගැලපීමක්. යින් යැංග් ලාංඡනය වගේ. ආසියානු දාර්ශනිකත්වය තුළ සුදු හා කලු අතර තිබෙන අන්‍යෝන්‍ය සබදතාව එයින් කියැවෙනවා.

    Eyes su eyesu Met tu meet to... My yu future dark ru dark ku
    Oh....Why this Kolavery di?

    නෙතට නෙතක් මුණ ගැසුණා. ඒකෙං වුණේ මගේ අනාගතය අදුරැ වුණු එකයි. ඇයි මෙතරම් රිදුම් දෙන්නෙ? ඊට පස්සෙ කොල්ලා බොන්න ගන්නවා දුකට.

    Hand la glass su
    Glass li Scotch chu
    Eyes su Full la Tear ru

    අතේ තියෙන වීදුරැවෙ විස්කි පිරී ඇත. ඒ වගේම දෑසේ කදුලු පිරී ඇත.

    Empty life fu Girl lu come mu
    Life fu reverse su gear ru

    හිස් ජීවිතයක් වෙතට කෙල්ලක් පැමිණ, ජීවිතය ආපස්සට හැරවුණා.

    Love vu love vu
    Oh my lovu
    U Showed me bow wu..​

    ආදරය ආදරය, ඔබ මගේ ආදරය. ඔබ මගෙන් සමුගත්තා. පසුව ඔහු දෙවියන් අමතමින් කියයි. මෙහි දෙවියන් Cow ලෙස හැගවේ. හින්දු ආගමේ ගවයා දෙවියෙක් සේ සළකයි.

    Cow wu Cow wu holy Cow wu
    I want you hear no wu
    God I am dying now wu
    She is Happy how wu

    උතුම් දෙවියනි. මා දැන් මියෙන්ටයි සූදානම. ඒත් ඇය සතුටින් සිටින්නේ කොහොමද?

    පැත්තක ඉදන් හිතල බැලුවාම මේක මහා ගීතයක්. ඔබත් හිතල බලන්න.​



    Bump Plzzz :yes::yes::cool:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මෙචර දෙයක් මේ සිංදුවෙ තියෙනව කියල දැන ගත්තෙත් අදයි